Header Ads

test

ඔන්න සිරෝ කරනවා නම් වැඩ



පසුගිය මැතිවරණ ප්‍රතිපල සමග මහින්ද රාජපක්ෂ ලහි ලහියේ මහ මැතිවරණයක් ඉල්ලා සිටීමේ යටි අරමුණ අප සොයා බැලිය යුතුය.

මැතිවරණයට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බැඳුම්කර වාර්තාව හා මහා පරිමාණ දුෂණ පිළිබඳ වාර්තා මේ රටේ ඉහල දේශපාලන ඇවරිය මුලුනුපුටා දැමිය හැකි වාර්තා ලෙස නම් කල හැක. සිරිසේන විසින් මැතිවරණයට දින දෙකක් තිබියදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ කිසි දිනක ඒ හරහා මේ රටේ ප්‍රභූ හොරුන්ට දඬුවම් දීමේ පරමාර්ථයෙන් නොව හුදෙක් දේශපාලන වාසි තකා ජනතාව රැවටීමට පිණිසය. නමුත් සිරිසේන ලබාගත් කටුක පරාජයත් , දේශපාලන සියදිවි නසාගැනීමත් යම් තාක් දුරකට සමනය කර ගත හැකි වන්නේ මෙම වාර්තා හැකි ඉක්මනින් අධිකරණ ක්‍රියාවලියකට යොමු කිරීමෙන් පමණි. පක්ෂ සභාපතිකම හෝ බංකොලොත් ශ්‍රීලනිප ය යලි ගොඩ ගැනීම වෙනුවෙන් හෝ කාලය මිඩංගු නොකර , මහා පරිමාණ දුෂණ වංචා හරහා 100% ක ඔප්පු කල හැකි චෝදනා වලට ඉලක්ක වී ඇති මහින්ද , බැසිල්, නාමල්, ගෝඨාභය , විමල් , ජොනී, මහින්දානන්ද වැනි නීල හොරුන්ගේ පැටිකිරිය  මෙන්ම රනිල් රවී මලික් කබීර් ඇතුළු එජාප නීල හොරුන්ගේ පැටිකිරියද සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් තුල විමර්ශනයට ගෙන ඒමෙන්ය. එයට අවශ්‍ය කාලය 2020 වන තුරු සිරිසේනට නෛතිකව හිමිව ඇති මොහොතක , කඩු කරකවමින් , මඩු වලිග නටවමින් ජෝගි නටනවා වෙනුවට , තමන් මිය යන්නට පෙර , තමන් බලයට ගෙනා මේ රටේ සොරුන්ට එරෙහි ජනතාවට යුතුකමක් කිරීම වෙනුවෙන් හෝ මෙම අධිකරණ ක්‍රියාවලිය පෙරට ගෙන ආ යුතුය. එයට එරෙහිව පෙරට එන වහල් බලකායන්ට මෙන්ම චීවරධාරීන්ටද බලය යෙද විය යුතුය. සාධාරණ ශිෂ්‍ය සටනක් ඔලු පොඩි පට්ටම් කර මැඩපැවැත්වීමට හපන් සිරිසේනලාට එවිට තමන් බලයට ගෙනා ජනතාව වෙනුවෙන් ඒ යුතුකමද නොපැකිලිව ඉටුකළ යුතුය. තවත් වසර දෙකක් තුල තමාට හා තම පවුලේ සාමාජිකයින්ට එරෙහිව උසාවිය ඉදිරියේ නඩු පැවරේදැයි   බියකින් පෙලෙන රාජපක්ෂ අද ඉල්ලන්නේ කඩිනම්  මහ මැතිවරණයකි. මන්ද , ඉන් පෙර තමන්ට එරෙහි ඔප්පුකල හැකි මහා පරිමාණ සොරකම් සියල්ල අධිකරණය තුල ඔප්පු වුවහොත් තමන්ගේ දේශපාලන ඉරණම අංශක 360 කින් ආපසු කරකැවෙන නිසාය. එමෙන්ම ඒ හරහා එක්සත් ජාතික පක්ෂයටද යලි කිසි දිනක හිස එසවීමට නොහැකි වනු ඇත. සියලු තුරුම්බු සිරිසේන සතුව තිබියදී , කෙලින් කල යුත්තේ තමාගේ නැමුණු ,කොන්ද පමණි.

31,451 Viewers

No comments