Header Ads

test

හවුල් ආණ්ඩුවට පක්ෂයි : නමුත් රනිල් එක්ක කොහෙත්ම බෑ - ශ්‍රීලනිප


එක්සත් ජාතික පක්ෂ පාර්ශවය වෙතින් යහපාලන සම්මුති ආණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යාමට යෝජනාවක් මේ වන විටත් තමන් වෙත ලැබී ඇති නමුත් එම හවුල් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ නොසිටිය යුතු බවට  ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලංකා නිදහස්  පක්ෂ අමාත්‍යවරුන්  දැඩි මතයක සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකු SL News Web වෙත ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කර සිටියේය.

ජනාධිපති තුන් පාරක්ම කියලා

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මේ වන විට තුන් වරක් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වුණු බවත් එහිදී දිගින් දිගටම ආණ්ඩුව තුළ ඇති රනිල් විරෝධය පිළිබඳ ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කර ඇති බවය.

උප්පරවැට්ටි පැහැදිළියි : කොහොමහරි ඉන්න හදන්නේ 

එවැනි පසුබිමක තවදුරටත් කුමන හෝ උප්පරවැට්ටියක් යොදා  ධූරය රැකගැනීම  මිස ආණ්ඩුව ආරක්ෂා කිරීමට හෝ 2015 ජනවරම ආරක්ෂා කිරීමේ අභිලාශයක් රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

පෞද්ගලික අමනාපයක් නෑ

එසේම තම පාර්ශවයට රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිඳු පෞද්ගලික අර්බුදයක් නොමැති බවත් සිය පක්ෂය අභ්‍යන්තරයේ පවා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගමනක් නොමැති බවට නිශ්චිත අදහසක් මතුව ඇති පසුබිමේ එය තේරුම්ගෙන කටයුතු කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යයක් බවද ඔහු සඳහන් කරයි.

තවද මතුව ඇති තත්ත්වය හමුවේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණයවීමේ තාවකාලික අවධානමක් ඇති නමුත් ඊට වඩා දීර්ඝකාලීන අවධානමක් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස  තබාගැනීම හමුවේ තිබෙන බවද ඔහු පැවසීය.

37,458 Viewers

No comments