Header Ads

test

රාජ්‍ය ඇමති වසන්ත ගැන තිරයෙන් ඇතුලේ සහ පිටත කතා


කැබිනට් සංශෝධනයෙන් අනතුරුව එලියට පැමිණි වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ හිතවත් මන්ත්‍රීවරුන් සමග පවසා ඇත්තේ මේක මහා විකාරයක්. මුන්ට පිස්සු අර මාතර අන්තිම වෙච්ච සාගල ඇමති .. පළවෙනියා වෙච්ච බුද්ධික ආයේ පාරක් එළියේ යනුවෙන් පවසමින් එලියට බැස යන්න ගොස් ඇත. 
රාජ්‍ය ඇමති වසන්ත එතනින් පිට වූ පසු තිරයේ පිටුපස කතාව 
ඉන්පසු අර මන්ත්‍රී වරු කතා වී ඇත්තේ මූට නම් උනේ හොද වැඩේ... 
1. වසන්තට ඇමතිකමක් නැති හින්දයි ඔය රිදිලා තියෙන්නේ. හැබැයි මිනිහා කියපු එක කතාවක් ඇත්ත. සාගලට ඇමතිකම් දෙන්න මොකක්ද සුදුසුකම... මොනවද කරලා තියෙන්නේ..
2. එයාගේ සුදුසුකම ලොක්කාගේ ... ගන්න එකනේ...
3. ඔව්.. ඔව්... ඒක ඇත්ත. මෙහෙමයි වසන්ත පක්ෂ මාරු කර කර එකේක තැන් වල බිබී ගැනුත් එක්ක ආතල් ගත්ත එකයි කලේ.. ඩී එස්. සේනානායකගේ පරපුරේ කිව්වට එතුමාගේ අහලකින් තියන්න බැහැ. පොළොන්නරුවේ මිනිස්සු බල්ලෙකුට වගේ බනිනවලු. මේ මිනිහා ආසනේට යන්නේ නැහැලු.. තමන්ගේ සීයා  හදපු පක්ෂෙට මෙහෙමනම් අනිත් ඒවා කොහොමද ?
4. "මෙයාට පුලුවන්ද නායකතුමාව යවන්න.... විහිළු කතා අනික මෙයා එක්ක කවුද ඉන්නේ " මහින්දගේ ආණ්ඩුවක් අවොත් ලැජ්ජා නැතුව ඒකටත් යයි... හැබැයි පොළොන්නරුවේ මිනිස්සු ඊලග චන්දෙදි මෙයාව පොළොන්නරුවෙන් යවනවා   යන්නය. 
රාජ්‍ය ඇමති වසන්ත මාධ්‍ය ඉදිරියේ කතාව 

අද (පෙබරවාරි 25) සිදු කෙරුණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ‘කොමඩි නාට්‍යයක්’වැනි යයි විදේශ කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.
“කොමඩි නාට්‍යයක් තමයි, ආණ්ඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකෙ පළවෙනි කොටස තමයි අද ‘ප්ලේ’ කළේ. දෙවැනි කොටස ඊළඟ දවසේ ‘ප්ලේ’ කරයි. හැබැයි !ජනතාව හිනාවෙයි ද? අඬයි ද? ගල් ගහයි ද? දන්නේ නැහැ” රාජ්‍ය ඇමතිවරයා සිය ප්‍රතිචාරය පළ කරන ලද්දේ එවැනි වචන උපයෝගී කර ගනිමිනි.
ඔහු සිය අදහස් පළකළේ අද (පෙබරවාරි 25) සංශෝධිත කැබිනට් ඇමතිවරුන් දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
ජනතාව බලාපොරොත්තු වූ වෙනස කිසිසේත්ම සිදු නොවූ බව පවසන රාජ්‍ය ඇමති වසන්ත සේනානායක “ඒ වෙනස හොඳින් හෝ නරකින් සිද්ධ වේවි ” යයිද කියා සිටියේය.
‘අගමැතිවරයා පදවියෙන් ඉවත් කළ යුතුදැයි’ මාධ්‍යවේදියෙකු විසින් මතු කරන ලද ප්‍රශ්නයකට ඔහුගේ පිළිතුර එවැන්නක් විය.
අද සිදු කෙරුණ කැබිනට් සංශෝධනය ගැන අමාත්‍යවරුන් අතර එතරම් සුබවාදී ආකල්පයක් තිබෙනු දක්නට නොලැබුණි.
ජනතාව බලාපොරොත්තු වූ වෙනස කිසිසේත්ම සිදු නොවූ බව පවසන රාජ්‍ය ඇමති වසන්ත සේනානායක “ඒ වෙනස හොඳින් හෝ නරකින් සිද්ධ වේවි ” යයිද කියා සිටියේය.
ඔහු එම ප්‍රකාශය කළේ ‘අගමැතිවරයා පදවියෙන් ඉවත් කළ යුතුදැයි’ මාධ්‍යවේදියෙකු විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
23,790 Viewers


No comments