Header Ads

test

ඇවන්ගාඩ් ගනුදෙනුවට එරෙහි නඩු එපා’ – ගෝඨා අධිකරණයෙන් ඉල්ලයි


ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කර ඇතැයි කියමින් තමන්ට එරෙහිව අල්ලස් ⁣කොමිසම ⁣පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය .

අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මෙහි වගඋත්තරකරු ලෙස නම් කර සිටිති.

ඔහු එම ප්‍රතිශෝධන පෙත්සම මගින් ප්‍රකාශ කර ඇත්තේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම මගින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින්  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම තමා ඇතුළු විත්තික්රුවන් 08 දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොණු කර ඇති බවයි.

එම චෝදනා පත්‍රය ලබන 26 වනදා විභාගයට ගැනිමට නියමිත  බව ද අදාල පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එම චෝදනා පත්‍රය නීති විරෝධි යැයි තීන්දු කරමින් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා තමා මීට පෙරද කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප කිරිමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළ බව  හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී ඇති බව සඳහන්ය.

එලෙස ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කිරිමට මහාධිකරණ විනිසුරුවරයා ගත් තීන්දුව නීතියට පටහැනි බව පෙන්වා දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා එම නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇතුළු විත්තිකරුවයන් නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව අභියාචනාධිකරණය හමුවේ  ගොණුකර ඇති පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ විභාගවීමට නියමිත ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවිමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. 

ගෝඨාට විජේදාසගෙන් මාරපනගෙන් නීති උපදෙස් 

මේ සදහා නීති උපදෙස් ලබා දී ඇත්තේ වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් බව අපට තොරතුරු ලැබිණි. අභියාචනාධිකරණ ගොනුව සකස් කර දී ඇත්තේද හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා විසින් බව අප වෙත තොරතුරු ලැබී ඇත. 

ඇවන්ගාඩ් සේනාධිපති රහසිගත හමුවක් ලෑස්ති කරලා 

ඊයේ (22) දින කොළඹ තරු පහේ හෝටලයක 27 කාමරයේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සම්බන්ධිකරණ ලේකම් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයගේ රහසිගත හමුවක් පැවති අතර එයට විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා සහ ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා යන දෙදෙනාද දුරකතනයෙන්ද සම්බන්ධ වී ඇත. 

29,714 Viewers


No comments