Header Ads

test

උදේම ඡන්ද පොළට ආපු අය මෙන්න [Photos]


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුව නවනගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදී චන්දය භාවිතා කළේය. අද (10) පෙරවරුවේ ඡන්ද දායකයන් සමග පෝලීමේ සිටිමින් ඔහු ඡන්දය භාවිත කළේය. ජනපති පුත් දහම් සිරිසේන මහතාද මීට එක්ව සිටියහ.​




කොළඹ, විශ්වවිද්‍යාලයේ, විද්‍යාල මන්දිරයේ පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දින පෙරවරුවේ සිය ඡන්දය සලකුණු කළේය.

අනතුරුව අග්‍රමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය,



පළාත් පාලන මැතිවරණ ඡන්ද ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට හැකි වූයේ එක්සත් ජාතික පක්‍ෂය හඳුන්වාදුන් නව ඡන්ද ක්‍රමය නිසා බවත්, මැතිවරණ ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට සහයෝගය ලබාදුන් මැතිවරණ කොමිෂන් සභාවට සහ සමස්ථ රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම සියලූ ඡන්ද දායකයින්ට තම ස්තූතිය පළ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දින පෙරවරුවේ පැවැසීය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අද (10) දින කොළඹ, විශ්වවිද්‍යාලයේ, විද්‍යාල මන්දිරය පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව එහිදී මාධ්‍යට අදහස් දක්වමිනි. 

හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(10) උදෑසන වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය.

මහින්ද රාජපක්ෂ මහතා සමග ශිරන්ති රාජපක්ෂ මැතිණිය, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා හා  හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එක්විය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඩී.ඒ.රාජපක්ෂ මහතා හා ඩී.ඒ.රාජපක්ෂ මැතිණියගේ ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියහ.



සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා සහ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය අද (10) උදෑසන බේරුවල හෙට්ටිමුල්ල විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයට ගොස් සිය ඡන්දය ප්‍රකාශ කලා.





මේ අතර කෑගල්ල රන්වල පුරාණ විහාරස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම් අද උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කළා.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර තම්මැන්නාකුළම ශ්‍රී රතනසාර ධර්මායතනයේදී ජන්දය ප්‍රකාශ කරනු ලැබීය.



ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා අද පෙරවරුවේ මාතර ගබඩාවීදිය විජයාරාම විහාරය ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිතා කලේය.



එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද කුලියාපිටියේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. ඒ කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේදීයි.




මේ අතර අද උදෑසන නියෝජ්‍ය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද සිය ඡන්දය ප්‍රකාශ කළා. ඒ බදුල්ල පිටවලගම ඡන්ද මධ්‍යස්ථානයේදී.




 ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානිපෙ නායක විමල් වීරවංශ අද උදෑසන (10) දින හෝකන්දර දකුණ, රාමනායක මාවතේ, සිරි සුසිල ධර්ම නිකේතන ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය භාවිතා කළා.


57,487 Viewers

No comments