Header Ads

test

EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි


මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති ETI සමූහයේ වත්කම් විදේශීය ආයෝජකයෙකුට විකිණීමේ මහා පරිමාණ ගණුදෙනුව සැඟවුණු ගැණුම්කරුවකුට හිමිවන අත යට ගණුදෙනුවක් විය හැකි බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙකී ගණුදෙනුව මේ වන විට ශ්‍රී ලාංකේය ව්‍යාපාරික දැවැන්තයන් අතර ප්‍රශ්නයකට තුඩු දෙමින් තිබේ.
සිංගප්පූරුවේ ස්ථාපිත ඉබපචඪබඵ ට්පඪඤ Straits Grid Pvt. Ltd නම් සමාගම වන අතර ගණුදෙනුවට මැදිහත් වූ බ්‍රෝකර්වරයෙක් ලෙස කටයුතු කරන මැලේසියානු ව්‍යාපාරික සුදීර් ජයරාම් විසින් අදාළ වත්කම් සඳහා ඉදිරිපත් කරන ලද මිල වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60කි. ඔහු පසුගියදා කටුනායක ගුවන්තොටුපොළෙන් ඇමෙරිකානු ඩොලර් 50,000ක් සඟවාගෙන යද්දී හසු වුයේය.
ආරංචි මාර්ග දක්වන අන්දමට මෙම ගණුදෙනුවේ පසුබිමේ සිටින සැබෑ ගැණුම්කරු වන්නේ බ්‍රිතාන්‍යයේ ස්ථාපිත ලයිකා ගෘෘප් සමාගමයි.
ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රකෝටිපතියකු වන අලිරාජා සුබාස්කරන් එම සමාගමේ හිමිකරු වන අතර ප්‍රංශයේ සිදු වූ කළු සල්ලි ජාවාරමකට සම්බන්ධතාවක් කියැවෙන බැවින් ඔහුගේ වටපිටාවද මතභේදාත්මකය.
මේ වන විට මහ බැංකුව යටතේ පාලනය වන එදිරිසිංහ පවුලේ සමාගම්ද ඇතුළු වත්කම් සඳහා මෙරට සමාගමක් වන ශ්‍රී ක්‍රිෂ්ණ ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 61ක ලංසුවක් ඉදිරිපත් කර තිබේ.
මෙසේ විකිණීමට සූදානම් වන්නේ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්, ස්වර්ණවාහිනී රූපවාහිනි ආයතනයද ඇතුළත් වන ETI බ්‍රෝඩ්කාස්ටින්, සිනමා ශාලා ඇතුළත්ව ETI EAP Films, සෆායර් හෝටලය සහ ස්වර්ණමහල් ජුවලරීස් යන සමාගම්වලට අයත් වත්කම්ය.
එකී වත්කම් සඳහා මිල ගණන් ඉදිරිපත් කළ මෙරට ව්‍යාපාරිකයා තමන් ඉදිරිපත් කළ මිල පිළිබඳව මහ බැංකුවේ නිලධාරීන් විනිවිද භාවය සහ යහපාලනයේ අර්ථ ප්‍රකාරව විනිදභාවයකින් සැලකිල්ලක් දක්වා ඇති බවට මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත පැමිණිල්ලක් කර ඇත.
තම සමාගම නිවැරදි ක්‍රියාපටිපාටියක් අනුගමනය කර ඇති අතර ගිවිසුමක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවද එමගින් පෙන්වා දී තිබේ.
එසේම තනි පුද්ගලයකු වන විදේශීය ගැණුම්කරු සමඟ ගණුදෙනු කිරීම ගැනද මහ බැංකුවට චෝදනා නඟා තිබේ.
ස්වර්ණමහල් ෆයිනෑන්ස් හි කොටස් අද (18)  කොටස් වෙළෙඳපොළේ සංසරණය වූ අතර සාකච්ඡා තවදුරටත් පවතින බවත් මහ බැංකුවේ අනුමැතිය තවමත් ලැබී නැති බවත් එම සමාගම පැවැසීය.

59,109 Viewers 

No comments