Header Ads

test

ආණ්ඩුවේ පාරාජයේ වගකීම මලික්, සාගල මතට


පළාත් පාලන මැතිවරණයේදී හවුල් ආණ්ඩුවේ පක්ෂ දෙකම ජනතාව ප්‍රතික්ෂේප කිරීමට මූලිකවම බලපෑ හේතුව වන්නේ ජීවන වියදම ඉහලයාම පාලනය නොකිරීම බවට මේවන විට එජාප හා ශ්‍රීලනිප අමාත්‍යවරුන් බහුතරයකගේ මතයවී ඇතැයි වාර්තා වේ.

ඒ තත්ත්වයට ජීවන වියදම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා වගකිවයුතු බවට ද ඔවුන්ගෙන් චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ. තවත් අයුරකින් අමාත්‍ය සාගල රත්නායක මත ඇති බැදීම නිසාවෙන් දෙනියාය දිනවීමට අගමැතිවරයා කිහිප විටෙකම එහි යාමෙන් අනෙකුත් ප්‍රදේශ මගහැරියා යන්නද අභයන්තර ගැටළු මතු වී ඇත.

කෙසේවුවද, මේවන විට වැඩිවූ ජීවන වියදම සම්බන්ධයෙන් සොයා බලා හැකි උපරිම සහන ජනතාවට මුදා හැරීමට නව මුණුවරකින් කටයුතු කළ යුතු බවට එජාප නායකත්වයට යෝජනා කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානම් වන බවද සාගල විසින් මහින්ද, ගෝඨාභය රෙජීමයේ දුෂිතයන් රැකිම බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සමරවික්‍රම මහතා සැබෑ දත්ත කැබිනට්ටුවට මෙන්ම පක්ෂ නායකත්වයටද ලබාදී නැති බවටද සාගල, අඛිල, එරන්ද වැනි අයගේ ක්‍රියා කලාප නිසාද මේ වන විට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.

41,497 Viewers

No comments