Header Ads

test

මේ යක්කු බයිලා ගහනවා : රට කඩාගෙන වැටෙනවා - ඥානසාර හිමි


යූඑන්පී ද ශ්‍රී ලංකා ද ඒකාබද්ධ ද යන්න අදාළ නොවන බවත් වලිගය විසින් බල්ලා නටවන න්‍යායට නොගොස් තම තමන්ගේ උද්ධච්චකම්, දඩබ්බරකම් එකිනෙකාට තියෙන ඇරියස් කවර් කර ගැනීමට රට බිල්ලට නොදෙන ලෙස බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.
ඊයේ (20) වනදා රාජගිරිය බොදු බල සේනා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඥානසාර හිමියන් මේ බව සඳහන් කළේය.
රට තුළ මතුව තිබෙන දේශපාලන අස්ථාවරත්වය හමුවේ සියළු ක්ෂේත්‍ර වල බිඳවැටීමක් දක්නට ඇති බවත් එහෙයින් මහනායක ස්වාමින් වහන්සේලාගේ හඬට හෝ ගරුකර මේ අරාජිකත්වය කඩිනමින් අවසන් කිරීම දේශපාලන නායකයන්ගේ වගකීම බවද ඥානසාර හිමියන් එහිදී අවධාරණය කර සිටියේය.
එසේම රටේ දේශපාලන නායකයන් මිනිසුන් වර්ග කර බෙදමින් සිටිනවා හැර කිසිවෙක් "එන්න, අපි එකතුවෙලා රට හදමු" යන ආමන්ත්‍රණය නොකරන බවත් තමන්ගේ දේශපාලනය වෙනුවෙන් එහෙන් දෙමල මිනිස්සු පැත්තකට කරන අතර මෙහෙන් මුස්ලිම් මිනිස්සු පැත්තකට කිරීමක් පමණක් පෙනෙන්නට ඇති බවද උන්වහන්සේ පැවසීය.
එක්කෝ රනිල්ට දෙන්න - එක්කෝ කරයි : නැත්නම් ඉවරම කරයි
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඥානසාර හිමියන් මෙසේද පැවසීය."එන්න එන්න රුපියල කඩා වැටෙනවා. ඩොලර් එක නගිනවා කොටස් වෙලදපොල වැටිලා. ව්‍යාපාරිකයො අපිට කථා කරලා කියනවා දැන් හාමුදුරුවනේ බෙල්ලෙ වැල දාගන්න වෙලා තියෙන්නෙ කියලා. දේශපාලකයො කයිවාරු ගහයි. ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑනේ. උන්ට කව්රු හිටියත් එකයි. ඒ අය එයාලගෙ පදනම් හදාගෙන තියෙන්නෙ. දැන් ඔය ඉන්න කණ්ඩායමේ ඕනි නං 10-15ක් ඇති අමාරුවෙන් ජීවත්වෙන. අනෙක් අය තමන්ගේ පසුබිම හදගෙන ඉවරයි. ඒත් මේ රටේ මිනිස්සු මොකද්ද මේ කරලා තියෙන කරුමෙ. අර කථාවක් තියෙන්නෙ කන්දක් විලිලාලා මොකද්ද එකක් වැදුවා වගේ කියලා. දැන් නහයෙන් අඩලා අඩලා චන්දයක් ඉල්ලා ගත්තා. දැන් ප්‍රාදේශීය සභා ටික පිහිටුවා ගන්න බෑ. ඒක කරගන්න බැරි උන් කොහෙන්ද ආණ්ඩුවක් හදන්නෙ ? ඒ නිසා අසාර්ථක සෙබලු පැත්තකට වෙන්න ඕනි. එක්කො මේක රනිල්ට කරන්න දෙන්න ඕනි ඇගිලි ගහන්නෙ නැතුව. එක්කො මේක කරයි, එක්කො ඉවර කරයි.
