Header Ads

test

බැදුම්කර බෑණා හා පලිසේන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..


බැඳුම්කර ජනාධිපති කොමිසම මගින් චූදිතයන් කළ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ඔහුගේ බෑණා අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන තිදෙනා අද හෙටම අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය හරහා තිදෙනාට අදාළ පරීක්ෂණ සඳහා නීතිමය අවසරය පසුගිය සිකුරාදා ලබා ගත්තේය.
ඒ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මෙම සැකකරුවන් පෙබරවාරි 15 දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවය. අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අයට විදේශ ගමන් තහනමක්ද පැනවිණි. දැනට සිංගප්පූරුවේ පදිංචිව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙත සිංගප්පූරු පොලිසිය හරහා මීට අදාළ සිතාසි බාරදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
බැඳුම්කර සිද්ධියට අදාළව පැවරෙන මෙම නඩුවට අමතරව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මගින් සාක්ෂි විභාගයේදී හෙළිවූ කරුණු අනුව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිවද ඉතා ඉක්මණින් නඩු පැවරීමට නියමිත බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments