Header Ads

test

එජාපය එකඟතා කඩ කරයි : කැබිනට් සංශෝධනය අදත් නෑ.


එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් සංශෝධන ඇතුළත් ලැයිස්තුව මේවන විට ජනපතිවරයාට ලබාදී ඇති තිබුණ ද ඔහු එම ලැයිස්තුවට එකඟවී නැති බව වාර්තා වේ.

ජනපතිවරයා සමඟ අගමැතිවරයා තරුණ දක්ෂ පිරිසට ඇමතිකම් ලබාදෙන දීමටත්, දූෂණ චෝදනා එල්ලවූ හා අකාර්‍යක්ෂම අමාත්‍යවරු අදාළ ධූරවලින් ඉවත් කිරීමටත් එකඟ වී තිබුණ ද එක්සත් ජාතික පක්ෂය විසින් ලබා දුන් සංශෝධනවල ඉහත එකඟතා ඇතුළත්ව නොතිබීම නිසා එම ලැයිස්තුව ජනපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

මේ හේතුවෙන් අද (23) කැබිනට් සංශෝධනයක් සඳහා ජනාධිපති කාර්යාලයේ සූදානමක් නොමැති බව ද වාර්තා වේ.

ජනාධිපති කෝ ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පෙරවරුවේ ඇඹිලිපිටියේ උත්සවයක් සඳහා සහභාගිවී ඇති බවත්, ඉන්පසුව ඒ මහතා අද පස්වරුවේ පදනම් ආයතනයේ උත්සවයකට සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරයා හෙට (24) අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති ගිරාඹේ ආනන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවයට සහභාගිවී පසුදින (ඉරිදා) පොළොන්නරුවට යාමට නියමිත වන අතර මේ හේතුවෙන් කැබිනට් සංශෝධනය ලබන සතිය තෙක් කල් යෑමේ අවධානමක් මතුව ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

No comments