Header Ads

test

සුචරිතවාදී ගම්මන්පිලගේ කෙළි සියල්ල එළියට – (EXCLUSIVE)


මේ දිනවල පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල රට ජාතිය ආගම ගැන වැඩි වැඩියෙන් කතා කරන්නට ගෙන ඇත. ඒ අතර ඔහු ඉතිහාසයේ සිදුවීම් සිහිපත් කරයි. ඒ සිදුවීම් ඒ ආකාරයෙන් නැවත සිදුවිය හැකි බව ද සඳහන් කරයි. ඒ ගැන කියමින් සිංහල බෞද්ධයා වෙනුවෙන් අන්‍ය ජාතීන් මඩින්නට මෙරට ගිහි උපාසක උපාසිකාවන්ට දන්වයි.
ඒ අතර රට නොබෙදා බලය බෙදා රටේ ජනතාවට සාමය ස්ථාවර කරන සංහිඳියාව තහවුරු කරන ව්‍යවස්ථාවකට තමන් වහන්සේ එකඟ බව මල්වතු පාර්ශ්වයේ මහා නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සඳහන් කළ විට ගම්මන්පිල සිය ජාතිවාදී හා ආගම්වාදී ආමන්ත්‍රණය සංඝ සමාජය වෙත යොමු කරයි. ඊට ද ඔහු යොදා ගන්නේ 1193 මහමුද් බක්තියාර් කල්ජි මගධය ආක්‍රමණය කර නාලන්දාව වැනසූ පුවතය. එසේම ක්‍රිස්තු පූර්ව 2වන සියවසේ සිට කුඩාපොළ හිමියන් දක්වා නිදර්ශනයට ගනිමින් ගම්මන්පිල සංඝ සංස්ථාවට දන්වන්නේ ‘මංකොල්ලයේ නොදෙන නමුත් ආත්මාරක්ෂාවට සටන් කිරීම සිංහල බුද්ධාගමයි’ කියාය.
එයින් පෙනෙන්නේ මේ වනවිට ගම්මන්පිල ගිහියන්ට පමණක් නොව මේ වනවිට සංඝ සංස්ථාවටද මාපිල් දේශනාව කරන්නට ගෙන ඇති බවය. වසර තිහකට අධික කාලයක් අන්ත ජාතිවාදයෙන් සහ ආගම් වාදයෙන් ආන්තිකවූ සමාජයක සිටින ඇතැමුන් රට ජාතිය ආගම අනතුරේ කියමින් දෙසන මේ මාපිල් දේශනාව නිසා සිහිය විකල්කරගන්නට ඉඩ ඇත. ඒ හේතුවෙන් හිරේ විලංගුවේ වැටෙන තැනට පත්වෙන්නට ද ඉඩ ඇත.
එනිසා ඒ දුහුනන් දනන් පිණිසම ගම්මන්පිලගේ මාපිල් දේශනාවේ ඇත්ත අපේක්ෂාව හෙළිකරන්නට අප තීරණය  කළෙමු.ගම්මන්පිලට සෙනසුරු දසාව සුදුවතින් නිතර සැරසී රට ජාතිය ආගම ගැන දෙසන ගම්මන්පිල මන්ත්‍රීතුමාගේ සුදු වතෙන් වැසූ කළු ගත එළියට එන්නේ 2015 ජනාධිපතිවරණ සමයේදීය. ඒ ඕස්ටේලියානු ජාතික බ්‍රයන් ෂැඩීක් සතු වූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් ඔහුගේ අනුදැනුමකින් තොරව ගම්මන්පිල විසින් කූට ලේඛන සකසා විකුණා දමා ඇති බව දැක්වුණු පුවතත් සමඟය. එසේම දේශපාලන බලය භාවිතා කරමින් බ්‍රයන් ෂැඩීක් හට ලංකාව නොපැමිණෙන ලෙසට ගම්මන්පිල තර්ජනය කර ඇති බව ද එසමයේ අසන්නට ලැබිණ. එදා ඒ කතා වලට ගම්මන්පිල උත්තර දුන්නේ මේ කතා දේශපාලන මඩ බව පවසමින්ය. ඒ මඩ ප්‍රචාරයේ මහමොලකරු ලෙස හැඳින්වූයේ චම්පික රණවක අමාත්‍යවරයාය. ඒ අතර බ්‍රයන් ෂැඩීක්ගේ ලංකාවේ නියෝජිතයා ලෙස ලසිත පෙරේරා නම් අයෙකු ඉදිරිපත් වූ අතර ඔහු ද දිගින් දිගටම පවසා සිටියේ සිය සේවාදායකයාට පෑන් ඒෂියා බැංකුවේ  කොටස් තිබූ බවත් ගම්මන්පිල විසින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදා ගනිමින් ඒවා විකුණා මුදල් වංචා කර ඇති  බවය.
