Header Ads

test

මට ලංකාවේ අගමැති වෙන්න බෑ.. මං ඇමරිකානුවෙක්..- ගෝඨාභය


ඇමරිකානු පුරවැසියෙක් වන තමනට ශ‍්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්විය නොහැකි යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සති කිහිපයක් ඇමරිකාවේ සිට ආපසු මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතමිනි.

තමනට දේශාපලනය ඒම ගැන කිසිදු අදහසක් නැතැයිද පැවසූ ඔහු මෙවැනි ආණ්ඩුවක අගමැතිකම ගැනීමට කිසිදු උවමනාවක් නැතැයිද කියා සිටියේය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මෙවන් සටහනකි.

අපගේ උත්තරීතර මාතෘ භූමියේ අනාගතය සුරක්ෂිත කිරිම සදහා ඔබ සැම එකාමෙන් කැපවීමෙන් යුතුව සියලු බාධක අභිබවා මෙම ජයග්‍රහණය උදෙසා දැක්වු සහයෝගයට සියලු ශ්‍රී ලාංකිකයින්ට මාගේ ගෞරවාන්විත ප්‍රණාමය පුද කරමි.

ජනතාව සෑමදාම රැවැට්ටිය නොහැකි බව මේ ජයග්‍රහණයෙන් මැනවින් පිළිඹිඹු වේ! ඔබ සැමට සුභ අනාගතයක් පතමි යන්නය.


No comments