දුක්විඳින මිනිසුන්ගේ පීඩනය පුපුරන්න දෙන්න එපා
"එක්කො මහින්ද මහත්තයට මේක දීලා සිරිසේන මහත්තයා පැත්තකට වෙලා ඉදලා හරි මොකක් හරි ආණ්ඩුවක් රටට ඕනි. මෙහෙම ගන්ධබ්බ අවස්ථාවක් හැටියට මේක යන්න දෙන්න බෑ. මේ රටේ තැලෙන, පොඩිවෙන, දුක් විදින බඩගින්දර උහුලගන්න බැරුව ඉන්න, බෙහෙත් පෙත්තක් ගන්න බැරුව ජීවිතේ යදින මිනිස්සු වෙනුවෙන් අපි ඒ ඉල්ලීම කරනවා. සමහර විට මිනිස්සු එක වේලයි කන්නෙ. මේ යක්කු මේ බයිලා ගහනවා. මොකද වැටෙන්න රට. පක්ෂ හදාගන්න පුලුවන්. රට ආපස්සට ගිහින් තියෙනවා ගව් ගානක්. මේක මෙතනින් බේර නොගත්තොත් මිනිස්සුන්ගේ සිත්වල තියෙන ආතතිය ඉතාම දරුණු විදිහට පුපුරායන්න පුලුවන්. ඒ අනුව තමයි කැරලි කෝලාහල රටවල් වල ඇතිවෙන්නෙ. ඒ නිසා මේ රටේ තරුණ ජීවත තවදුරටත් අපිට ඉඩදෙන්න බෑ. තරුණයො අපිට ඇහෙනවා කථා කරනවා මුන්ට ගහලා දාන්න ඕනි. වෙඩිතියලා දාන්න ඕනි මේක හරියන්නෑ මුන් මේ විනාශ කරන්නෙ අපේ අනාගතය කියලා එහෙම තැන් තැන්වල කදවුරු බදිමින් ඉන්නවා. අපිට ඒවා ඇහෙනවා. ඒ නිසා මේ අර්බුදය ඛේදවාචකය හමුවේ කව්රු කියන එකද මේ මිනිස්සු අහන්නෙ ? ඒ නිසා එක සම්මුතියකට ඇවිත් රට එකට කියන අරමුණ යටතේ වහාම සමගියට පත්වෙලා වැඩකරන්න කියන ඉල්ලීම අපි කරන්න කැමතියි."
ඔය ඉන්න ලෙවල්වලින් බහින්න
"ඒ නිසා දේශපාලන පක්ෂ වල උදවියටත් අපිට කියන්න තියෙන්නෙ, හරියට ගෙයක් විදිහට සැලකුවොත් මේ රට කාමර වලට රණ්ඩුවෙලා වැඩක් නෑ. මොකද කාමර බෙදාගන්න කලින් ගේ බේරගෙන ඉන්න එපෑ. ඒ නිසා මේ එක එක නගරං පාන, හයිරං පාන චණ්ඩි වාක්‍ය දොඩන මේ දේශපාලන නායකයන්ට අපි කියනවා කරුණාකරලා ඔය ඉන්න ලෙවල් වලින් බැහැලා මේ රට ගැන හිතන්න කියලා."
මේ සංගායනාවට කාලයයි
අපි ඉලක්කයක් තබාගෙන තියෙනවා මැයි 19 වෙනිදා අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය ලග චීවර පූජාවක් කරන්න. මේ වැඩපිලිවෙලේ තේමාව සංඝානුභාවෙන.. සංගායනාවට කාලයයි. මේ ජාතියේ ඉදිරි පැවැත්ම පිලිබද විශ්වාසයක් ඇතිකරගන්න නම් හැම ක්ෂේත්‍රයක් කෙරෙහිම ජාතික, ආගමික, අධ්‍යාපනික, නීති, කෘෂිකාර්මික, ආර්ථික මේ හැම ක්ෂේත්‍රයක් පිලිබදවම අපි යම්කිසි සංගායනාවක් කල යුතුයි. මේ රට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට නතු කලයුතුයි. මොකද හැම අතින්ම රෝගී වූ ආකල්පමය අතින් රෝගී වුනු කම්මැලි ජාතියක් ‍වෙලා. මේ රටේ ගෑනු ටික නැත්තං මේ රටත් නෑ, ශාසනයත් නෑ, අපිත් නෑ. ඒ ගෑනුන්ගෙ ධෛර්ය නැත්තං. පිරිමි ටික ඔහේ බිබී ඇවිදිනවා, කාලය නාස්ති කරනවා, වැඩ කරන්නෙ නෑ. ටයි කොට් දාගත්තු මහත්තුරු වගේ, කම්කරුවෙක් නෑ. ඉතින් කොහොමද අපි මේ රට නගන්නෙ ?
කිසි ජනවර්ගයක් කෙරෙයි වෛරයක් නෑ
අපි කල්පනා කලා ඉස්සර වෙලා මේ රටේ පොදුවේ සිංහල දමිල මුස්ලිම් බර්ගර් කියලා කිසි බේදයක් නෑ. අපිට කිසි ජනවර්ගයක් කෙරෙයි වෛරයක් නෑ. හැබැයි අපිට අනාගතේ අනතුරක් වියහැකි මූලධර්මවාදී ආගමික කල්ලි පිලිබද කියවීම එහෙමමයි. එක්කො ඒ අය වෙනම හදුනාගෙන නිවැරදි මගට ගන්න ඕනි. එහෙම නැත්තං නීති අනපනත් මගින් ඒවා නතර කරගන්න ඕනි. ඒ අනතුර අපි රටට පෙන්නලා දුන්නා. එතනින් එහාට ඒවට වැඩපිලිවෙලවල් හදන එක අපේ රාජකාරිය නෙවෙයි. ඒ නිසා මේ රට තුල උපන් සියලුම සිංහල දෙමල මැලේ මුස්ලිම් බර්ගර් ආදී සියලුම මිනිස්සුන්ට ආදරණීය ලෙස අපි ආරාධනා කරනවා මේ අති දැවැන්ත පින්කමත් එක්ක එකතුවෙන්න කියලා.