මේ පිළිබඳ 2015.08.20 දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්මන්පිල පවසා සිටියේ පොලීසිය ද සොයාගෙන ඇති පරිදි තමාට කිසිම දිනෙක බ්‍රයන් ෂැඞ්ඩික් විසින් ඇටර්නි බලපත්‍රයක් ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් නැති බවය. එසේ අවස්ථා ගණනක දී “බ්‍රයන් ෂැඞ්ඩික් නැමැති පුද්ගලයාට පෑන් ඒෂියා බැංකුවේ කොටස් කිසිම දවසක තිබිලා නැහැ. ඔහුගේ ඒවා හොරකම් කරන්න ඔහුට මුලින්ම කොටස් තිබිය යුතුයි” යනුවෙන් පවසන්නට යෙදින. “ප්‍රශ්න කරන්නවත් පදනමක් නැහැ. කොටස් තිබ්බ නැති කෙනෙක් කොටස් විකුණාගත්තයි කියන්නේ රත්තරං මාලයක්  තිබ්බ නැති කෙනෙක් අනේ මගේ මාලේ කඩං ගියෝ කියලා පොලීසියට ගියාම පොලීසිය හොයාගත්තොත් එයාට මාලේ තිබ්බේ නෑයි කියලා, හොරා කවුද කියලා හොයන්න යන්නේ නැහැ. එච්චර සරලයි වැඩේ.” 2015 නොවැම්බර් 02 වන විටත් ගම්මන්පිල චෝදනා සරල කරගන්න ගියේ එසේ කියමින්ය.
එහෙත් එහෙම සරලකර ගන්නට ගිය ගම්මන්පිලට වැඩේ සංකීර්ණ වන්නේ අදාළ චෝදනා සම්බන්ධව ගම්මන්පිලට එරෙහිව නඩු පවරන්නට නීතිපතිවරයා කටයුතු කිරීමත් සමඟය. ඒ 2016 අගෝස්තු 30 වනදාය. ඊට අනුව ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කරමින් සමාගමක ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කළ බවට සහ රුපියල් මිලියන විසි එකක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු දෙකක් වෙන් වෙන්ව පැවරීය. අධිචෝදනා 6ක් යටතේ නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව පවරා ඇති නඩු දෙකේ රුපියල් මිලියන 21ක් සම්බන්ධව සාපරාධී විශ්වාස කඩකිරීම, ඊට අනුබල දීම ඇතුළු අධි චෝදනා හතරක් යටතේ පවරා ඇත. එම නඩුවේ ගම්මන්පිලට අමතරව ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ නොහොත් සිඩ්නි ජයසිංහ යන අය ද විත්තිකරුවකු ලෙස නම් කර ඇත. ඒ අනුව එක් නඩුවක් ගම්මන්පිල මහතාට පමණක් එරෙහිව වන අතර ඊට අනුව 2000ජුලි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනක දී පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කර ඩිජිටල්හොමිනිස් පෞද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ ව්‍යාපාර කොටස් ධම්මික පෙරේරා නැමැත්තෙකුට විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කිරීම ඇතුළු අධි චෝදනා දෙකක් එල්ලකර ඇත.
එසේම 1996 සැප්තැම්බර් 26 හා 1997 සැප්තැම්බර් 23 අතර කාලයේ දී රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධව සාපරාධී විශ්වාසය කඩ කිරීම, ඒ සඳහා අනුබල දීම හා එම මුදල සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට දණ්ඩ නීති සංග්‍රහයේ 113, 102, 389 හා 459 යන වගන්ති යටතේ අධි චෝදනා හතරක් මත ගම්මන්පිල සහ සිඞ්නි ජයසිංහට එරෙහිව අනෙක් නඩුව හරහා නීතිපතිවරයා චෝදනා නඟා ඇත. එම චෝදනා ඔප්පු කිරීම සඳහා ලේඛන 13ක් හා සාක්කිකරුවන් 21ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී ඇත. එම නඩුවට අදාළව මෙතෙක් පැවති නඩුවාර කිහිපයක දී අදාළ විදේශිකයාගෙන් ද සාක්ෂි සටහන් කරගෙන ඇත. නඩුවේ චූදිතයන් වන ගම්මන්පිල මහතා හා ඔහුගේ ව්‍යාපාරික සගයා වන සිඩ්නි ජයසිංහ යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයන් දෙකක් ද ලබා දී ඇත. මාධ්‍ය හමුවේ මුඛරි කතා කියමින් වචනවලින් මැජික් හරඹ කළ ගම්මන්පිලගේ මාපිල් කෙළි එළියට එන්නේ එම දිවුරුම් ප්‍රකාශ දෙක හරහාය. ඒ දිවුරුම් ප්‍රකාශවලින් ගම්මන්පිල අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ මේ දක්වා ඔහු විසින් ඊට පෙර මාධ්‍යවලට  ප්‍රකාශ කරනු ලැබූ කතාවලට හාත්පසින්ම වෙනස් කතාවක් වන නිසාය. මේ ඊට සාක්ෂිය.
(උපුටාගැනීම 1 – උදය ගම්මන්පිලගේ දිව්රුම් ප්‍රකාශය – (8 පිටුව) ‘වර්ෂ 1997 දී සහ වර්ෂ 2000දී පෙත්සම්කරුගේ ඇටර්නි බලකරය භාවිතා කර ඩිජිටල් නොමිනීස් ලිමිටඞ් ආයතනය සතුව පැවති කොටස් අලෙවි කිරීම’ 39. පෙත්සම්කරු (උදය ගම්මන්පිල) ප‍්‍රකාශකර සිටින්නේ ඉහත කී වාර්ෂික මහා රැස්වීමෙන් අනතුරුව ඩිජිටල් නොමිනීස් සීමාසහිත සමාගම විසින් පෙත්සම්කරු (උදය ගම්මන්පිල) සතුව පැවති ඇටර්නි  බලපත‍්‍රයෙන් මිලදී ගත් කොටස් මිලියන 2,100,000 වර්ෂ 1997.12.04 වන දින වනික් ඉන්කෝපරේෂන් ලිමිටඞ් සමාගමට විකුණා ලබාගත් මුදලින් 6 වන වග උත්තරකරු (ජේ.සී.පී. ජයසිංහ) පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලදී ගැනීමට ලබාගත් මූල්‍ය පහසුකම්වලින් (ණය) කොටසක් සමතයට පත් කරනා ලද බවය.
ඒ අනුව ගම්මන්පිලගේ දෙබිඩි කතා පැහැදිළිය. ගම්මන්පිල 2015-08-20 මෙන්ම ඊට පෙරද සඳහන් කර සිටියේ ඕස්ට්‍රේලියානු ජාතිකයාට පෑන් ඒෂියා බැංකුවේ කොටස් නොතිබූ බවය. එමෙන්ම ඔහු තමා වෙත ඇටර්නි බලපත්‍රයක් ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට පොලීසියම සොයා ගෙන නැති බවය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයේ ඇත්තේ ගම්මන්පිලට ලබා දී තිබූ ඇටර්නි බලපත්‍රයකින් මෙම කොටස් මිලදී ගත් බවත්, එම කොටස් එයින්ම විකුණා දැමූ බවත්ය. ප්‍රිය පාඨකය, ගම්මන්පිලගේ දෙබිඩි කතාවේ සාක්ෂි එතනින් අවසන් නැත.
