Header Ads

test

ඇමති මලික්ගේ අයුතු භුක්තියට වැඩ වරදින ලකුණු


කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.

ඒ, මලික් සමරවික්‍රම මහතා නිත්‍යනූකූල හිමිකමක් නොමැති රුපියල් කෝටි 18 ක වටිනාකමකින් යුත් වැලිකඩ ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් භුක්ති විඳින බවට පවසමිනි.

“කෝට්ටේ මහනගර සභාව වැලිකඩ පොලිසියට යාබදව තියන ඉඩම සහ නගර සභාවේ ඉඩම යාබදව නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් තියනවා ඒකෙන් පර්චස් 40 ක ප්‍රමාණයක් මලික් සමරවික්‍රම ඇමතිතුමා දීර්ඝ කාලීන බදු පදනම මත තමන් බදු අරගෙන තියනවා.. එතුමා බදු ගත්ත ඉඩම පිටිපස්සේ තව ඉඩමක් තියනවා පර්චස් 36 ක ඉඩමක් මේ පර්චස් 36 වර්තමාන වෙළෙඳපොළ වටිනාකම දැන් අවුරුදු තුනකට ඉස්සල්ලා ලක්ෂ 50 යි එක පර්චස් එකක්. මේ පර්චස් 36 මලික් සමරවික්‍රම ඇමතිතුමා කිසිම නිත්‍යනූකුල අයිතියක් නැතුව වැටවල් ගහගෙන රජයේ ඉඩමක් බලෙන් බුක්ති විඳිනවා කෝටි 18 ක ඉඩමක්”


පැමිණිල්ල මගින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු ලබාදෙන නිලධාරියාට ද චෝදනා එල්ල කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට අභියෝග කර සිටියේ, තමා සමග සජීවි විවාදයකට පැමිණෙන ලෙසයි.


“මලික් සමරවික්‍රම ඇමතිතුමෝ අනුන්ගේ ඉඩම් අල්ලන් ඉන්නේ නැතුව තමන්ට මේ ඉඩමේ අයිතිය තියනවා නම් ඇවිල්ලා ප්‍රකාශ කරන්න ඔබතුමාත් එක්ක සජීවි විවාදයකට ඇවිල්ලා මට ඔප්පු කරන්න පුළුවන් මේ කෝටි 18 ක් වටින ඉඩම ඔබතුමා බලෙන් අල්ලන් ඉන්නවා කියලා”


ඔහු වැඩිදුරටත් පැවසුවේ,  මලික් සමරවික්‍රම වැනි ඇමතිවරුන් හමුවේ රටේ නීතිය යට  වීමට ඉඩ දී බලා සිටිය නොහැකි බවයි.

සබැදි පුවත් : බය නැති අගමැතිගේ උපදේශකයාගේ බරපතල වංචාවක් එළියට, හොරුන්ටත් රැකවරණ

34,725 Viewers

No comments