Header Ads

test

අවසානයේ සුර චෞරයෝ එක යහනේ සැතපුනේය


වසර තුනක් සොරුන් සමග සංවාසයේ යෙදුනු රනිල් හා සිරිසේන අවසානයේ මේ රට තවත් නරකාදියක් වෙත තල්ලු කර අතපිසදා ගත්තේය. දැන් එළඹෙන්නේ එම අවිචාර සමයේ ආරම්භක දින කිහිපයයි. තවත් හෝරා කිහිපයකින් මේ රටේ බිහිවන අශුද්ධ සන්ධානය රට්ටුන්ට කියන්නේ කුමක්ද ? තමන්ගේ හා තම පවුලේ කප්පරක් සොරකම් වසා ගැනීමට දේශපාලන දාදු කෙලියේ පිමි පනිමින් සිටි මහින්ද අවසානයේ සියලු උවදුරු වලින් ගලවා ගැනීමට සිරිසේන සමත් විය. සිරිසේනගේ දේශපාලන ඉරණම විසඳුවේ බිත්තියට හේත්තු කර, සියල්ල අත්පත් කර ගනිමිනි. මෙතෙක් පැවති බල අරගලය ක්ෂණිකව නිමා කිරීමට සිරා හා මරා සමත් වූ අතර, දින කිහිපයක් ඇතුළත යලි සුපුරුදු එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ලාංකීය සොර මුල විවිධ තානාන්තර බෙදා හදා ගනිමින් මේ මාතෘ භුමිය හප කර දමනු ඇත.

මෙම අටමගලයේ ඒකායන අරමුණ වන්නේ සිරා ජනපති ලෙසද , මරා අගමැති ලෙසද පත් වී මීට වසර තුනකට එපිටින් තිබු අවිචාරවත් සමයේ දෙවන වටය ආරම්භ කිරීමය. කිසිදු ප්‍රතිපත්තියක් නැති සිරිසේනට , තමන් ගේ මව වුවද දේශපාලන බලය ඉදිරියේ පාවාදීමට දෙවරක් නොසිතන අපකීර්තිමත් මිනිසෙක් බවට පත් වී හමාරය. නිමල් සිරිපාල වැනි කම්ඹ හොර දෙටුවෙකු මුලින්ම අගමැති පුටුවේ හිඳුවා තාවකාලික ආණ්ඩුවක් අටවා, පවතින දේශපාලන පිටියේ වාසිය ගෙන මහමැතිවරණයකට යාමට පිඹුරුපත් සකසා ඇත. මින් සිරිසේන ලබන්නේ එකම එක වාසියක් පමණි. එනම් තමන්ගේ දිව්‍ය ලෝක සැප සම්පත් භුක්ති විඳිය හැකි ජනපති පුටුවේ 2020 වන තෙක් විරාජමාන වීම පමණි. එම කාලය තුල තම දියණියගේ සමාගම් හරහා සිරිසේන පරපුරට පරම්පරා ගානක් නඩත්තු කල හැකි ධනයක් චතුරිකා බේබිනෝනාට උපයා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. එහෙත් රාජපක්ෂ තක්කඩි හවුල ලබන ජයග්‍රහණයන් හා වාසි මෙතෙක් යයි කිව නොහැකි තරම් විපුලය. මහා පරිමාන දුෂණ වංචා සියලු නඩුවලින් රාජපක්ෂ කල්ලිය නිදහස් වනු ඇත. ඉන් මහා පරිමාන ගසාකෑම් හරහා උපයාගත් ඩොලර් ප්‍රකෝටි ගණනක ජනතාව සතු විය යුතු මුදල් , දේපළ , සමාගම් ඔවුන්ගේ සදාතනික බුදලය බවට පත්වනු ඇත. මහින්ද පමණක් නොව තම ඇඹේනිය , දරුවන් සහෝදරයන් විසින් මෙරටේ ජාතික ධනය කොල්ල කෑ සෑම ශතයකටම හිමි විය යුතු යුක්තිය වතුරේ යනු ඇත. තම පවුලේ පුර්ණ මැදිහත්වීමෙන් සිදු කල මිනීමැරීම් සියල්ල යලි කිසි දිනක මතු නොවනු ඇත. මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල්, මහින්දානන්ද , විමල් , ජොනි , කෙහෙළිය, නිමල් සිරිපාල , ඩිලාන් වැනි තක්කඩි නීල හොරුන්ගේ සියලුම දුෂණ විමර්ශන කටයුතු සැනෙකින් නිමවනු ඇත. මේ පාදඩ දේශපාලුවන්ගේ හොරකම් පිළිබඳව දිවා රෑ වෙහෙසී කටයුතු කල පොලිස් මුල්‍ය අපරාධ අංශයේ නිලධාරීන් ගේ ඉරණම කෙසේ විසඳෙනු ඇතිද ? මේ තක්කඩියන් ට එරෙහිව නීතියෙන් උපරිම දඬුවම් දුන් යුක්ති සහගත විනිසුරන්ගේ හෙට දවස අවිනිශ්චිතය. අයුක්තියට අසාධාරණයට , හොරකමට එරෙහි වූ සිවිල් සංවිධාන , සමාජ ජාලා ක්‍රියාකාරීන්ගේ ජීවිත ඉරණම කෙසේ විසඳෙනු ඇතිද ? රාජපක්ෂ සිරිසේන හවුල් ආණ්ඩුව තුලින් මේ රටේ ඉතිරිව තිබු අන්තිම ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් පොදද වියලි යනු ඇත. දැවැන්ත අරාජිකත්වයකට රට නුදුරු දිනක හැරෙන බව ඒකාන්තයෙන්ම පැවසිය හැක.



කල යුත්තේ කුමක්ද ? මේ මතුවන පාදඩ දේශපාලන සංස්කෘතිය උපන් ගෙයිම මරා දැමිය යුතුය. ඒ වෙනුවෙන් මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මෙන්ම බිම් මට්ටමේ සියලුම පුරවැසියන් සංවිධානාත්මක පෙළ ගැසිය යුතුය. මේ රටේ යුක්තිය උදෙසා පෙනී සිටින මිනිසුන් ගිලටීනයට දක්කාගෙන යන විට මුනිවත රැකීමේ අයිතියක් මින් පසු මේ රටේ සාධාරණ මිනිසුන්ට හිමි නොවනු ඇත. හප කර විනාශයේ අගතියට ගෙන ගොස් චීනයේ කොලණියක් හෝ ඉතියෝපියාව වැනි රටක් බවට පත් කල මේ මාතෘ භුමිය නැවත දඩබිමක් බවට පත් කිරීමට මේ රටේ සදාකාලික රැවටුණු ජනයාද අනගි සහයක් දෙනු ලැබිය.

44,412 Viewers

No comments