උපුටාගැනීම 2 – උදය ගම්මන්පිලගේ දිව්රුම් ප්‍රකාශය – (9 පිටුව) “ඒ. පෙත්සම්කරු (උදය ගම්මන්පිල) තවදුරටත් ප‍්‍රකාශකර සිටින්නේ 6 වන වගඋත්තරකරුගේ අරමුදල් යොදා ඔහුගේ (ජේ.සී.පී. ජයසිංහගේ) ඇටර්නි බලපත‍්‍රය මගින් ඩිජිටල් නොමිනීස් සමාගමට මිලදී ගත් කොටස් 2,000,000 ක් පෙත්සම්කරුගේ (උදය ගම්මන්පිලගේ) ඇටර්නි බලපත‍්‍රය භාවිතා කර 2000.07.24 වන දින ධම්මික පෙරේරා මහතා හට විකිණූ බවය.“බී. පෙත්සම්කරු ප‍්‍රකාශ කර සිටින්නේ ඉහත කී කොටස් විකිණීමෙන් ලබාගත් මුදල් 6 වන වග උත්තරකරුට (ජේ.සී.පී. ජයසිංහට) ලබා දුන් බවයි.” ඒ අනුව මෙම වගන්තිවලින් ගම්මන්පිල පවසන්නේ කුමක්ද යන්න පැහැදිලිය. ඒ තමාගේ ඇටර්නි බලපත්‍රයෙන් විදේශිකයාගේ සමාගමට මිලදී ගත් පෑන් ඒෂියා බැංකුවේ  කොටස් මිලියන 2.1 ක් තමා විසින්ම විකුණා දමා එම මුදල් සිය සගයා වන සිඞ්නි ජයසිංහ මහතාට ලබා දුන් බවය. ඊට අමතරව සිඩ්නි ජයසිංහ සතුව තිබූ වෙනත් ඇටර්නි බලපත්‍රයෙන් පෙර සඳහන් කළ විදේශිකයාගේ සමාගමටමවෙනම මිලදීගෙන තිබුණු තවත් පෑන් ඒෂියා බැංකුවේ තවත් කොටස් මිලියන 2 ක් ද තමාගේ ඇටර්නි බලකරයෙන් විකුණා දැමූ බවත් හා එම මුදල්ද සිය සගයා වන ජේ.සී.පී. ජයසිංහට ලබා දුන් බවය.
එපමණක් නොව මෙම කොටස් විකුණා මුදල් ලබාගත් බවත් ඒ මුදල්වලට කුමක් කළේ ද යන පැනයටද පිළිතුරු ශ්‍රේෂ්ඨාධිකරණට ලබාදුන් දිවුරුම් ප්‍රකාශ වෙතින් හෙළිවේ. උපුටාගැනීම 3 – ජේ.සී.පී. ජයසිංහගේ දිව්රුම්ප්‍රකාශය – (2 වන පිටුව) “12. මා ප‍්‍රකාශකර සිටින්නේ ඩිජිටල් නොමිනීස් සීමාසහිත සමාගම සතුව පැවති කොටස් මිලියන 2 උදය ගම්මන්පිල මහතාගේ ඇටර්නි බලපත‍්‍රය භාවිතා කර ධම්මික පෙරේරා මහතාට විකිණූ බවත්, එකී විකිණීමෙන් ලත් මුදල් උදය ගම්මන්පිල මහතා විසින් මා වෙත ලබා දෙන ලද බවය.” “14. මෙම සිදුවීම සිදුවූයේ වසර 16 කට පෙර වන අතර මා හට දැන් වයස අවුරුදු 73 කි. ඒ නිසා මා හට හරියටම කොටස් විකුණා ලබා දුන්  මුදල්වලට මම මොනවද කළේ යන්න කීමට මතක නැත.
හිරුනිකාගේ අභියෝගය
ගම්මන්පිලගේ මේ දෙබිඩි කතා පසුගියදා මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. 2017 ඔක්තෝබර් 11 වැනිදා පැවති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී ඇය ගම්මන්පිලගේ කතා ඇතුලත් වීඩියෝපට ද යොදාගෙන ඒ බව ප්‍රසිද්ධ කළ අතර ගම්මන්පිලට අභියෝගයක් ද එල්ල කළාය. ඒ උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා පසුගිය දිනවල මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් තමාට විරුද්ධව නඩු තීන්දුවක් ලබා ගත් බවට මහා බොරුවක් පැවසු බවත් ඉදිරියේ දී අධිකරණයේ දී වුවත් මේ කාරණා පෙන්වා දීමට තමන් සූදානම් බවත් පවසමින්ය. එසේම ගම්මන්පිලට එරෙහිව තවත් චෝදනා රැසක් ද ඇය එහි දී එල්ලකර සිටියාය. ඒ දේශප්‍රේමී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාගේ බිරිඳ සහ දරුවන් ඕස්ටේ්‍රලියාවේ ජීවත් වන බවත්, රුපියල් පනස්දහසක මාසික වැටුපක් ලබන උදය ගම්මන්පිල මහතා, දරුවන් දෙදෙනා පාසල් යැවීමට පමණක් මසකට ලක්ෂ ගණනක් වැය කරන බව පවසමින්ය. එසේම ඇල් වතුරත් නිවා පානය කරන ගම්මන්පිල මහතා වරක් සිරගතව සිටිය දී, සිඞ්නි ජයසිංහගේ පුතා වන අමිල ජයසිංහ කකුල් වල සල්ලි මිටි බැඳගෙන බන්ධනාගාර නිලධාරීන්ට අල්ලස් දීමට ගොස් හසුවූ බවද එහි දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අනාවරණය කර සිටියාය.
