Header Ads

test

කැබිනට් සංශෝධනයෙන් පසු අරලියගහ මන්දිරය පුරාම රණ්ඩු.


නව කැබිනට් සංශෝධනය යටතේ පත්කෙරුණු නව අමාත්‍යවරු පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ.
අද සිදුකල කැබිනට් සංශෝධනයට ජාතික පක්ෂයේ බොහෝ අමාත්‍යවරු දැඩි විරෝධයක් දක්වා තිබුනා.ඒ සිතු පරිදි වෙනසක් සිදු නොව බව කියමිනි.
කැබිනට් සංශෝධනයෙන් පසුව ඉන් පිටතට පැමිණි වසන්ත සේනානායක අමාත්‍යවරයා පැවසුවේ මෙය ආණ්ඩුවේ විහිළුවක් බවය.එම සංශෝධනයෙන් පසුව අජිත් පි පෙරේරා අමාත්‍යවරයා දැඩිව එම කැබිනට් සංශෝධනය විවේචනය කර ඇති අතර පසුව අරලියගහ මන්දිරයට පැමිණි අමාත්‍යවරයා මෙම කැබිනට් සංශෝධනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නොසන්සුන්ව හැසිරී ඇති අතර ඉන් පසුව එම ස්ථානයට පැමිණි තලතා අතුකෝරල මහත්මියද නොසන්සුන්ව හැසිරී ඇත.ඒ ඔවුන්ගේ තිබු අමාත්‍යධුර ඉවත් කිරීම හේතුවෙනි.
32,119 Viewers

No comments