Header Ads

test

අවසන් හෝරාවේදි ආදරයෙන් මව් බිමේ ආදරණීය ජනතාවට ලියමු....


අපි ජීවත් වන්නේ විදේශ රටවල් වල.... අපට ලංකාවේ දේශපාලනය ගැන මොකටද....? මොන පක්ෂය බලයට ආවත්, අපිට ප්‍රශ්නයක් නැහැ.... ඕනෑම එකෙක් හොරා කෑවට අපිට අවුලක් නැහැ.,..මොකද මම මෙහෙම කියන්නේ.... අපි බොහොම දුක් මහන්සියෙන් හම්බ කරලා අපේ දරු මල්ලොත් එක්ක කාලා බීලා නිදහසේ අපේ පාඩුවේ ඉන්න පුළුවන්.තව කීයක් හරි ලංකාවේ ඉන්න අම්මා, තාත්තාට , සහෝදර, සහෝදරියන්ට හරි අපි හම්බකරන සල්ලි වලින් යවන්න පුළුවන්. ඔය වැඩිපුර කීයක් හරි හම්බ කරන අය ලංකාවේ දුගී පවුල් වල දරුවන් සඳහා මාසිකව කීයක් හරි යවන වැඩපිළිවෙළක් හදාගන්න පුළුවන්... අවුරුදු කීපයකට සැරයක් රටට ඇවිල්ලා යාලුමිත්‍රයන් හමු වෙලා, පොඩ්ඩක් සෙට් වෙලා ආතල් එකක් අරගෙන ආපහු යන්න පුළුවන්... ඉතින් වෙන මොනවද....?

එහෙනම් මොන කෙන්ගෙඩියකටද මේ උදේ හවා කාලය කා දමමින් (උඹලා කියන විදිහට) මෙච්චර දේශපාලනය ගැන කා කරන්නේ, වාද කරන්නේ, මිත්‍රයන් සමග දේශපාලන ගැටුම් ඇති කර ගන්නේ...? අන්න ඒක තේරුම් ගන්න තමයි මේ කියන්නේ.. අපි අපේ රටට ආදරෙයි...ශ්‍රී ලංකාව අපිට උපන් බිම... අපිට කැහිල්ලකට නොවේ යි.අපි පිටරටවල් වල හිටියට ඕක අපේ රට බොලව්.,.. දැන් ඉතින් මෝඩකමට අහන්න එපා, එහෙනම් මොන මගුලකටද උඹලා රට ඉන්නේ කියලා.ඒක අපේ පෞද්ගලික වගේම රටේ ආර්ථිකය සම්බන්ද කාරණාවක්.,.හැබැයි මේකත් මතක තියාගනිල්ලා, උබලා බොහොමයක් භුක්ති විඳින්නේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් එවන මුදලවලින් කොටසක් නිසා බව..... අපි ජීවත් වන රටවල් එක්ක බලද්දි ලංකාවේ බහුතරයක් මිනිසුන්ට හරියට කන්න කෑමක් වත් නැහැ.ඇයි එහෙම වෙලා තියන්නේ ලංකාවේ දේශපාලනයේ තිබෙන අපොහොසත් කම.හොරකම වංචාව, දූෂණය, ජඩකම නිසා රට විනාශ වෙලා.... අද පක්ෂ දේශපාලනය රට වනසලා. මොකද බලයට එන හැම එකාම උන් පත් වුනේ අපේ ජනතාව කියලා අමතක වෙනවා. උන් ඊට පස්සේ කරන්නේ උන් උනුයි උන්ගේ පවුල් වල සනුහරෙයි ගජ මිතුරෝයි චකගොලයෝයි  ශක්තිමත් කරලා, පක්ෂයත් ශක්තිමත් කරන එක විතරයි. උන් රට  හදන්නේ නෑ .. උන් බලන්නේ උන්ගේ වාසිය විතරයි. බලය ගන්න ඕනෑම බලු වැඩක් කරනවා. මේ ක්‍රමය වෙනස් නොකලොත් මේ රටේ විනාශය වැඩි අතක නෙවෙයි. අපිට මේ රටවල් දිහා බලාගෙන ලංකාවේ දියණුවේ තරම පිළිබඳව පුදුමාකාර කේන්තියක් එනවා.උඹලා සහ උඹලාගේ ජඩ තක්කඩි දේශපාලුවන් පිළිබඳ ව.තේරුම් ගනිල්ලා "ලෝකය කියන්නේ ලංකාව නොවෙයි.." දැන්වත් ඔය වහල් බැමි කඩාදමාපල්ලා.ලෝකය දෙස හොඳින් බලාපල්ලා... උඹලාගේ දරුවන් ගැන හිතලාවත්... එලබෙන 10 දා ඔලුව කල්පනා කරලා, දරුවන්ගේ මුහුණ බලලා වටිනා බුද්ධිමත් තීරණයක් ගනිල්ලා..... අවුරුදු හැත්තෑවක් තිස්සේ කරපු මෝඩකම් වලින් අයින් වෙලා රටට ආදරේ කරන මිනිස්සු කොටසක් චන්දෙන් පත් කර ගැනීමට උඹලට ධෛර්යය සහ ශක්තිය පතමු... ජයවේවා....😍😍😍

විදෙස් රටක වෙසෙන අපේ තරුණ හදවතකට දැනුණු හදවත කීරි ගැහෙන වචන පෙළක්

42,559 Viewers

No comments