ඔස්ට්‍රේලියාවේ කෝටි 78 ක දේපළ
මේ අතර ගම්මන්පිල විසින් තම හිතවත් වෛද්‍යවරු දෙදෙනෙක් යොදාගනිමින් රුපියල් ටි 78 කට වැඩි මුදලක් වැය කරමින් ඕස්ට්‍රේලියාවේ දේපළ මිලදී ගැනීමක් සම්බන්ධවද චෝදනාවක්ද එල්ල වී ඇත. ඒ බව හෙළිදරව් වූයේ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශය (SIU) දැනුවත් කරමින් අදාළ තොරතුරු සහ සාක්ෂි ලබා දීම සමඟය. එහි දී නාමල් රාජපක්ෂ මහතා විසින් පොලිස් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ වෙත යොමුකරනු ලැබූ සවිස්තරාත්මක ලිපිය මාධ්‍ය වෙත ද නිකුත් කර තිබේ. ඒ 2017 – 10 – 12 කොළඹ පැවැත්වූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදීය. ඊට අනුව NO 03, Austral Court Wheelers Hill Vic 3150 3150 හි පදිංචි වෛද්‍ය සමන් අලුත්බදුගේ සහ වෛද්‍ය අබේකෝන් ගුණරත්න යන අය එක්ව සමන් සහ අබය පුද්ගලික සමාගම නමින් සමාගමක් ඕස්ටේ්‍රලියාවේ ලියාපදිංචි කර (ලියාපදිංචි අංකය 13/2/14ABN 168039147) ඇත. එසේම එම සමාගම නමින් විශාල දේපළ ප‍්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත්, එම දේපළවල වත්මන් වටිනාකම ශ‍්‍රී ලංකා රුපියල් 781,538,385.97ක් පමණ වන බවද  නාමල් රාජපක්ෂ මහතා විසින් පොලිස් විමර්ශන ඒකකය වෙත යොමුකරනු ලැබූ ලිපියේ සඳහන්ය. මෙම ලිපිය හරහා නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටින්නේ වෘත්තියෙන් වෛද්‍යවරුන් වන ඉහත කී අයවලුන් හට ඕස්ටේ්‍රලියාවට ගොස් වසර කිහිපයක් තුළ අදාළ මිලදීගැනීම් කිරීමට තරම් මුදලක් උපයා ගැනීම කළ නොහැකි බවය. එසේම ඔස්ටේ්‍රලියානු ජාතික ව්‍යාපාරිකයෙක්ට අයත් මුදල් හා දේපළ කූට ලේඛන සකස් කර විකුණා කෝටි ගණණක මුදල් වංචා කිරීම පිළිබද කොළඹ මහාධිකරණයේ නඩු දෙකක් විභාගවෙමින් පවතින පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා හා ඔවුන් අතිසමීප මිතුරන් බව ද නීතීඥ නාමල් රාජපක්ෂ සිය ලිපිය මඟින් පෙන්වා දී ඇත. එසේම මෙම කරුණු අනුව අදාළ දේපළ මිලදී ගැනීමට භාවිත කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල විසින් ශ‍්‍රී ලංකාවේ අයථා ලෙස උපයන ලද මුදල් දැයි සාධාරණ සැකයක් ජනතාව තුළ මතුව ඇති බව ද රාජපක්ෂ මහතා සිය ලිපියේ පෙන්වා දී ඇත.
නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ලිපිය මගින් ඉදිරිපත් කළ එසේ මිලදී ගෙන ඇති දේපළ
පහත පරිදිය
Property 1• 5 CAMPBELL STREET DANDENONG VIC 3175
Bought for• $330,000 + Stamp Duty (Loan• $110,000)
Date • 02 November 2012
Property 2• THOMAS STREET PAKENHAM VIC 3810
Bought for• $341,000 ¤ Stamp Duty (Loan • $125,000)
Date • 1 September 2013
Property 3• HOUSE 28$11$09, 3 AUSTRAL COURT WHEELERS HILL 3150
Bought for• $542,000 + Stamp Duty
Date • 28 November 2009
Property 4• MOUNTAIN HILL ^3300sqm&
Bought for• $2,750″000 + Stamp Duty
Additional Expenditure • Renovation $500,000
ඉහත සඳහන් දේපලවල වර්තමාන වටිනාකම ආසන්න වශයෙන් දක්වා ඇත්තේ මෙසේය.
