Header Ads

test

අනේ විමල් ! ඔයා හිරේ නොගියේ අගමැතිට පිං සිද්ධවෙන්නයි – මුජිබුර් රහුමාන්


තමන් වරදක් නොකළ නිසාත් හිරේ විලංගුවේ නොවැටුණු නිසා අද වන විට ජනතාව තමන්ට ජන්දය දී ජයග්‍රහණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කර සිටියත් විදෙස් ගමන් බලපත් දෙකක් ව්‍යාජ ලෙස භාවිතා කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයා හිරේ නොගියේ අග්‍රාමාත්‍යවරයාගේ අනුකම්පාව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.  ඔහු මේ බව කීවේ දැන් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට එකතු වෙමිනි.  ඡන්ද ප්‍රතිඵලය ආශිර්වාදයක් ලෙස බාරගෙන රට ඉදිරියට කරගෙන යා යුතු බව ද මන්ත්‍රීවරයා කිවේය.
මුජුබර් රහුමාන් මහතා මෙසේ ද කීවේ.
‘‘පොදුජන පෙරමුණට වඩා ඊට විරුද්ධව විශාල ජනමතයක් තිබෙනවා. 55 % කට එහා ජනමතයක් තිබෙනවා. මැතිවරණයෙන් යම් පණිවිඩයක් දෙනවා. වංචා දූෂණ සෙවීම ඉෂ්ඨ නොකිරීම ගැන යම් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. 
විමල් වීරවංශ මහතා විවිධ දේ කිව්වා.  අගමැතිවරයාට පින්සිද්ධ වෙන්නයි පාස්පෝට් සිද්ධියෙන් බේරුණේ. නැතිනම් ඉන්න වෙන්නේ බන්ධනාගාරේ.
ඒ නිසා අපි නැවත 2015 ජනවාරි අට ජනමතය යළි ආරම්භ කළ යුතුයි. මේ රටේ ජාතිවායට පැසිස්ට් වාදයට එරෙහිව කඳවුරක් තිබෙනවා. මේ මැතිවරණය පටන් ගත්තු දවසේ ඉඳන් ජාතිවාදය අවුස්සන්න පුලුවන්ද බැලුවා. අපි එය පරාජය කළා.  මේ තීන්දුව ආශිර්වාදයක් විදියට අරගෙන රට හරියට ඉදිරියට ගෙන යා යුතුයි. ‘යයිද මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

48,690 Viewers 

No comments