Header Ads

test

මහරගම එජාප පරාජය කොන්ත්‍රාත්තුවක්


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ මහරගම ආසනය ජයග්‍රහණය කිරීමට බයිසිකලය යටතේ තරග කල පොදු ජන පෙරමුණේ අනුග්‍රහය ලැබූ පක්ෂය සමත් වී තිබෙනවා.

දැඩි සිංහල බෞද්ධයන් වාසය කරන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබූ මහරගම ජයග්‍රහණය කිරීම සඳහා අමාත්‍ය චම්පික රණවක මහතා දැඩි පරිශ්‍රමයක් දැරීය. මහරගම එජාප අන්ත පරාජයට තරුණ සේවා සභාපති එරන්ද වැලිඅංගේ මහතා සහ ඔහුගේ පිටුපස භූමිකාව ඉටු කල හිටපු ඇමති විජේදාස රාජපක්ෂගේ සම්බන්ධිකරණ ලේකම් වරයෙක් මෙන්ම තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන දසුන් නාගස්හේන මහතා වගකිව යුතු බව මහරගම ජනතාව පවසන කරුණක් බව අප අභ්‍යන්තර ආරංචි මාර්ග වලට තොරතුරු ලැබී ඇත.

හිටපු ඇමති විජේදාසට සහ එකාබද්ධයට අවශ්‍යව තිබු මහරගම එක්සත් ජාතික පක්ෂ පරාජය මොවුන් ලවා සිදු කල බවද තොරතුරු ලැබී ඇත. පසුගිය පෙබරවාරි 09 වන දින අංක 17, විජයබා මාවත, නාවල, නුගේගොඩ හිටපු ඇමති විජේදාස රාජපක්ෂගේ නිවසේදී එම හිටපු ඇමතිවරයා, තරුණ සේවා සභාපති සහ තවත් ඒකාබද්ධයේ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී මෙම තරුණ සේවා සභාපතිවරයා පවසා ඇත්තේ " ඔන්න සර්ට ඕන දේ මම කලා. දසුන් අයියා මට පුල් සපෝට් එක දුන්නා. යුඑන්පී ගෝතයන්ට ගොඩ ඒමක් නෑ. අනික මිස්ටර් ක්ලිනුයි රවියයි මේ වෙලාවේ කෙලෝ ගෙන ඉන්න නිසා අපිට වැඩේ ලේසි උනා." පවසා තිබු බව අභ්‍යන්තර තොරතුරු කරුවෙක් අපට දැනුම් දෙන ලදී.

මහරගම තරුණයෙක් තැබූ ෆේස්බුක් සටහක්  :



41,237 Viewers


No comments