Property 1• 5 CAMPBELL STREET DANDENONG VIC 3175
ඩොලර් 5000,000 (ලංකා රුපියල් 60,115,775.40)
Property 2• THOMAS STREET PAKENHAM VIC 3810
ඩොලර් 5000,000 (ලංකා රුපියල් 60,115,775.40)
Property 3• HOUSE 28$11$09″ 3 AUSTRAL COURT WHEELERS HILL 3150
ඩොලර් 5000,000 (ලංකා රුපියල් 180,380,631.97)
Property 4• MOUNTAIN HILL (3300sqm)
ඩොලර් 4,000,000 (ලංකා රුපියල් 480,926,203.20)ක් ලෙස නීතීඥ නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ලිපියේ සඳහන්ව ඇත.
ඒ අනුව මේ සියලු දේපළ වල වටිනාකම එකතුව ඕස්ට්‍රේලියානු ඩොලර් 6,500,000 (ලංකා රුපියල් 781,538,385.97) ක් ලෙස නීතීඥ නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ලිපියේ සඳහන්ව ඇත.
එපමණක් නොව, වෛද්‍ය සමන් අලුත්බදුගේ යන අය විසින් මහල් නිවාස සංකීර්ණ දෙකක් ඕස්ට්‍රේලියාවේ ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත යවන ලද ලිපියේ සඳහන්ව ඇත.
බිරිඳ හා දරුවන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ බිරිඳ වන දිනේෂා දිල්රුක්ෂි සහ දරු දෙදෙනා මේ වනවිට ජීවත් වන්නේ ඕස්ටේ්‍රලියාවේ බවත් ඔවුන්ට ඕස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය අත්කර දීමට ගම්මන්පිල කටයුතු කර තිබෙන බවද නීතීඥ නාමල් රාජපක්ෂ මහතා ඔක්තොම්බර් 12 පැවැත්වූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේදී අනාවරණය කර සිටියේය. එහි දී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අධිකරණයට අවශ්‍ය කර සිටින උදය ගම්මන්පිලගේ බිරිඳෙ වන දිනේෂා ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ නතරවී සිටිනුයේ ඉහත සඳහන් කෝටි 78 කට වැඩි දේපල මිලදීගැනීමට සම්බන්ධ එක් වෛද්‍යවරයෙකුගේ නිවසේ බවය.
බිරිඳටත් චෝදනා
එසේම ගම්මන්පිල මහතාගේ බිරිඳ විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් වාහනයක් පදවාගෙන ගොස් පුද්ගලයෙකු අනතුරට ලක්කිරීමක් සිදුකර තිබෙන බවත්, එය දේශපාලනික බලය භාවිත කරමින් යටපත් කර තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා එහි දී අනාවරණය කර සිටියේය. ඒ සම්බන්ධයෙන් තමා පැමිණිල්ලක් සිදුකොට තිබෙන බවත් ඊට අනුව මිරිහාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේය. එපමණක් නොව ගම්මන්පිල මහතාගේ බිරිඳ විසින් රාජ්‍ය සම්පත් අයථා ලෙස පරිහරණය කිරීමත්, ඒවාට අලාභ හානි කිරීමත් සිදු කළ ද මේවන තුරුත් එය අයකරගැනීමට කටයුතු කර නැති බවද නාමල් රාජපක්ෂ මහතා එහි දී සඳහන් කර සිටියේය.
සුර්ය බලාගාර මගඩිය
එයින් නොනවතින නාමල් රාජපක්ෂ මහතා සිය ලිපිය හරහා ගම්මන්පිල සහ සිඞ්නි ජයසිංහ එකතුව පසුගිය පාලන සමයේ සිදුකළ බව කියන තවත් අක්‍රමිකතාවක් ගැනද එම ලිපිය හරහා හෙළිකර ඇත. ඊට අනුව ගම්මන්පිල සමඟ සිරගතව සිටි සිඞ්නි ජයසිංහ 2013 – 05 – 02 දින ්- 27170 සහ A – 27160 ලෙස සුර්ය බලශක්ති ව්‍යාපෘති දෙකක් ඉදිරිපත් කර ඇත. ්බරදරජයස බුරුතකන් ද සහ සරසිය බුරුතකන්ද නම් මෙම ව්‍යාපෘති දෙක තාක්ෂණික කමිටුව විසින් ද අසමත් කර ඇත.
