Header Ads

test

NOC ඇත්තෝ FCIDය ට ගෙනයන ලකුණු !


ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) පසුගිය අවුරුදු කිහිපයේ සිදුව ඇති බවට සැක කෙරෙන මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීමට ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් සූදානම් වන බව වාර්තා වේ.
මේ පිරිස පෙබරවාරි 06 දිනයේ ජ්‍යෙෂ්ඨ නීතීඥයන් පිරිසක් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව පැවසේ.
ප්‍රශ්නගත මුදල රුපියල් මිලියන 100කට ආසන්න බවද මේ අතර වාර්තා වේ.
දූෂණය පිටු දැකීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවලට සහය දැක්වීමක් ලෙස සිදු කිරීමට යන මේ කටයුත්තට ජනාධිපතිවරයාගේද ආශිර්වාදය ලැබී ඇති බවද වාර්තා වේ.
එම පැමිණිල්ල මගින් ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් හා විගණකාධිපතිවරයා වග උත්තරකරුවන් කිරීමට සූදානම් වන බවද පැවසේ.
මෙහිදී අදාළ පැමිණිල්ල මගින් රුපියල් මිලියන 3ක් ඕස්ට්‍රේලියානු පුහුණුකරුවකුට කිසිදු ගිවිසුමකින් තොරව ගෙවීම, රුපියල් මිලියන 23ක් සඳහා සාක්ෂි ඉදිරිපත් නොකිරීම, රුපියල් මිලියන 52ක් සඳහා ගිවිසුම් හෝ ටෙන්ඩර් පටිපාටියකින් තොරව කටයුතු කිරීම, හොකී සම්මේලනයට ගෙවන ලද රුපියල් 149,300 ක චෙක්පත එම ගිණුමට ආදාල කාලයේදී බැර නොවීම, ණය පත් (Credit Cards) දෙක සඳහා වන උපරිම ණය සීමා රුපියල් ලක්ෂය හා රුපියල් ලක්ෂ 03 කිසිදු අවසරයකින් තොරව භාවිතා කිරීම හා මුදල් පොත් නිසියාකාරව භාවිතා නොකර රුපියල් 1,266,434ක් නිසි අවසරකින් තොරව භාවිතා කිරීම යන කරුණු සම්බන්ධයෙන් සොයා බලන ලෙස මේ පැමිණිල්ල සිදු කිරීමට නියමිතය.
රුපියල් මිලියන 3ක් ඕස්ට්‍රේලියානු පුහුණුකරුවකුට කිසිදු ගිවිසුමකින් තොරව ගෙවීම
AC1
රුපියල් මිලියන 23ක් සඳහා සාක්ෂි ඉදිරිපත් නොකිරීම
Ac2
රුපියල් මිලියන සඳහා සාක්ෂි ඉදිරිපත් නොකිරීම, රුපියල් මිලියන 52ක් සඳහා ගිවිසුම් හෝ ටෙන්ඩර් පටිපාටියකින් තොරව කටයුතු කිරීම.
AC3
හොකී සම්මේලනයට ගෙවන ලද රුපියල් 149,300 ක චෙක්පත එම ගිණුමට ආදාල කාලයේදී බැර නොවීම. / ණය පත් (Credit Cards) දෙක සඳහා වන උපරිම ණය සීමා රුපියල් ලක්ෂය හා රුපියල් ලක්ෂ 03 කිසිදු අවසරයකින් තොරව භාවිතා කිරීම.
ACC5
මුදල් පොත් නිසියාකාරව භාවිතා නොකර රුපියල් 1,266,434ක් නිසි අවසරකින් තොරව භාවිතා කිරීම.
Acc6

No comments