Header Ads

test

රට යන අත… YouTube සමීක්ෂණයෙන් හෙලිවෙයි..

  මෛත්‍රීට වඩා මහින්ද 532% කින්ද රනිල්ට වඩා මහින්ද 1250% ජනප්‍රියත්වයෙන් වැඩිය…

පසුගිය දා ශ්‍රීලංකාවේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවන් දෙකක් වන හිරු නාලිකාවේ “සළකුණ” සහ දෙරණ නාලිකාවේ 360% වැඩසටහන් සඳහා මෙරටේ ප්‍රධාන දේශපාලන බලවේග 3 මෙහෙයවන නායකයින් සජීවී වැඩසටහන් සඳහා කැදවන ලදි.
ඒ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් ය.
විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හිරු නාලිකාවේ “සළකුණ” වැඩසටහන සඳහා ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දෙරණ රූපවාහිනි නාලිකාවේ “360” වැඩසටහන සඳහා ද සහභාගි විය.
මේ වනවිට මෙම වැඩසටහන් 3 ම ලෝ සුපතල යූ ටියුබ් ජාලය youtube හරහා විකාශනය කරයි. ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 360 වැඩසටහන සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ “සළකුණ” මේ වනවිට විකාශනය වී දින 4 කි. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ “සළකුණ” විකාශනය වී 1 දිනයකි.
ඒ අනුව යූ ටියුබ් ජාලය youtube හරහා ඉහත නායකයින්ගේ වැඩසටහන් එක් දිනයක් තුල එය නරඹමින් ඒ අනුව ජනතාව විසින් ප්‍රකාශ කල කැමති අකැමැති ප්‍රතිශතය මෙන්ම එය එක් දිනයක් තුල නැරඹීමට පිවිසි ප්‍රමාණය යූ ටියුබ් ජාලය youtube වෙත පිවිසීමෙන් ඔබට ද දැකගත හැකිය.
එමෙන්ම එම වැඩසටහන් නරඹන්නන් ගේ ප්‍රතිශතය මෙන්ම එම වැඩසටහන් සඳහා ඔහුනගේ කැමත්ත අකැමැත්ත ප්‍රකාශ කල ආකාරය පහත සඳහන් වගුව අනුව (වගුව පිලියෙල කල අවස්ථාව වනවිට) ජනතාවට අවබෝධයක් ලබාගැනීමට හැකිය.
ඒ අනුව නැරඹීමට පිවිසි ප්‍රමාණයෙන් 1 වෙනි ස්ථානය මෙන්ම වැඩිම කැමත්ත මහින්ද රාජපක්ෂ මහතා වෙත හිමිව ඇත. එමෙන්ම අඩුම කැමති පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇති අතර වැඩිම අකැමැති පුද්ගලයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වී ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ වැඩසටහන මෙතනින්..
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වූ වැඩසටහන මෙතනින්..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වූ වැඩසටහන මෙතනින්..

No comments