මීට අමතරව ගම්මන්පිල කාර්යාලයක් පිහිටුවීමට රුපියල් මිලියන 40ක් හෝ ඊට ආසන්න මුදලක් වියදම් කර ඇති බවට ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි. මෙම වත්කම් ඔහු සතුවුයේ සිඩ්නි ජයසිංහ හරහා බවට ගම්මන්පිල සඳහන් කර සිටියත් ඉහත ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ බැංකු ණය ගෙවා ගැනීමට පවා නොහැකිව ක්‍රිබ් ලේඛනගතව සිටින සිඞ්නි ජයසිංහ හරහා එතරම් වත්කමක් ගම්මන්පිලට ලැබුණු බවට කියන සඳහන සැක සහිත බවය.
මීට අමතරව ගම්මන්පිල මහතා ගැන තවත් කතා අපට ඇතත් අප මේ සඳහන් කර සිටියේ මාධ්‍ය හමු හරහා මේ වන විටත් ප්‍රසිද්ධියට පත්කර ඇති තොරතුරු පමණය. ඒ හරහා එල්ලවන චෝදනා මඩ කියා බැහැර කළ නොහැක්කේ අදාළ චෝදනා ඉදිරිපත් කරමින් සිවිල් මැදිහත්වීම් සිදුව ඇති නිසාය. ඒ අනුව මේ චෝදනා වලින් ගම්මන්පිලට ගැලවීමට හැකි වන්නේ අදාළ චෝදනා සඳහා තමන් නිවරදිකරුවකු බවට ගම්මන්පිල ඔප්පු කළහොත් පමණය. එහෙත් මේ නිශ්චිත තොරතුරු හමුවේ ගම්මන්පිල එවැනි තැනකට යන බවක් පෙනෙනතෙක් මානයක නැත.
ඒ අනුව ගම්මන්පිළගේ මාපිල් දෙසුමද ඉතා පැහැදිලිය. රාජපක්ෂ රෙජීමය බලයේ සිටියානම් අදටත් ගම්මන්පිලට සුදු ඇඳගෙන ඇල්වතුරත් නිවලා බොන උපාසක වේශය ආරක්ෂා කරගන්නට අවස්ථාව හිමිවන්නේය. ඒ එම පාලනය තුළ අධිකරණය තබා පැමිණිල්ලක් කිරීමේ නිදහසවත් පුරවැසියන්ට නොතිබූ නිසාය. සියල්ල යටත් කර තිබුණේ රාජපක්ෂ රාජ ඌස්නයටය. අද ගම්මන්පිල උපාසක උපාසිකාවන්ට පමණක් නොව සංඝ සංස්ථාවට ද මාපිල් බණ දෙසන්න ගෙන ඇත්තේ සිව් මහා ගංගා රුධිර ගංගා බවට පත්කර හෝ අහිමි සක්විති සුවය ලබන්නටය. ජාති ආගම් පදනමින් මේ රටේ කුමන තත්ත්වයක් ඇති වුවත් ගම්මන්පිලට වැඩිය හිතන්න දෙයක් ද නැත. මොකද ඔහුගේ බිරිඳ සහ දරුමල්ලන් ඕස්ටේ්‍රලියාවේ සුවෙන් සිටින්නේය. ඒ කියන්නෙ උපාසක බළලා මීයන් දෙදෙනෙක් පමණක් නොව ඊටත් වඩා කපටි වෙස් සහිතව රට ගිනිතියමින් සිටින බවය. ඒ හමුවේ ඒ උපාසක ගම්මන්පිලගේ මාපිල් දෙසුමෙන් ගිනිකණ වැටුණු අයට අප කියන්නේ, ගම්මන්පිලගේ මාපිල් දෙසුමෙන් විකල් වෙන්නට පෙර දරුමල්ලන් ගැනවත් සිතන්න කියාය. ඔහුගේ දරු පවුල් පමණක් නොව දේපළ ද සුරක්ෂිතය. එහෙත් ඔබේ ?
සත්හඬ


34,103 Viewers

No comments