Header Ads

test

රනිල්ගේ ගජමිතුරු ‘මහේන්ද්‍රන්’ සිංගප්පූරු ලිපිනයේ නැහැ – අධිකරණ නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ නැවත CIDට.


මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල ඩීඑච්එල් කුරියර් සේවය  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. සිංගප්පුරු ජාතිකයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් 2015 ජනවාරී යහපාලන ආණ්ඩුව පිහිටුවා ගැනීමෙන් පසු මහ බැංකුවේ අධිපති දුරය සදහා විරෝධතා මැද ලංකාවට රැගෙන එන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.

ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය  කළ නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට බාරදීමට උත්සහ කළ අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බවත් මේ බරපතල වංචාවෙන් ඔහුට ගැලවීමක් නැති බවත් ඔහු සිරගත වන බව ඔහුට විශේෂ සහයක් දැක්වූ ප්‍රබල දේශපාලකයන් දෙදෙනෙක් ඔහුට දන්වා ඇතැයි වාර්තා වේ.

රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කළ නියෝගය අඩංගු නොතිසිය මහෙන්ද්‍රන් මහතා පදිංචිව සිටින අංක 201 cascaden road. # 18-1 the tamlison Singapore 2497726 නිවසට අධිවේගී තැපෑල ඔස්සේ බාරදෙන ලෙස අධිකරණ විසින් කළ නියෝගය අනුව රහස් පොලිසිය කටයුතු කළත් මහෙන්ද්‍රන් මහතා අදාළ ලිපිනයේ නොමැති බව බව DHL කුරියර් සේවය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

47,881 Viewers

No comments