Header Ads

test

ෆොන්සේකා ‘නීතිය’ අතට ගැනීමට යෑමෙන් මහින්ද සහ ගෝඨා දැඩිව කැළඹෙයි.


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය, හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවරීමට යන බව අප පසුගියදා වාර්තා කළෙමු. මේ වනවිට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපිය ලැබී ඇති බව ද වාර්තා වේ.කෙසේ වෙතත් ආණ්ඩුවේ මෙම තීරණය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මෙන්ම ගෝඨාභය ප්‍රමුඛ පැවති ආණ්ඩුවේ විවිධ දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් දැඩි සේ කලබලයට පත්ව ඇත.

නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකා මහතාට පැවරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මහින්ද පාර්ශ්වය දැඩි සේ කලබලයට පත්ව ඇති අතර එම තීරණය කණපිට හැරවීම සඳහා ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් සිටී. නීතිය හා සාමය අමාත්‍යංශය ෆොන්සේකා මහතාට පැවරීමට යන බව දැනගත් මොහොතේ සිට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් මෙන්ම ප්‍රධාන සංඝයා වහන්සේලා ජනාධිපතිතුමාට දුරකථන ඇමතුම් මගින් සහ විවිධ පාර්ශ්‍වයන් හරහා බලපෑම් කරමින් සිටී.

මහින්ද පාර්ශවයේ අනෙක් තර්කය වන්නේ ෆොන්සේකා මහතා පෞද්ගලික තරහ පිරිමසා ගැනීමට කටයුතු කරනු ඇති බවයි. 2010 ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂ මහතා සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබීය. මෙම තත්වය තුල මහින්ද ප්‍රමුඛ කණ්ඩායම දැඩි භීතියකට පත්ව ඇති අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද ගැටළුවකට මැදිව සිටී. ශ්‍රිලනිපයේ සමහර ඇමතිවරුද ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තාකර ඇති අතර මේ වනතෙක් අවසන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට නොහැකිවී තිබේ.

2015 ජනාධිපතිවරණයේදී දූෂිතයන්ට, හොරුන්ට, මිනීමරුවන්ට දැඩි දඬුවම් පමුණුවන බව පොරොන්දු වුවද වත්මන් ආණ්ඩුව එම පොරොන්දු ඉටුකිරීමට මෙතෙක් සමත් වී නොමැත. නීතිය හා සාමය අමාත්‍යංශය මෙන්ම අධිකරණ අමාත්‍යංශය ඒ සඳහා ප්‍රමාණවත් උත්සාහයක් නොගත් අතර රාජපක්ෂ රෙජීමය සමග තිබු ඩීල් නිසා  විජයදාස රාජපක්ෂ මහතාට අමාත්‍යධූරයෙන් ඉවත්වීමට සිදු වූ අතර පසුගියදා එම හේතුවට අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණයත් සමග ඊට පෙර සාගල රත්නායක මහතාට සිය අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ද මෙම ක්‍රියාකලාපය දැඩි සේ බලපෑවේය.

යහපාලන ආණ්ඩුව අහිමි කරගත් ජනතා කැමැත්ත නැවත ලබාගැනීමට නම් පොරොන්දු වූ පරිදි මහා පරිමාණ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට සහ පැවති රජය සමයේ සිදු වූ ඝාතනවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වහ වහා කටයුතු කළ යුතු බවට සිවිල් සමාජය තුල දැඩි මතයක්ද මේ වනවිට නිර්මාණයවී ඇත.

32,101 Viewers

No comments