Header Ads

test

Think for a while.....!!! හිතුවද,....


පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව
අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ
තීරණය කරන මිනිස්සු ඉන්න රටක්,

පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත්
ඒකෙන්  මනමාලිගේ පතිවත ගැන තීරණය කරන
මිනිස්සු ඉන්න රටක්,

තමන්ගේ රට ඇතුලේදිත් මවු භාෂාවෙන් කථා කරන එක
මදි පුංචි කමක් කියලා හිතන
මිනිස්සු ඉන්න රටක්,

පාර අතු ගාන මනුස්සයා පොඩි මිනිහෙක් විදියටත්
දොස්තර මහත්තයා මහා ලොකු මිනිහෙක් විදියටත් දකින
මිනිස්සු ඉන්න රටක්,

චන්දෙට අපේක්ෂකයෝ තෝරද්දි කුලේ අනුව ලිස්ට්
එක හදන රටක්,

හිතලා තීරණයක් ගන්නවා වෙනුවට
කාගේ හරි වචෙනෙකට තීරණ ගන්න
මිනිස්සු ඉන්න රටක්,

හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරනය කරන
මිනිස්සු ඉන්න රටක්,

නීතියක් තිබ්බට ඒක ක්‍රියාත්මක
කරන්න අමාරු රටක්,

රට වෙනුවෙන් තමන්ට වගකීමක්
තියෙනවා කියලා පිළිනොගන්න
මිනිස්සු ඉන්න රටක්,

කුණු දාන එක අපේ වැඩක්
කුණු අයින් කරන එක ආණ්ඩුවේ වැඩක්
කියල හිතන මිනිස්සු ඉන්න රටක්,

තමන් වැඩ කරන කොම්පැණියට
කඩේ යන මාධ්‍යයවේදීන්
ඉන්න රටක්,

වැරැද්දට විරුද්ධ වෙන එක
කොහේවත් යන ලෙඩක් ඇගේ දා ගන්නවා කියලා
හිතන මිනිස්සු ඉන්න රටක්,

හැම දේකම තියෙන්නේ
හොදක් නරකක් නෙමෙයි
පවක් පිනක් කියලා
හිතන මිනිස්සු ඉන්න රටක්,

උත්සාහ කරලා වරදින එකාට
හිනාවෙන්න බලාගෙන ඉන්න
මිනිස්සු ඉන්න රටක්,

අතීතේ ගැන පුරසාරම් දෙඩෙවුවට
වරථමානේ හිස් වෙච්ච
මිනිස්සු ඉන්න රටක්,

ලෝකෙන් ණයට අරන් හරි
කන කෑම වල ගනන් අඩු කරන්න
ඕන කියලා
හිතන මිනිස්සු ඉන්න රටක්,

ඔබ හිතුවද,....

44,791 Viewers

No comments