Header Ads

test

නිදහස් උදයංගට රතු වරෙන්තුවක්


මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති කුප්‍රකට උදයංග වීරතුංග පසුගියදා ඩුබායි ගුවන් තොටුපලේදී රදවා ගනු ලැබූ අතර එහිදී ලැබූයේ රතු වරෙන්තුවක් නිකුත් කිරීම නිසා එය සිදු වූවා යන්නය. නමුත් ඔහුට අන්තර්ජාතික පොලිස් මූලස්තානය (Interpol) විසින් නිකුත් කර තිබුණේ නිල් වරෙන්තුවකි. එයින් නෛතික කටයුතු කල හැක්කේ රදවා ප්‍රශ්න කිරීමෙන් පසුවය. ශ්‍රී ලංකා රජයද නිවරදි නෛතික ක්‍රමය දැන ගත්තේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඩුබායි රට බලා යෑමෙන් අනතුරුවය. ඉන්පසු ශ්‍රී ලංකා රජය විසින් නැවත රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස අන්තර් ජාතික මූලස්ථානය ( Interpol ) ඉල්ලීමක් කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සලකා බලන ලද ප්‍රංශ රජය විසින් අන්තර්ජාතික පොලිස් මූලස්ථානය වෙත රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස දන්වා සිටින ලද අතර, ඒ අනුව ඊයේ දිනයේ උදයංග වීරතුංග වෙනුවෙන් නිකුත් කර තිබූ නිල් වරෙන්තුව වෙනුවට රතු වරෙන්තුවක් නිකුත් කොට ඇත. දැනට අබුඩාබි රාජ්‍යයට පලාගොස් සිටින උදයංග වීරතුංග ඉදිරි සතිය වන විට අත් අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි අන්තර්ජාතික පොලිස් මූලස්ථානය විසින් මෙරටට දැනුම් දී ඇත. මේ සියල්ල එසේ සිදු වෙද්දී උදයංග නිදහස් කිරීමට දත කෑ  යහපාලන ආණ්ඩුවේ ඩීල් කාරයන්ගේ ඉහමොල රත් වී ඇති බවද SL NEWS WEB අපට තොරතුරු ලැබී ඇත.

No comments