Header Ads

test

නිතිය හා සාමය SFට රෙජීමය ඇවිස්සෙයි.


එදා 2015 ජනවාරි 8 ජනතාව පැතුම් ගොන්නක් මැද යහපාලනය බලයට ගෙන ආවේ වෙන මොනවත් නිසා නොව එදා රාජපක්ෂ රෙජීමයේ හොරුන්ට, දුෂිතයන්ට වංචනිකයන්ට මිනීමරුවන්ට නිසි දඩුවම් දෙමින් රටට අහිමි කල අහිංසක දුප්පත් ජනතාවගෙන් ගසා කෑ මුදල් නැවත අය කර ගැනීමටය. නමුත් සිදු වුයේ එකේ අනිත් පැත්තය. ඒ හොරුන්, මිනීමරුවන්, වංචනිකයන්, දුෂිතයන් මේ ආණ්ඩුවේ සමහරක් දුෂිත දේශපාලුවන් සමග ඩිල් දැමීමය.

ඩිල්කරුවෙකු අතට ගිය පොලිසිය 

ඒ අවාසනාවන්ත මොහොතේ නිතිය හරියාකාරව ඉටු කල යුතු ආයතනය වන පොලිසිය භාර වුයේද කුප්‍රකට ඩිල්කාරයෙකුටය. ඒ අන් කවරෙකුත් නොව සාගල රත්නායකටය. ඔහු යටතේ පොලීසිය ඇතුළු අමාත්‍යංශයට අයත් විවිධ ආයතනවල අඩුපාඩු රැසක් පැවති අතර බරපතල දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට සහ මාධ්‍යවේදීන් ඇතුලු පුද්ගලයන් රැසකගේ ඝාතනවලට සම්බන්ධ කිසිවෙකුටත් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. එම නිසා පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් ජනතාව යහපාලන ආණ්ඩුවට පාඩමක් කියා දීමෙන් පසු සැබෑ යහපාලන ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට කෑ ගැසූ දේශපාලඥයන්ගේ බලපෑම මත නිතිය හා සාමය අමාත්‍යධුරයෙන් සාගලව නෙරපීමට විධායකය තීරණයත් සමග ඊට පෙර සාගල රත්නායක හදිස්සියේම ඉවත් විය.

ඉන්පසු එයට එයට රාජිත සේනාරත්න අමාත්‍යවරයා යෝජනා කර තිබුනත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු ගෙනයන සාර්ථක වැඩපිළිවෙල අඩාල නොකළ යුතු හෙයින් සේනාරත්න මහතා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසම කටයුතු කළ යුතු බවට ඔහුගේ තීරණයත් සමග නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට යහපාලන ජනතා පැතුම් ඉටු කිරීමට හඩ නැගු ප්‍රබල දේශපාලන චරිත බලපෑම් කරන ලදී.

ඒත් සමගම මෙය කල් මරමින් සිටි  ජනාධිපතිවරයාට අගමැතිවරයාට මේ තීරණයට පිටින් යාමට නොහැකි වූ අතර අද (22) සවස නිල වශයෙන් නිතිය හා සාමය ඇමතිධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට ජනාධිපතිවරයා අගමැතිවරයා එකගත්වය පල කර ඇත .

රෙජීමය ඇවිස්සෙයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය අමාත්‍යධුරයට පත් කිරීමත් සමග මහින්ද, ගෝඨාභය, බැසිල් නාමල් ප්‍රමුඛ ඒකාබද්ධය භූමිතෙල් ගැසූ ගැරඩියන් මෙන් ඇවිස්සී ඇති බවද  මහින්දගේ, ගෝඨාභයගේ, බැසිල්, නාමල්ගේ දුරකථන ඇමතුම් වලින් අරලියගහ මන්දිරය කාර්ය බහුල වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.


ගෝඨාභය, නාමල් දුරකථන ඇමතුම් 15කට අධික ප්‍රමාණයක් ...ගල රත්නායක අමාත්‍යවරයාට ගෙන ඇති බවද විටෙක නාමල් : ..ගල අයියේ පම් කියලා මේකට මොනවා හරි කරන්න යැයිද පවසා ඇති බව  වෙත තොරතුරු ලැබී ඇත. එජාපයේ දයා ගමගේ අමාත්‍යවරයා හරහා මෙන්ම විජේදාස හිටපු අමාත්‍යවරයා හරහා තරුණ සේවා සභාවේ සභාපතිවරයා හරහා අගමැතිවරයාට බලපෑම් එල්ල කරමින් සිටින බවද තොරතුරු ලැබී ඇත. ඩිලාන්, නිමල්, සුසිල් අමාත්‍යවරු මෙන්ම ශ්‍රීලනිපයේ ආණ්ඩුවේ කණ්ඩායමක් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇත.

No comments