Header Ads

test

ඇමති දියණිය නිසා අමාරුවේ වැටුණු ඇමති තාත්තා


දේශපාලකයා විටෙක තමාගේ ගමනේ කාලය කෙටි කර ගැනීමට තමන්ගේ පවුලේ උදවියගේ ක්‍රියාකලාපය දැඩි ලෙසම බලපෑමකට ලක් වේ. අපට අමතක කල නොහැකි එහි ආසන්තම සිද්ධියක් වනුයේ මහින්ද රාජපක්ෂ 2015. ජනවාරි 8 පරාජය වීම තුලය. එයට ඔහුගේ බිරිදගේ දරුවන්ගේ සහෝදරයන්ගේ සමීප හෙන්චයියන්ගේ ක්‍රියා කලාපය මෙන්ම පවුල් පාලනය නිසා මහා ජනතාව දැඩි කලකිරීමට ලක් විය. රාජපක්ෂ පුත්තු දැන් සුදනන් ලෙස මාධ්‍ය ඉදිරියේ හැසිරුනද එදා බුදු දහමද කෙලෙසීමට පසුබට වුයේ නැත.

වර්තමාන ආණ්ඩුවටද එය බෝ වීමේ රෝගයක් ලෙස එය බලපෑමට ලක් වෙමින් පවතී. අද අපි සඳහන් කරන්න යන්නේ ඇමති දියණියකගේ ක්‍රියාකලාපය නිසා අමාරුවේ වැටුණු ඇමති පියෙකු ගැනය. 

ඒ අන් කවරෙකුත් නොව මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ගැනය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය මෙන්ම මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වන චාමි කිරිඇල්ල මහත්මිය පසුගිය දින වල දැඩි කතාබහට ලක් විය. ඒ වෙන මුකුත් නිසා නොව මහා මාර්ග අමාත්‍යංශයේ සිදු වන මුල්‍යමය අක්‍රමිකතා මෙන්ම වංචා මැයගේ අවශ්‍යතාවය මත සිදු වන බවය. SL News Web අප විසින් සොයා බැලීමේදී ලැබුණු තොරතුරු වුයේ මහා මාර්ග අමාත්‍යංශය හරහා මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය හරහා එන සියලුම කොන්ත්‍රාත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඇයට අයත් සමාගමක් හරහා ලබා ගන්නා බවයි. 

කැන්ඩි කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් ලෙස හඳුන්වා ඇති එය අමාත්‍යංශයේ කොන්ත්‍රාත් සියල්ල ලබාගෙන ඒවා තවත් උප සමාගම්වලට ලබාදෙමින් අධික ලෙස කොමිස් මුදල් උපයන බවය.  මෙහිදී මැය විසින් කොන්ත්‍රාත්කරුවන්ගෙන් 10%, 25% කොමිස් මුදල් ඉල්ලන දුරකථන හඩපට කිහිපයක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතට ලැබී ඇති බවට අප වෙත තොරතුරු ලැබී ඇත. මේ පිලිබදව කිරිඇල්ල අමාත්‍යවරයාට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවවාද කලත් ඔහුගේ දියණිය නොනවත්වා කොමිස් ගැහිල්ල කරගෙන ගොස් ඇත. ඊට අමතරව දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මධ්‍යම අධිවේගී මාර්ග වංචාවද මෙයට දැඩි ලෙස බලපා ඇත.

ඇමැතිකමට තට්ටු.....

එම නිසා ඔහුව මහා මාර්ග ඇමැතිධුරයෙන් ඉවත් කර වෙනත් අමාත්‍යධුරයක් ලබා දීමට විධායකය අවසන් නිගමනයට පැමිණ ඇත. මේ පිළිබද සැල වීමත් සමග කිරිඇල්ල අමාත්‍යවරයා. අද (22) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුපස වැටි සිටිමින් මෙම සංශෝධනය නොකරන ලෙස ඉල්ලමින් සිටි බව වාර්තා වේ.

ඇමති පවුල් පාලනය 

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා එකම පවුලේ සිවුදෙනෙකුට මහා මාර්ග අමාත්‍යංශයේ උපදේශක තනතුරු ලබාදී ඇතැයි වාර්තාවේ.

මෙසේ උපදේශක තනතුරු ලබාදී ඇත්තේ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගේ පවුලේ උදවියටය.

මාධ්‍ය ලේකම් රජිත සමරසූරිය, ඔහුගේ සහෝදරයා, සහෝදරිය හා පියාට මෙසේ උපදේශක තනතුරු දී ඇතැයි පැවසේ.

සාවින්ද සමරසූරිය (සහෝදරයා), ආත්මා මධුවන්ති පීරිස් (සහෝදරිය) හා සිරිල් සමරසූරිය (පියා) මෙසේ උපදේශක තනතුරු ලැබූවෝ වෙති.

මේ තිදෙනාගේම පිදිංචි ලිපිනය ලෙස සටහන්ව ඇත්තේ අංක : 106, අරුප්පොළවත්ත, මහනුවර යන ලිපිනයයි.


එසේ එක් අයකුට රැපියල් 65,000ක දීමනාවක් ගෙවන බව වාර්තා වේ.

තවත් හෙළිදරව්වක්.




ඇමතිතුමනි, රටේ ජනතාව නම් අවධියෙන්…

සබැදි පුවත් : කිරිඇල්ලගේ දූ මිලියන 300ක් කොමිස් ගනියි.

No comments