Header Ads

test

මහින්ද බලයට මෙතරම් බිය ඇයි ?


ගෙවී ගිය හොරා කිහිපය තුල මේ රටේ තවත් අජුත දේශපාලන නාටකයක් නිමාවට පත් විය. කන්දක් විලිලා මීයෙක් වැදුවා යන පිරුල අලුත් කරමින් කන්දක් විලිලා පඩයක් ඇරියා ලෙස අද සිරිසේන විසින් යාවත්කාලින කරන ලදී. රටේ දැවැන්ත දේශපාලන අරාජිකත්වයක් ඇතැයි කියමින් පොහොට්ටුවේ දේශපාලන නායකයින් විසින් පෑ පෙළහර අවසානයේ නිමා වුයේ අනේ අපට විපක්ෂ නායකකම හෝ හෝ අප්පොච්චාට ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින්ය.
ජාතික මැතිවරණ වලදී අම්බානක කා ඇති මහින්ද , මෙවර ගමේ චන්දයෙන් නොම්මර එකට පැමිණියේය. එය අහුඹු ජයග්‍රහණයක් නොව , රනිල් සිරිසේනගේ නොන්ජල් දේශපාලනයේ ප්‍රතිපලයක් ලෙසද , ඔවුන්ගේ සංවාස දේශපාලනයට එරෙහිව ජනතාවගේ වෛරය මුදාහල අවස්ථාවක් ලෙස අප අර්ථකථනය කරන්නෙමු . ගමේ චන්දයෙන් විකසිත වූ පොහොට්ටුව බලයට කෙතරම් කෑදර වුවද , බලයට පැමිණීමට දක්වන්නේ අතිශය බියගුළු ස්ථාවරයකි. මහින්ද රනිල් ට දුරකථනයෙන් කතා කරමින් ඔබතුමාම අගමැති ධුරයේ වැජඹෙන්න යැයි කියමින් හොරෙන් ඇමතුම් ලබාදෙන අතර , මේ රටේ ඉහමොළ සිඳගත් බයිසන් ලාට වෙනම වොයිස් කට් නිකුත් කරමින් ඔහුටම ආවේනික සටකපට දේශපාලනයේ නිරත වේ. වීදුරු කාමරයේ සිට ඇඳුම් මාරු කරමින් මහින්ද මේ රඟන රංගනය අද දින නිමාවට පත් වුයේ යලිත් වරක් සිරිසේන රනිල් විවාහය නව මාවතකට පෙරලමිනි. මහින්දගේ එකම අපේක්ෂාව වන්නේ රනිල් සිරිසේනගේ රජයකි. එය ඔහුගේ ජීවිතයේ ඉතිරි වසර කිහිපය නිවී සැනසිල්ලේ ගත කිරීමට අවශ්‍ය පසුබිමයි මේ අස්ථාවර දේශපාලන වපසරිය තුල , අයතා මාර්ග වලින් ඔහු උපයාගත් ප්‍රකෝටි ගණන මුදලින් රුපුයල් කෝටි 20 ක් 50 ක් මිඩංගු කළා නම් මේ රටේ යුඇන්පී කාරයින් හෝ ශ්‍රී ලංකා කාරයින් බුරුතු පිටින් මහින්ද ගේ ඔඩක්කුවේ ලගිනු ඒකාන්තය. එසේ වුවද , මහින්ද රාජපක්ෂට එවැනි තත්වයක් කිසිසේත්ම උදා කර ගැනීමට අවශ්‍ය නොවේ. ඔහුගේ එකම අරමුණ විපක්ෂයට වී රනිල් මෛත්‍රී ආණ්ඩුව නොවැටී රැකගැනීම බව එදා මෙන්ම අදද රටට හෙළි කර අවසන්ය. .මහින්ද රාජපක්ෂ පමනක් නොව විමල් වීරවංශ වැනි නීල හොරෙකුගේ පාර්තනයද මෙම ගජ මිතුරු හවුලයි. තමා පත්වන ඕනෑම දුෂ්කර අවස්ථාවකදී රනිල් ඉදිරිපත්වන බව ඔහු සක් සුදක් සේ දනී. මන්ද , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ කිරීම කටයුත්ත ඉටුකළ රනිල්ගේ අතවැසියා වන්නේ විමල් නිසාය. --
මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව යලි කිසි කලෙක මේ රටේ දේශපාලනයේ තීරක බලවේගයට ඔහු පැමිණිය යුතු නොවේ. ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවකි, මේ ගෙවීයන වසර 5 ක දේශපාලන ආරක්ෂික අවධිය තුල වෙන කාටත් වඩා ආරක්ෂා වන්නේ මහින්ද ඇතුළු තම පවූලේ අන්ත දුශිතයින්ය. 2020 ජනපතිවරණය ඉලක්ක කරමින් දියත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ කිරීම හරහා මහින්ද බලාåපොරොත්තු වුයේ යලි එජාප ආණ්ඩුවකි. තවත් වසර 5 ක් තමා හා තම පව්ලද , ඇඹේනියද , පුත්‍රයින්ද , ඔහුවටා එති ඇති දුෂිත කබ්බන් රැලද රැක ගැනීමෙන් ආරක්‍ෂිත වන්නේ ඔවුන් මේ රටේ ආර්ථිකය හප කරමින් සොරා කෑ ඩොලර් ට්‍රිලියන ගණනක ගිණුම් සදාකාලික සුරක්ෂිත භාවයට පත් වීමය. එපමනක් නොවේ, තම මලනුවන් වූ බැසිල් හා ගෝටා සිදුකල කප්පරක් හොර ගනුදෙනු මිනීමැරීම් කිසිදු අධිකරණයකට පැමිණවීමෙන් තොරව කාලයේ වැලි තලාවෙන් වසා දැමීමටය. මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහුගේ සහෝදර සමාගමද අතිශය බියක් මෙරට අධිකරණ පද්ධතියට දක්වයි. ඔවුන්ගේ ඒකයන පරමාර්ථය වන්නේ සදාකාලික විපක්ෂයේ සිටිමින් කල් මැරීමය. යම් ආකාරයකින් ඔවුන් හට බලය හුවමාරු වේ නම් , එවිට සියල්ල හෙළිදරව් වී ඇති යුධ අපරාධ නැවත පාරවලල්ලක් වී තම පවුල වටා හොල්මන් කරනු ඇත. මෙවැනි සුවීශේෂී දේශපාලන පසු බිමක මහින්ද රාජපක්ෂ ගේ ඒකායන කැමැත්ත හා අපේක්ෂාව වන්නේ තමන් මහළු වියට එළඹෙන තුරු විපක්ෂයේ මිතුරෙකුගේ භූමිකාව රඟ දක්වවමින් මේ රටේ බයි සමාජයට වරින් වර ආතල් ගෙන එම පමණි. ඔහු රැකගන්නට වෙහෙසෙන්නේ ඉතා ආයාශයෙන් සොරා කෑ ඩොලර් මිලියන ගනනක පවුලේ දේපල හෝටල් හා සමාගම් ය

No comments