Header Ads

test

එජාප අන්ත පරාජය හමුවේ රනිල්ගේ ගජමිතුරු දිලිත්ගේ ප්‍ර‍චාරක හෙළුව පෙනේ.


අගමැති රනිල් වික්‍ර‍මසිංහගේ ගජ මිතුරකු වන දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීරට මිලියන 300ක් ගෙවා සිදු කරගත් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල ප්‍ර‍ථිපල මේ වන විට ලැබී ඇත. පලාත් පාලන ඡන්ද ප්‍ර‍ථිපලයට අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයකට මූණ පෑ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) විශිෂ්ඨ ජයග්‍ර‍හණයක් ලබා ඇත. දෙරණ සභාපති දිලිත් ජයවීරට අයත් ‘සර්වා’ ප්‍ර‍චාරක ආයතනයට එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ප්‍ර‍චාරක කටයුතු භාර දී තිබුණු අතර ඒ වෙනුවෙන් සාගල, මලික් හරහා දිලිත්ට රුපියල් මිලියන 300ක් ගෙවා තිබුණි. මේ සදහා මොවුන් දෙදෙනාට නොමද සහයෝගයක් ගෝඨාභය ඩුබායි මැරියට් අයිතිකරු වන නන්දන ජයදේව ලොකුවිතාන හරහා ලබා දී ඇත.

රනිල්ගේ ගජ මිතුරකු වන දෙරණ හිමිකරු දිලිත් ජයවීර ගේ Triad සමාගම බැඳුම්කර හොරකමින් පසු ආරම්භ කළ ජනයුගය පුවත්පත රනිල්ගේ තවත් ගජමිතුරකු වන අර්ජුන ඇලෝසියස්ගෙන් මිලදී ගත් අතර මහා බැංකුවෙන් රනිල් කොල්ලකෑ මුදල් දිලිත්ගේ  Triad සමාගමේ ආයෝජනය කර එම කළු සල්ලි Triad සමාගම හරහා සුදුකර ගෙන ඇත. කෙසේ වෙතත් මේ වන විට එජාපය ලබා ඇති අන්ත පරාජය හමුවේ දිලිත්ගේ ප්‍ර‍චාරක සමාගමේ හා දෙරණේ හෙළුව රටටම පෙනෙමින් තිබේ.

No comments