Header Ads

test

සිරිසේන පවුලෙන් ඝාතන කොන්ත්‍රාත්තුවක්..! චතුරිකාගේ අනියම් පෙම්වතෙක් බිල්ලට..!!


සියේට හතරේ හිඟන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම ව්‍යසනය වසා ගැනීම සඳහා රටක් අරාජික කරද්දී ඔහුගේ පවුලේ අය තම නිවසේ අර්බුද වසා ගැනීම සඳහා තවකෙකුගේ ජීවිතයක් බිලි ගැනීමට යන භයංකර පුවතක් රටට අනාවරණය කිරීමට සිදුව තිබේ. 
‘ජනාධිපති තාත්තාගේ‘ දුව චතුරිකා සිරිසේනගේ අනියම් සැමියා ඝාතනය කිරීම සඳහා චතුරිකාගේ කසාද සැමියා  විසින් පාතාලයට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත. 
කාගේවත් නිදන කාමර තුලට එබී බැලීම තම මාධ්‍ය කලාව ලෙස නොසලකන්නේ වී නමුත් කවුරු හෝ පුද්ගලයෙකුගේ ජීවිතයක් අනතුරේ වැටී තිබෙන බැවින් ඔහු මරණයෙන් බේරා ගැනීම සඳහා මෙපවත් හෙළිකිරීමට සිදුව තිබේ. අනෙක් අතට රාජ මන්දිර වල ලව් හුට පට වලට පැටලී දිවි පිදූ සත්‍ය ප්‍රේම භෘංග රාජයන් අතර ලංකාවට එක ‘දස්කොන්‘ කෙනෙක් හිටියාම හොඳටෝම ඇතිය. තව ‘ජනක ලියනගේ‘ කෙනෙක්ද අවශ්‍ය නැත. 

පසුබිම් කතාව

චතුරිකා සිරිසේනගේ අනියම් සැමියා ගේ නම ‘ජනක ලියනගේ‘ ය. චතුරිකා -  ජනක අනියම් ප්‍රේමය ආරම්භ වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ය. ඒ ජනක ලියනගේ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රචාරක වීඩියෝ නිපදවීම සඳහා ඒ නිවසට පැමිණීමත්, ඉන්පසු නිවසේ නිතර ගැවසෙන පුද්ගලයෙකු වීමත් සමග ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවීමෙන් පසුව  ජනක ලියනගේ නිතර නිතර ඒ නිවසට පැමිණීමත්  චතුරිකා සිරිසේන හමුවීමත් සිදුවී ඇති අතර එයද අමුතු දෙයක් වී නැත්තේ ජනක ලියනගේ යනු චතුරිකාගේ කසාද පුරුෂයා වන තිළින සුරංජිත් වේවැල්පනාව ගේ සමකාලීන පාසැල් මිතුරෙකුද වූ බැවිනි. මෛත්‍රීපාල ‘ජනාධිපති තාත්තා‘ වීමෙන් පසු චතුරිකා සිරිසේන තම ඇඩ්වර්ටර්සින් ජාවාරම් ආරම්භ කර ඇත්තේ අප කතානායක ජනක ලියනගේ සමගය. හවුල් ව්‍යාපාර දියුණු වීමත් සමග චතුරිකාගේ අනියම් ප්‍රේමය ද ලියලා ගොස් මල් ඵල හට ගන්නා කාලයේ දී තිළිණ සුරංජිත්ට අතේම මාට්ටු වී තිබේ. ඉන්පසු චතුරිකා සිරිසේන හැසිරී ඇත්තේ වරදකාරී මානසිකත්වයකින් නොව සැමියාට පෙරලා පහරදෙන මානසිකත්වයකය. ඊට හේතු වී ඇත්තේ තිලිණ සුරංජිත් ද ‘කොටු පැනීමේ‘ ඔලිම්පික් ශූරයෙකු බැවිනි.

දෙමටගොඩ රුවන්..

