Header Ads

test

Idiots ලා විනාශ කරන 3Iidiots ලොකේෂන් එක


කරීනා කපුර් රතුපාට සාරියකින් සැරසිලා ස්කුටර් එකකින් සුදු වැලි තලාවක් හරහා එනවා. අමීර් ඛාන් පුදුමයෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා . 3 Idiots චිත්‍රපටිය නරඹා ඇත්නම් මේ දර්ශනය ඔබට හොඳින් මතක ඇති. මේ දර්ශනය ඇතුළත් වෙන්නේ චිත්‍රපටය අවසාන රූප රාමු තුළයි.
මෙය රූගත කර තිබෙන්නේ ජම්බු කාෂ්මීර්හි පිහිටි ලඩාක් ප්‍රදේශය තුළයි. එම ජලාශය හඳුන්වන්නේ Pangong නමිනුයි.
චිත්‍රපටය රූපරාමු තුළ අවට තිබුණු පරිසරය ඔබට මතකද? නිල්පාට වතුර පිරුණු නොගැඹුරු ජලාශයක්. පෙනෙන තෙක් මානයේ වටේටම සුදු වැලි පිරුණ කඳු වැටියක්.
මේ ප්‍රදේශය ඊට පෙරත් විවිධ චිත්‍රපටි සඳහා යොදාගෙන තිබුණා. ඒත් 2009 වසරේදී 3idiots චිත්‍රපටය තිරගතවීමත් එක්ක ඉන්දියාවේ නව පරපුරේ අවධානය මේ ප්‍රදේශය වෙත යොමු වෙනවා. චිත්‍රපටය තිරගතවෙන්න පෙර මේ ප්‍රදේශයට පැමිණෙන වාර්ෂික සංචාරයන් ප්‍රමාණය 400000ක් විතර වෙනවා. චිත්‍රපටය තිරගතවෙලා වසර තුනක් ඇතුලත ඒ ප්‍රමාණය හතර ගුණයකින් වැඩි වූ බව පැවසෙනවා. මේ වනතෙක් ඒ ප්‍රමාණය අඩුවක්නම් වෙලා නැහැ. චිත්‍රපටය සඳහා පසුබිමක වූ Pangong ජලාශය සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්වූ ස්ථානයක්.
2 2















එදා පෙනෙන තෙක් මානයේ සුදු වැලි පිරුණු කඳු වැටි වලින් වටවූ නිල් පැහැති ජලය පිරුණු ජලාශය අද වනවිට සංචාරකයන් බැහැර දමන කැලි කසළ හේතුවෙන් අපිරිසිඳු වී අවසන්. එසේම සුදු පැහැති වැලි කඳු මත කැලි කසළ කඳු දැකගත හැකියි.
මෙහි පැමිණෙන සංචාරකයන්ට 3idiots චිත්‍රපටයේ අවසන් දර්ශනයේ ඇති ආකාරයට ජායාරූප ලබාගත හැකි ආකරයට පහසුකම් සලසන ස්ථානවලින් පිරීගොස් තිබේ. ඊට අමතරව චිත්‍රපටයේ නම් සදහන් අවන්හල් සිය ගණනක් ඒ ප්‍රදේශය වහගෙන පැතිර ඇත. සංචාරක හෝටල් සිය ගණනින් ඉදිවෙමින් පවතියි. .
මේ විනාශය ගැන අදහස් දක්වන ලඩාක් ප්‍රදේශයේ වැසියන් පවසන්නේ වෙනදා තමන් පානය සඳහා යොදාගත් ජලය පිරුණු ඇළ දොළ දැන් පාවිච්චියට ගත නොහැකි වී ඇති බවයි. ඊට අමතරව මේ ප්‍රදේශයේ ජීවත්වූ සතුන්ද වඳවී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා.
3id
57,991 Viewers

No comments