Header Ads

test

ජනාධිපතිගේ මැදිහත්වීමෙන් නීතිපති ළග හිරවීඇති අනුර ප්‍රියදර්ශණගේ දුෂණ මෙන්න.


මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා වත්මන් ආණ්ඩුවේද කැබිනට් මණ්ඩලය නියෝජනය කරයි. ඔහු රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් ඛනිජ තෙල් සංස්ථාවෙන් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි අංක ACC/FC/2015/135 යටතේ පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව සියළු විමර්ශන අවසන් කර නීතිපතිවරයා වෙත CR5/35/15 යටතේ නඩු පැවරීම සඳහා යොමු කොට ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැදිහත්වීම මත වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ට අදාළ වංචා හා දූෂණ සම්බන්ධ පරීක්ෂණ යට ගසා ඇති අතර අනුර ප්‍රියදර්ශන යාපාට අදාල ඇති මෙම පරීක්ෂණයද ඉන් එකකි.
2014 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ගිරිඋල්ල හා පන්නල යන ප්‍රදේශවල කිසිදු ආපදා තත්වයක් නොමැති අවස්ථාවක ගංවතුරෙන් අවතැන් වූ පවුල් 2,500කට වියළි ආහාර බෙදාදීමට යැයි සඳහන් කරමින් පන්නල සතොස ශාඛාවෙන් රුපියල් 6,146,110 /ක් වටිනා භාණ්ඩ තොගයක් අනුර ප්‍රියදර්ශන යාපාගේ නිවසට දෙසැම්බර් මස 28වන දින රැගෙන ගොස් ඇති අතර පසුව මෙම භාණ්ඩ සඳහා මුදල් ගෙවා ඇත්තේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගිනි.
මෙම භාණ්ඩ අමාත්‍යවරයාගේ නිවසේ සේවය කළ ආර්.එම්.ඒ.ජේ. කුමාර (ජා. හැ. අංක 840323595V) යන අය විසින් භාරගෙන ඇති අතර ඉන් පසුව 2015 ජනාධිපතිවරයේදී මෙම භාණ්ඩ මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ඡන්ද දායකයින්හට බෙදා දී ඇත.
මෙම වංචණික ක්‍රියාව නීත්‍යානුකූල කරගැනීම සඳහා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කලමණාකාර අධ්‍යක්ෂ විසින් සභාපතිවරයාගෙන් දෙසැම්බර් මස 30වන දින ඉල්ලා ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි පවුල් 2500කට රුපියල් 2500 බැගින් වියලි ආහාර ලබාදීමට රුපියල් මිලියන 07ක් වැය වන බවත් මේ වනවිටත් එම භාණ්ඩ මිලදී ගෙන ඇති බැවින් ඒ සඳහා මුදල් ගෙවීමට අනුමැතිය ලබා දෙන ලෙසය. එම දිනය තුළම සභාපතිවරයාගේ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) වෙත මෙම ඉන්වොයිස් පත්‍ර යොමු කොට අලෙවි කළමණාකාර විසින් අනුමත කිරීමෙන් පසු අදාල ගෙවීම් සඳහා මුදල් ලබාගෙන ඇති බව පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශය විසින් සිදුකරනලද පරීක්ෂණ වලින් සනාථවී තිබේ.
මෙහිදී ගංවතුරෙන් විපතට පත් පවුල් 2500කට භාණ්ඩ බෙදාදීමක් සිදු කළේ යැයි පැවසුවද ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඒ සඳහා කිසිදු ලේඛනයක් ඉදිරිපත් වී නැත. එම වකවානුවේ මෙම ප්‍රදේශයේ ගංවතුර තත්වයක් නොතිබුණ අතර මෙම භාණ්ඩ කාහට බෙදා දුන්නේද යන්න වගකිවයුතු නිලධාරීන් කිසිවෙකුත් නොදන්නා බව විමර්ශනවලදී තහවුරු විය.
අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා විසින් මෙසේ නීති විරෝධී ලෙස සිදු කොට ඇති මෙම භාණ්ඩ බෙදාදීම පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනතට යටත්වන අතර වංචා කිරීම, සාවද්‍ය පරිහරණය ,විශ්වාසය කඩකිරීම, කුමන්ත්‍රණය කිරීම හා ඊට අනුබලදීම යනාදී චෝදනා මෙහිදී ගොනු කළ හැකිය. අමාත්‍යවරයාට අමතරව ධම්මිකා ශිරානි සුමණරත්න, එස්.ඒ. අමරසේකර, සුසන්තද සිල්වා, සරත් පෙරේරා, චම්න්ද සමරකෝන්, ජේ.එම් අනුර සෙනෙවිරත්න යන අයද මෙම ක්‍රියාවට සම්බන්ධ බවට තහවුරු වී ඇත.
මෙම වරදම සිදු කරන ලද මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති නමුත් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් හොබවමින් සිටින අනුර ප්‍රියදර්ශන යාපා ජනාධිපතිවරයාගේ ආශීර්වාදය මත තමන්ට එරෙහිව ඇති චෝදනා යටගසා තැබීමට සමත් වී ඇත. අනුර ප්‍රියදර්ශන යාපා මෙන්ම පසුගිය රාජපක්ෂ කළු දශකයේ ශ්‍රිලනිප ඇමතිවරු කිහිපදෙනෙක්ම මෛත්‍රීපාල සිරිසේන සමග ජනාධිපතිවරණයට පසුව එක්වුයේ මෙවැනි තමන්ට එරෙහිව ඇති දූෂණ චෝදනාවන්ගෙන් ආරක්ෂාවීමට බව මේ අනුව ඉතා හොඳින් පැහිදිලි වේ.

39,297 Viewers

No comments