තරුණ තරුණියන් 60000 ක් එක්ක සිවුරු 60000 ක පූජාවක්
ඒ නිසා අපි කල්පනා කෙරුවා තරුණ තරුණියො 60000 ක් එක්ක සිවුරු 60000 ක පූජාවක් පවත්වලා සංගායනාවට කාලයයි නමින් මේ වැඩපිලිවෙල රට තුල ක්‍රියාත්මක කරන්න දැන් සියලු කටයුතු අපි සංවිධානය කරගෙන යනවා. අපෙ මාධ්‍ය මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ සදහා අවශ්‍ය මාධ්‍ය සහයෝගය අපිට දෙන්න කියලා. මේ හරහා රට තුල විශාල ආධයාත්මකි ප්‍රබෝධයක් ඇතිවෙයි කියලා අපි හිතනවා.
මේ රට නගන්න උවමනා කරන වැඩපිලිවෙලවල් බොහෝමයක් මේ තුල සාකච්ඡා කල හැකියි. තායිලන්තය වගේ රටවල හාමුදුරුවරු තමන්ගේ පන්සල් ඉඩම් සහ රජයේ ඉඩම් වල තරුණ ලමයි විශ්වවිද්‍යාල දරුවො එක්ක එකතුවෙලා දැන් සදුන් ගස් වවනවා. කයිවාරු ගහ ගහ මේ වගේ උද්ඝෝෂණය කර කර ඉන්නෙ නෑ. ඇයි ඒවා ඒ රටේ අනාගත සංචිත.
බඩට බත්නැති ජාතියකට බණ කියලා වැඩක් නෑ
රටේ හැමතැනකම හොරකම වංචාව දූෂණය එකාට එකා නැති කමින් මිනිස්සු මිනිස්සුම පෙලන මහා මුග්ධ තත්වයකට මේ රට වැටිලි තියනෙවා. අපිට හිතා ගන්න බෑ මේ තරම් බණ අහන රටක ඇයි මෙහෙම වෙන්නෙ කියලා. අපි මේ රටේ හාමුදුරුවරුන්ටත් ආරාධනා කරන්නෙ බණ කලාවෙ ඉදලා වෙනසක් කරන්න, මේ වැඩපිලිවෙලත් එක්ක. මෙ රටට අවශ්‍ය නෙගෙටිව් බණ නෙවෙයි, පොසිටිව් බණ. නිවන තමයි අපේ එකම අරමුණ කුසට අහරක් පිරිසිදු වාත්‍රශ්‍රයක් තියෙන්න ඕනිනෙ බණක් භාවනාවක් කරන්නත්. බඩට බත්නැති ජාතියකට බණ කියලා වැඩක් නෑ. ප්‍රශ්නාවලියක් එක්ක ඉන්න පිරිසකට බණ කියලා වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට ඕනි ප්‍රශ්න වලින් ගොඩ එන්න. අර සංස්කෘතික ස්ලෝකයක් තියෙනවා ‘නිර්දනශ්චන ගෝෂිතං’ කියලා නිර්ධනයන් එක්ක මේ සාකච්ඡා කරලා කරුණු කියලා වැඩක් නෑ. ඒ අයට ඕනි කන්න.
බේද පැත්තක තියලා පිංකමට එන්න
ඒ නිසා මේ රටේ සාතිශය බහුතරයක් කිසිදු බේදයකින් නැතුව එකතුවෙමු. සිංහල දෙමල කියලා බඩගිනි වෙනම නෑනේ. ඒ නිසා මේ රටේ නායකයන්ට සමගියට පත්වෙන්න, වැටෙන රට නගන්න. අවසාන වශයෙන් මුලු මහත් සමාජයම සමාධියකට පත්කරන්න අරමුණින් තමයි මේ වැඩපිලිවෙල අපි සිද්ධ කරන්නෙ. රටතුල ගොඩනගන මේ අධ්‍යාත්මික වැඩපිලිවෙලට උපකාර වන්න හැමදෙනාටම අපි ආරාධනා කරනවා.
23,123 Viewers

No comments