Header Ads

test

අගමැතිගේ සහයට අත්සන් ගැනීම අද හවස !


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලේඛනයක් සඳහා අත්සන් ගැනීම අද (18) සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
එම ලේඛනය ජනාධිපතිවරයාට ලබාදීමට නියමිත අතර එහි පිටපතක් කථානායකවරයාට ලබාදීමට නියමිතය.
මේ ලේඛනයට අත්සන් තැබීම සිදුකරනු ලබන්නේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විසිනි.
එජාපයේ විශේෂ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (18) පෙරවරුවේ ද රැස්වීමක් පැවැති අතර එම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45 දෙනෙකු එක්ව සිටි බව පැවසේ.
එම මන්ත්‍රීවරුන්ගෙන් එහිදී අත්සන් ගැනීම සිදු කිරීමට යෝජනා වුවද පසුව එය අද පස්වරුව වන තෙක් පස්සට තල්ලුවී ඇති බවද මේ අතර වාර්තා වේ.
රංගේ ආයෙත් ගේමේ !
කෙසේවුවද, එම රැස්වීමේදී අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා අදාළ ලේඛනයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ මීට පෙරද අවස්ථා ගණනාවකදී පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු සිදු කරන බවට පැවසමින් ඒවා සිදු නොකළ බැවින් මෙවර ඒ සඳහා පැහැදිළි සැලැස්මක් ඉදිරිපත්කරන තෙක් අදාළ ලේඛනයට අත්සන් කිරීම සිදු නොකරන බව ඔහු පවසා ඇත.
නිමල් අගමැති කරන්න තවත් උත්සාහයක්
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීමට කණ්ඩායමක් අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වේ.
සුළු සැත්කමක් සඳහා රෝහල්ගතව සිටින ඩග්ලස් දේවානන්ද මහතාගේ සැත්කම අවසන්වී ඔහුට සිහිය ලැබෙනතුරු සිටි නිමල්ට පක්ෂ පිරිසක් ඔහුගේ අත්සන ගෙන ඇති බවද පැවසේ.
හදිස්සි ගැසට් එකක්
මේ අතර, හදිස්සි ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට යන බවටද තවත් රාවයක් පැතිර තිබේ.
ජනපති - කථානායක හමුවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කථානායකවරයා අද (18) පස්වරුවේ කැඳවා ඇති බවට මේ අතර තවත් රාවයක් පැතිර ගොස් තිබේ.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් රජයේ ඉතා විශ්වාසදායක ආරංචියකින් වාර්තාවන්නේ හෙට (19) වන විට මේ සියල්ල අවසන් වනු ඇති බවයි.

29,492 Viewers

No comments