Header Ads

test

රනිල්ට බෑ.. එජාප නායකත්වයෙන් අස්වනු..- අගමැති රනිල්ට දැඩි බලපෑම්


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ නොරැදී වහා ඉන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂයේ ජේෂ්ඨයන් මෙන්ම පසුපෙළ මැති ඇමතිවරුන්, පාක්ෂිකයන් සහ එම පක්‍ෂයට හිතවාදී වෙබ් අඩවි හා සමාජ ජාලා ගිණුම් වල වාර්තා පල කර ඇත. එයට එක හේතුවක් වී ඇත්තේ සාගල,මලික්,අකිල එරන්ද වැනි ශරීර අවශ්‍යතා ඉටු කර ගැනීමට ලං කරගෙන සිටින පිරිස සහ ගජ මිතුරන් මෙන්ම රෝයල් ගොතයන් සෙට් එක නිසාවෙන් පක්ෂයේ අභ්‍යන්තරය මෙන්ම බිම් මට්ටමේ පාක්ෂිකයන් දැඩි කලකිරීමෙන් සිටීම හේතුවෙන්ය. මේ අන්ත පරාජයට වගකිව යුත්තේ රනිල් ඇතුළු මේ පිරිස යන්න සමාජ මතයයි.

අවස්ථා දෙකකදී ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකල එක්සත් ජාතික පක්‍ෂයට 2020 දීද අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට හැකි නොවනු ඇති බව වාර්තාවන්හි දැක්වෙයි. දිනෙන් දින එක්සත් ජාතික අන්ත පරාජයට ලක් වෙමින් අගාධයට ඇද වැටීම රනිල්ගේ අදුරදර්ශී පාලනය නිසා බව පක්ෂ අභ්‍යන්තරයේ මතයයි.

මැතිවරණ ප‍්‍රතිපලය අනුව හෙලිවන දෑ පිලිගෙන අගමැතිවරයා වහා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වී වෙනත් සුදුස්සෙකු පත් කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවද වැඩි දුරටත් සදහන්ය.


42,229 Viewers

No comments