Header Ads

test

තමන්ට පරපුරක් හදන්නට බැරි මිනිහෙකුට නායකත්ව පරපුරක් හදන්න බෑ . වහාම ඉවත් වෙන්න


පසුගිය පෙබරවාරි මාසේ 15වෙනිදා මගේ පක්ෂේ මහා ලේකම් කබීර් හෂීම් මහතා හමුවෙලා මම මේ ආසනේ සංවිධායකධුරයෙන් ඉල්ලා අස් වීම සදහා ලියුමක් භාර දුන්නා.

නායකතුමා ආණමඩුවට ඇවිල්ලා කිව්වේ එදා ආණ්ඩුවක් පිහිටවූ වහාම ආනමඩුවේ ජනතාවට වන්දි ගෙවනවා කියලා. මේ කාරණා ගණනාවක් පිළිබද පාර්ලිමේන්තුවේදි අගමැතිතුමා ඉදිරියේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කණ්ඩායම් රැස්වීමේදී කතා කලා. ඒ කිසිම දෙයක් සම්බන්ධව අද වෙනකම් කිසිදු සහනයක් ලබා දෙන්නට බැරි උනා. අත් දෙක බැදලා ස්වීම් ෆුල් එකක දැම්මා වගේ වැඩක් මට කරලා තියනවා.රාජ්‍ය ඇමති කියලා බෝඩ් එකක් ගහලා මෙහාට එවලා තියනවා. කිසිදු බලයක් නැහැ. කිසිදු කරන්න දෙයක් නැහැ.මෙවැනි තත්වයක් තුල එක්සත් ජාතික පක්ෂයට ඉදිරි ගමනක් නැහැ.

මෙවැනි තත්වයක් තුල එක්සත් ජාතික පක්ෂය තුල පුර්ණ වෙනසක් සිදු කල යුතු වෙනවා පලවෙනියෙන්ම නායකත්වය... එය සිදු නොකර වෙන කුමන කැබිනට් සංශෝධන කලත් වෙන කුමන පරපුරවල් හැදුවත් මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න බැහැ.. තමන්ට පරපුරක් හදන්නට බැරි මිනිහෙකුට නායකත්ව පරපුරක් හදන්න පුළුවන් කමක් නැහැ. ඒවා නිකන් බොරු කතා කියන කතා ... කරුණාකරලා මේ පක්ෂයේ මිනිසුන්ගේ හඩට ඇහුම්කම් දෙන්න මේක ආණමඩුව හඩ පුත්තලමේ හඩ නෙවෙයි. සමස්ත රටේම හඩ මේකයි සමස්ත ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා ඔබේ හඩ අවදි කරන්න. පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිලට මම කියනවා ආත්මාර්ථකාමිත්වය තුල ඔබ ගැන පමණක් හිතලා වැඩ කරන්න එපා. කරුණාකරලා මේ දැවැන්ත පක්ෂය ගැන හිතන්න. එහෙනම් අද පුහු පක්ෂයක් බවට දීර්ඝ කරගෙන යනවා. මේ ක්‍රියාදාමය තුලින්ම පක්ෂයට යහපතක් කරන්න බැරි නම් අනුකම්පා විරහිතවම හෙට අනිද්දාම සිදු වෙනවා විශ්වාසභංගයක් සදහා ක්‍රියා කරන්න.

ඒ විශ්වාසභංගය අපි රටේ විශ්වාසය නැති පුද්ගලයා සම්බන්ධව ක්‍රියාත්මක කරන්නට වෙන්නේ. ඒ විශ්වාසභංගයට නායකත්වය ගන්න මුලිකත්වය ගන්න එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් සුදානමින් සිටින බව සිහිපත් කරන්න කැමතියි.

මට විතරක් නෙවෙයි. බුද්ධික පතිරණ, අජිත් පෙරේරා, නලින් බණ්ඩාර, සුජීව සේනසිංහ, රන්ජන් රාමනායක, වසන්ත සේනානායක, පාලිත තෙවරප්පෙරුම, චතුර සේනාරත්න යන මන්ත්‍රීවරුන්ටත් මේ අසාධාරණය වෙලා. පැරදිච්ච යන්තම් එල්ලිච්ච වලපයයි ගොඩ පයයි ඉන්න නාකි පප්පලටයි මේ තනතුරු දීලා තියෙන්නේ. අනිත් එක ශරීර වෙළෙන්දන්ටයි, ගජමිතුරන්ටයි දීලා පක්ෂේ කිර්ති නාමය විනාශ කලා. පළාත් පාලනේ පරාජයට පත් වුනේ මේ හින්දා....

ඒ විතරක් නෙවෙයි. මාතර දිස්ත්‍රික්කේ හැමවතාවෙම පළවෙනියා උනේ බුද්ධික පතිරණ... එයාව කපලම දාලා... පැරදිලා පැරදිලා එකෙකාගේ පිහිටෙන් යන්තම් එල්ලුන, නායකයාගේ ශරීර අවශ්‍යතා කරන සාගලට ඇමතිකම් ඊට අමතරව තනතුරුත්... සගලලා පක්ෂෙට මොනවද කලේ. දෙනියායවත් දිනා ගන්න බැරි මිනිහෙක්.. ආසනයේ මිනිහෙකුට කන් දෙන්නේවත් නැති පැත්ත පළාතේ යන්නෙත් නැති කෙනෙක්... ඩීල් දාලා ඩීල් දාලා ජනවාරි 8 මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා විනාශ කලා.

අනිත් එකා තමයි මලික් සමරවික්‍රම එයා පක්ෂයේ සභාපති කරලා. මොනවා කලාටද.. එත් ඩීල කප්පිත්තෙක් වෙච්ච කෙනෙක්. පක්ෂෙට මුකුත් කලේ නෑ. ඇමතිකමෙන් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කලා. අද රටක් ගොනා නැගීමේ අභිමානවත් අතීතයක් තියන පක්ෂෙක තීන්දු ගන්නේ ජනතාව අප්‍රසන්න කිසිම මනුස්සකමක් නැති චන්දෙකින් ආපු නැති නායකයාගේ පිහිටෙන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ආපු මේ මනුස්සයා ඒ මිනිහා තමයි පක්ෂේ තීන්දු තීරණ ගන්නේ. මේ මිනිස්සු පාක්ෂිකයෝ ගැන හිතයිද ? පක්ෂයේ මැති ඇමතිවරුන්ට කැපිලි දදා කරපු දෙයක් නෑ . එයා බිස්නස් කරන්නෙත් මහින්දලාගේ උන් එක්ක...අර ඩුබායි මැරියට් හෝටලේ අයිතිකාරයත් එක්ක නිදි වදිනවා. මේවා කියන්නත් ලැජ්ජයි.. මේවා කිව්වොත් උඩ බලාගෙන කෙල ගැහුවා වගේ වෙනවා.

මේ පාරවත් කවුරුත් එකතු වෙලා පක්ෂය ගොඩ ගත යුතුයි. මොකද මේ නායකයා ඉන්නකම් පක්ෂය ජයග්‍රහණය කරන්නේ නෑ.. මම එක්සත් ජාතික පක්ෂය සියළු දෙනාගෙන් ඉල්ලනවා අපි එකතු වෙලා මේ පක්ෂය රැක ගනිමු.

රංගේ බණ්ඩාර
එජාප පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


67,851 Viewers

No comments