Header Ads

test

සාගල ඉවතට : පොලිසිය බාර ඇමතිකම රාජිතට !


ඉදිරියේදී පැවැත්වෙන අමාත්‍ය සංශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍යංශය රාජිත සේනාරත්න මහතා යටතට පත් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන්නැයි එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර තිබේ.

ඒ අතර ජනවාරි 08 බලවේගයේ සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකුද එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

පසුගිය පාලන සමයේ සිදුවූ වංචා දුෂණ විමර්ශනය කිරීමේදී රාජපක්ෂවරුන්ට නොනිල මට්ටමින් සහය දැක්වීම පොලිසිය බාර අමාත්‍ය සාගල රත්නායක මහතා පිළිබද මේ තත්වය උදා වීමට ප්‍රධාන හේතුවයි..

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට දායකවූ 'සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය මහතා, මැතිවරණ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය සාගල රත්නායක මහතාගේ හැසිරීම දැඩි ලෙස විවේචනය කළේය.

40,451 Viewers

No comments