Header Ads

test

පොහොට්ටු ශ්‍රීලනිප ආණ්ඩුවකට මැති ඇමති වෙන්දේසිය ඇරඹේ… ලන්සුව කෝටි පහළොවයි..


පොදුජන පෙරමුණ ( පොහොට්ටුව ) සහ ශ්‍රීලනිපයේ කණ්ඩායමක් ආණ්ඩුවක් පිහිටුවීම සදහා දේශපාලන ස්ථාවරයන් මාරු කරමින් නව ආණ්ඩුව එක්වන මැති ඇමතිවරුන් සදහා ඉහලම මිල නියම කිරීමක් සිදුව ඇති බව දේශපාලන කවයන්හි සාකච්චා වෙයි.

ඒ අනුව එක් අයෙකුට යෝජනා වී ඇති මුලද රුපියල් කෝටි දහයක් පමණ වන්නේ යයිද වාර්තා වෙයි. එයට අමතරව නව ආණ්ඩුවේ විශේෂ අමාත්‍යධුර ලබා දීමටද තීරණය කර ඇත.

සරල බහුතර ආණ්ඩුවක් පිහිටුවීම නම් පාර්ලිමේන්තුවේ ආසන 113ක් අවශ්‍යව ඇති අතර එය සැපිරීමට මේ වන විට එකාබද්ධයේ 4 දෙනෙක්  ශ්‍රීලනිපයේ 5 දෙනෙක් එක්ව එජාපයේ 3 දෙනෙක් මේ වන විටත් එජාපය සහ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සමග සාකච්ඡ කරමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි..

මෙම පුරප්පාඩුව සදහා දැනටමත් ශ‍්‍රිලනිප ඇමතිවරුන් දස දෙනෙකු එජාප මැති ඇමති වරුන් දහ නව දෙනෙකු හා දෙමල සන්ධාන මන්ත‍්‍රීන් තිදෙනෙක් සූදානමින් සිටිතැයිද සදහන්ය.

No comments