Header Ads

test

ඩිල් නිසා ඇමතිකමෙන් සාගලව දොට්ට. රෙජීමය දෙදරයි.


නීතිය හා සාමය මට එපා - අමාත්‍ය සාගල

මේ අතර සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට තමන්ගේ  බලාපොරොත්තුවක් නැති බවත්  පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර ඒ බව දැනුම්දුන් බවත් පවසා ඇත.

තිරය පිටුපස කතාව 

යහපාලනය බලයට ඒමට දුන් එක පොරොන්දුවක් වුයේ රාජපක්ෂ රෙජීමයේ හොරුන්ට, මිනීමරුවන්ට, දුෂිතයන්ට ඔවුන් බලයට පැමිණි පසු මහා උළුගෙදර තපින්න සලස්වන බවය. නමුත් තෙවසරක් ගත උනත් එක හොරෙක්ට, මිනීමරුවෙක්ට, දුෂිතයෙක්ට දඩුවම් කිරීමට බැරි විය. ඒ මන්දයත් යහපාලන ආණ්ඩුවේ දේශපාලුවන් සමග රාජපක්ෂ රෙජීමය ඩිල් දැමු නිසාය. එලෙස ඩිල්  දැමු එක පුද්ගලයෙක් වුයේ අමාත්‍ය සාගල රත්නායකය (ඩිල්ගල ලෙසද හදුන්වනු ලැබිය). එය මේ මුළු රටම දන්නා කරුණකි. එසේ සිදුකල ඩිල් නිසා යහපාලන ආණ්ඩුව අද එහි ප්‍රථිපල භුක්ති විදිති. ඒ පලාත් පාලන මැතිවරණය ආණ්ඩුවට පාඩමක් ඉගැන්වූ නිසාය. මේ සියලු සිදුවීම් මත ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් පැමිණි දැඩි බලපෑම මත අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට ප්‍රථම ඔහු විසින්ම ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

ඇමති සාගලගේ මේ තීරණයත් සමග මහින්ද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ රෙජීමය අභ්‍යන්තරයේ විශාල පිපිරීමක් ඇති වී ඇති බවට අප වෙත තොරතුරු ලැබී ඇත. මහින්ද, ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය මේ වනතුරුත් අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලීම් කරමින් සිටින බවද, සාගල රත්නායක අමාත්‍යවරයාටද එම ධුරයෙන් ඉවත් නොවන ලෙසට ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය දැඩි ලෙස ඉල්ලීම් කරමින් සිටින බවට SL NewsWeb අපගේ විශේෂ තොරතුරු කරුවෙක් හරහා දැනගැනීමට ලැබිණි.

අප බලාපොරොත්තු වූ යහපාලනය මෙයද ?

42,751 Viewers

No comments