කෙසේ වෙතත් මේ වන විට චතුරිකා සහ තිලිණ සුරංජිත් එක නිවසක ජීවත් නොවේ. චතුරිකාට කිලී මහාරාජා විසින් කොළඹ එම්පයර් නිවාස සංකීර්ණයේ සුපිරි නිවසක් ද තවත් ව්‍යාපාරිකයෙකු විසින් ලිබර්ටි ප්ලාසාහි සුපිරි නිවසක් ද ලබා දී ඇති නමුත් ඒ නිවාස දෙකින් එකකට හෝ තිළින සුරංජිත්ට ඇතුළු වීමට චතුරිකාගේ අවසරයක් නැත. අවසර ඇත්තේ ජනක ලියනගේට පමණි. තිලිණ, චතුරිකාගේ නිවසකට පැමිණියද “තිළින දැන් වහාම යන්න තව ටිකකින් ජනක එනවා මාව හමුවෙන්න“ කියන ගානට මේ වන විට ජනාධිපති දියණිය ‘කාන්තා විමුක්තිය‘ භුක්ති විඳී. මේ තත්ත්වය ගැන කිහිප විටක්ම තිලිණ බෑණා විසින් ‘ජනාධිපති තාත්තා‘ ට පැමිණිලි කළද පලක් වී නැත්තේ දුව හැදුනේ අප්පාගේ ආරෙටද, අප්පා හැදුනේ දුවගේ ආරෙට දැයි සොයා ගැනීම පැටලිලි සහගත නිසා ය.
මේ හේතු මත ඉවසීමේ සීමාව පැන ඇති තිලිණ සුරංජිත් චතුරිකාගේ අනියම් සැමියා හෙවත් තම මිතුරා ඝාතනය කිරීම සඳහා පාතාලයට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත. ‘දෙමටගොඩ රුවන්‘ නමැති දැනට හිරේ සිටින පාතාල නායකයාගේ එළියේ සිටින ගෝලයකු විසින් කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබේ. මේ ගැන ඉව වැටීමෙන් පසුව ජනක ලියනගේ නමැති නූතන දස්කොන් මේ දිනවල ග‍ෙවන්නේ රහසිගත ජීවිතයකි. යම් හෙයකින් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවුහොත් ජනාධිපති බෑණා ඊට ඍජුව වගකිව යුතු වනු ඇති අතර වක්‍ර ලෙස ජනාධිපති පවුලම වගකිව යුතුය.

සුලභ සිල්ලර කොන්ත්‍රාත් 

මේ ඝාතන කොන්ත්‍රාත්තුව ගැන හෙළිකරන්නේ ලංකාවේ ඝාතන කොන්ත්‍රාත්තු ගැන භයංකර අත්දැකීම් සහිත නිසා ය. වරක් ලංකා ඊ නිව්ස්හි මිතුරු ව්‍යාපාරික පවුලක් කඩුවෙල නගරයේ විසුවේය. ඔවුන් දේශපාලන පවුලකි. ඒ පවුලේ යකඩයන් වැනි සොයුරන් තිදෙනෙකු විසූහ. ඉන් දෙදෙනෙකු සහ පවුලේ ආවතේව තරුණයෙකු එකම දිනයක එකම කුලී වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කෙළේය. පසුව ඝාතකයා හෙළි වෙද්දී තිදෙනෙකු ඝාතනය කර පැමිණි කුලී ඝාතකයාට ලැබී ඇති ගෙවීම නම් රුපියල් පන්දහසක් අතට දී සිරීපාද වන්දනාවේ ට්‍රිප් එකකි. වටිනා ජීවිත තුනක මිල කෙතරම් සිල්ලර ද? ලංකාවේ ඝාතන කොන්ත්‍රාත්තු එතරම් සුලභ ය. 
එබැවින් කිසිදා නොදන්නා ජනක ලියනගේ ගැන බිය වන්නෙමු. කොයිදේටත් වඩා වටින්නේ ජීවිත ය.
Lankaenews වෙතින් උපුටා ගන්නා ලද්දකි.

43,117 Viewers


No comments