Header Ads

test

අමරවිරගෙන් සුසිල් මහා රෑ කතා කරලා ඉල්ලුවේ මොනවද ?


පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් තනි ශ්‍රීලංකා ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා උත්සාහ කළ අතර ඒ සඳහා ජනාධිපතිවරයාට බලපෑම් එල්ල විය. නිමල් සිරිපාල ද සිල්වා මහතාට අගමැතිධූරයක සිහිනයක් මවා පාරට බහින්න බැරි තත්වයකට පත් කිරීමේ පෙරමුණ ගෙන ක්‍රියා කළේ සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයාය.

මහින්ද පාර්ශ්වයේ සහාය ලබාගෙන හෝ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව මෙම පිරිසගේ මතය වූ අතර ආණ්ඩුවක් ගොඩනැගීමට නොහැකි වුවහොත් ඇමතිධූර අත්හැර විපක්ෂයේ වාඩි වියයුතු බව මෙම පිරිසගේ මතය විය.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා යහපාලන ආණ්ඩුව ආරම්භයේ පටන් රාජපක්ෂ හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර විවිධ අවස්ථාවලදී ආණ්ඩුවේ තීරණය එළිපිටම විවේචනය කළේය.

ඇමතිධූර අත්හැර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගැනීමට තීරණය කළ යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන සුසිල් ප්‍රේම්ජයන්තලා රහසිතගත සිය ඇමතිධූරය ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන්නේ රෑ ඩැනියෙල් - දවල් මිගෙල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමිනි.

සුසිල් පසුගියදා එජනිස මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී ඇති අතර ඔහු එහිදී අමරවීරගෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තමන්ට තවත් ඇමතිධූරයක් ලබාදෙන ලෙසයි. ඔහු මේ වනවිට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමතිවරයා ලෙස කටයුතු කරන අතර එම ඇමතිධූරයට අමතරව තවත් කොටසක් ලබාදෙන ලෙසයි එජනිස ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

විපක්ෂයට යාමෙන් කිසිදු යහපතක් නොවන බැවින් එවැනි අදහසක් නොමැති බවයි ඔහු පවසා ඇත්තේ. තමන් කිසිවිටෙකත් ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිවෙකු හෝ ඉදිරියේ තනතුරු ඉල්ලා වැඳ නොවැටෙන බවත් එහෙත් හැකිනම් තමාට තවත් ඇමති තනතුරක් ලබාදෙන ලෙසත් ඔහු මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා තිබේ.  පසුදා අමරවීර අමාත්‍යවරයා ඔහුගේ හිතවතෙකු සමග පවසා ඇත්තේ මට ඊයේ රෑ සුසිල් කතා කලා. එයා තව ඇමතිකමක් ලොක්කට කියලා ඉල්ලලා දෙන්නලු... මුට නම් ලැජ්ජාවක් නෑ.මූ ලගත් බල්ලා වගේ නැට්ට වනනවා. ලොක්කා ගාවත් නැට්ට වනනවා යන්නය.

සුසිල්ගේ පැටිකිරිය 

සුසිල් පෙමජයන්තලා දේශපාලනයට පැමිණීමෙන් රටට සෙතක් වුයේ නැත. තමන්ගේ මඩි තර කර ගත්තා පමණි.පටු දේශපාලන අරමුණු මතින් ඔහු වාසියට හේ නගන්න රුසියෙකි. ඔහු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් සිටි සමයේ අමාත්‍යංශයේ සහ සංස්ථාවෙන් විශාල ජනතා මුදලක් ගසා කෑමේ වරදට හසු වී ඇතත් එදා හිටපු ජනාධිපති මහින්දගේ සහ වර්තමානයේ ජනාධිපති මෛත්‍රීගේ පිහිටෙන් රැකවරණය ලබා ගෙන සිටින බවට තොරතුරු ලැබී ඇත.

සුසිල් ප්‍රේම්ජයන්ත වැනි දුෂිතයන්, ඩබල් ගේම්කාරයන් ලගා කර ගෙන ජනාධිපතිවරයා ජනතාවට කොකා පෙන්නනවාද ? මොවුන්ට නිතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද ?

51,387 Viewers

No comments