Header Ads

test

උදයංග මුදාහරින්න, ඡන්දේ අස්සේ ගෙනාවොත් අපිට කෙලවෙනවා... සාගලගෙන් පොලිසියට නියෝගයක් !


කුප්‍රකට මිග් යානා ගනුදෙනුවට හිටපු ආරක්ෂක ලේකම් සමගින් චෝදනා ලබා සිටින උදයංග වීරතුංග දීර්ඝ කාලයක් තිස්සේ මෙරට දුෂණ වංචා හෙළිදරව් තුල නිතැතින්ම කියවන නමකි. මහින්ද රාජපක්ෂ මහතා සමග විවිධ තැන් වල හැංගි මුත්තන් කරමින් සිටි උදයංග පසුගියදා ජාත්‍යන්තර පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොලදීය. ඒ ඔහු ඇමරිකාවට යාමට පැමිණිම අතරතුරය.  මේ වනවිට මිග් යානාවේ මහ මොලකරු වන ගෝඨාභය රාජපක්ෂ සිටින්නේද ඇමරිකාවේය.

උදයංග අත් අඩංගුවට ගත් ජාත්‍යන්තර පොලිසිය ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය රාජතාන්ත්‍රික අයුරින් දැනුවත් කල අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිදෙනෙක් ඩුබායි වෙත වහාම පිටත්ව ගියේ ඔහුව මෙරටට රැගෙන ඒමටය. නමුත් එකවරම ජනතාවට දකින්නට ලැබුනේ තමන් නිදහස් කල බවට ඔහුගේ මුහුණු පොතේ පළවූ සටහනකි. එහි ඔහු පොලිසියට චෝදනා නගමින් හා වහසිබස් දෙඩිමක් දකින්නට ලැබිණි.

මෙම සිදුවීම පසුපස තිරය පිටුපස සිදු වූ සිදුවීමක් බව අප ඊයේ හෙළිදරව් කලා.  එහිදී මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අමතා කියා සිටියේ උදයංග වීරතුංග කිසි සේත් මෙරටට රැගෙන නොඑන ලෙසයි. එසේ උවහොත් එජාප සහ පොදුජන පෙරමුණේ මැතිවරණ කැම්පේන් එක විනාශ වී නිදහස් පක්ෂය හා මෛත්‍රී පිලට එහි වාසි අත් වන බව පෙන්වා දී ඇති බව වාර්තා වුවා. මෙහිදී අගමැතිවරයා සහ සාගල රත්නායක අමාත්‍යවරයා අතර රහස් සාකච්ඡාවක්ද  සිදු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කළා.

මේ සිදුවීම සමග අපට අසන්නට ලැබුනේ උදයංග නිදහස් වූ පුවත සහ දෙරණ ඇතුළු රාජපක්ෂවාදී සාමාජ මාධ්‍ය එම පුවත ප්‍රචාරණය කිරීමයි. සිදුවීම පසුපස කුමන්ත්‍රණයක් ඇති බව බැලු බැල්මටම තේරෙන්නේ ජාත්‍යන්තර පොලිසිය අත් අඩංගුවට ගත් සැකකරු පිළිබඳව වරදක් නැතිනම් ඔවුන් කිසි සේත්ම මෙරට ආරක්ෂක අංශ දැනුවත් කිරීමට හේතුවක් නොමැත. අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා උදයංග මෙරටට ගෙන ඒමට සුදානම් වූ පසු හදිසියේ ඔහු මුදා හරියේ ඉහත කි දේශපාලන කුමන්ත්‍රණයේ කොටසක් නිසා බව හෙළි වෙමින් පවතී.  මෙහිදී සාගල රත්නායක අමාත්‍යවරයා සහ පොලිසියේ ඉහල පුටු කිහිපයක සිටින නිලධාරින් සමග දුරකථන සංවාද කිහිපයක් සිදුව ඇති බවටද වාර්තා වෙනවා.

ඩුබායි නීතියට අනුව ඉනටර්පෝල් මගින් ඕනෑම චූදිතයෙක් අත් අඩංගුවට ගෙන පැය 48ක් ඇතුළත අදාළ රටේ පොලීසිය විසින් කරැණු ඉදිරිපත් කර ඒ චූදිතයාව භාර නොගතහොත් එම චූදිතයාව වහාම ක්‍රියාත්මක වන පරිදි නිදහස් කිරිම සිදු කරයි. මහින්ද – රනිල් – සාගල කුමන්ත්‍රණය නිසා යළිත් වරක් අතටම හසුවී සිට පැන ගිය උදයංග වීරතුංග මේ වනවිට තම මූණු පොත හරහා වහසිබස් බවා දොඩමින් සිටියි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සාගල රත්නායක නීතිය සහ සාමය ඇමතිට සහ පෙලිස්පතිට ඒ පිළිබඳව වාර්තා ලබාදෙන ලෙස නියෝග කොට ඇත. ඒ වාර්තාවට අනුව සමහරවිට සාගලගේ ඇමතිකම පවා ගැලවී යාමට ඉඩ ඇත..

36,087 Viewers

No comments