Header Ads

test

ගෝඨා නීතියේ රැහැනින් ගලවාගැනීමේ සිරිසේනගේ අරමුණ කුමක්ද ?


රජයට යම් මුදලක් හිමි වේනම් එහි ප්‍රතිලාභ නිතැතින්ම හිමි විය යුත්තේ ජනතාවටය. එබැවින් යම් අයෙකු රජයට බිලියන 11.4ක පාඩුවක් සිදු කර ඇත්නම් , එය සෘජුවම ජනතාව සතු විය යුතු මුදලක් අයථා මාර්ගයෙන් උපයාගැනීමකි. එවිට මේ රටේ පොදු ජනතාවට සමසේ බලපාන නීතිය අධිකරණය තුලදී පසිඳලිය යුතුය. . දෑස් බැඳ තුලාව අතින් ගෙන සිටින නීතියේ දෙවඟන ඉටුකළ යුත්තේ යුක්තිය මිසක පාලකයන් සමග නිදි වැදීම නොවන වග යලි යලිත් අවධාරනය කල යුතු සිදුවීම් පෙළක් ඉහත කී රුපියල් බිලියන 11,4 ක පාඩුවක් සිදුකල පුද්ගලයා වටා ගෙතී ඇත.

මහා යුධ වීරයෙකු සේ මේ රටේ හසරක් නොදත් මරිමෝල් ජනතාව ඉදිරියේ නැගී සිටින ගෝඨාභය රාජපක්ෂ මෙතරම් අධිකරණයට බිය ඇයිද යන්න රහසක් නොවේ. ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් පමණටත් වඩා සාක්ෂි උසාවිය හමුවට ඉදිරිපත් වී අතර , නීතියේ රැහැනින් පැනයාම වෙනුවෙන් ගෝඨාභය විසින් තෙවන වතාවටත් අත්අඩංගුවට ගැනීමෙන් වලක්වාලන නියෝගයක් ඉල්ලා ඇත. මින් පෙර ඔහු වෙනුවෙන් පෙනී සිටි සිරිසේන විසින් නීතිය ඔහුගේ කඩු තුඩට ගත් අතර, දෙවතාවක්ම ගෝඨාභය නිරුප්‍රදිතව ගෙදර ගියේය. සිරිසේන විසින් ගෝඨාභය කිරිකල හතකින් නාවා පිරිසිදු කරන විට , මේ රටේ අධිකරණ කිහිපයකින්ම රටේ සාමාන්‍ය වැසියන්ට දුන් නඩු තීන්දු පිළිබඳව නැවත පුන පුනා පැවසීමට අවශ්‍ය නැත. දේශපාලනයේ ඉහල ඇවරිය යනු මැතිවරණ වේදිකාවේ මේ රටේ තකතීරු ජනතාව ඉදිරියේ පමණක් විරසක වන අපුරු සත්ව කොට්ඨාශයකි. මෙරටේ ජනතා මුදල් ප්‍රකෝටි ගණනක් ගසා කෑ නීල හොරෙකු වන ගෝඨාභය, වාර කිහිපයක්ම නීතියේ රැහැනින් මුදාගැනීමට වර්තමාන ජඩ දේශපාලන කඳවුර සමත් විය. සිරිසේන මින් බලාපොරොත්තු වන්නේ වෙනස්ම දේශපාලන ප්‍රතිපලයකි. යම් ආකාරයකින් ගෝඨාභය නීතිය ඉදිරියේ වරදකරුවෙකු වේ නම් , තමන්ගේ 2020 ජනපතිවරණය තුල තීරණාත්මක වැඩ කොටසක් කරන පුද්ගලයෙකු අහිමි වනු ඇත. 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වයට ගෝඨාභය ගෙන ඒමට සිරිසේන ගේ ඉදිරි දේශපාලන සැලසුම වේ. මේ වන විට ගෝඨාභය නියෝජනය කරනු ලබන්නේ සිරිසේන පාර්ශවය බව දේශපාලන කරලියේ තිරයෙන් පිටුපස දිග හැරෙන කතාවයි. රාජපක්ෂ පවුලෙන් එල්ලවන දේශපාලන ආතතියෙන් ගලවා ඇත්තේද සිරිසේනගේ විධායක බලයෙනි. 2020 වනතුරු ගෝඨාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරිසේන ඉඩ නොතබනු ඇත. මෙම ආයුක්ති සහගත දේශපාලන කුපාඩිකමින් රටට අහිමි වන අති විශාල ධනස්කන්ධයට කිසිවෙකු වග කියනු නොමැත.

සබැදි පුවත් : ඇවන්ගාඩ් ගනුදෙනුවට එරෙහි නඩු එපා’ – ගෝඨා අධිකරණයෙන් ඉල්ලයි

49,073 Viewers

No comments