Header Ads

test

ජවිපෙට ගම නොදිය යුත්තේ ඇයි?


අනුර - රනිල් දීගයේ අමතක නොකළ යුතු ඉතිහාසය කෙටියෙන්...

ජවිපෙ දූෂණ විරොධී වෙස්මුහුණ පිටුපස ඇති සැබෑ මුහුණ කුමක්දැයි වටහා ගන්න. පසුගිය ඉතිහාසය පුරාම ජවිපෙ මේ රටට එරෙහිව දියත් කළ දුෂ්ට මෙහෙයුම් සාර්ථක වූයේ නම් අද මේ රට තිබෙනු ඇත්තේ කොතැනද? ගම දෙන්නට පෙර හිතා බලන්න.

 2008 වසරේදී ජාතික මතවාදය නියෝජනය කළ පිරිස් ජවිපෙන් නෙරපීම සහ ජනතා විමුක්ති පෙරමුණ මෙරට ජාතික බලවේග වෙතින් තීරණාත්මක ලෙස බිඳී යාම.

 2008න් පසු ජවිපෙ සටන් පාඨ, ක්‍රියාමාර්ග, සතුරන් මිතුරන් සියල්ල උඩු යටිකුරු වීම සහ ජයග්‍රාහී සමයේ ජවිපෙ පරම සතුරන් වූ බොහෝ දෙනා 2008 බිඳීමෙන් පසු ජවිපෙ මිතුරන් බවට පත්වීම.

 2008 වසරේ අග භාගයේ පැවති අයවැය ඡන්ද විමසීමේදී ජවිපෙ එජාපය හා එක්ව ආණ්ඩුව පරාජය කිරීම සඳහා ඡන්දය භාවිතා කොට ත්‍රස්තවාදයට එරෙහි සටන කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම.

 යුද මෙහෙයුම් සිදුකරන දේශපාලන නායකත්වය පරාජය කිරීම සඳහා හැකි වෙර යොදා කටයුතු කිරීම, යුධ ජයග්‍රහණයට එරෙහිව විශාල වශයෙන් බොරු ප්‍රචාරද පතුරුවා හැරීම, හා 2009 මැයි 18 වැනිදා දක්වාම ආණ්ඩුව යුද්ධය නොකරන බවට බොරු පතුරුවමින් ආණ්ඩුව පරාජය කළ යුතුය යන මතය නොනවත්වා සමාජගත කිරීම.

 2010 ජනාධිපතිවරණය වනවිට ජෙනරාල් ෆොන්සේකා නැමති ඊනියා පොදු අපේක්ෂකයෙකුට මුවා වෙමින් එජාපය බලයට ගෙන ඒමේ තක්කඩි මෙහෙයුමට ජවිපෙ සෘජුවම දායක වීම.

 ද්‍රෝහී ක්‍රියාමාර්ග හරහා ජවිපෙ ජනබලය මෙන්ම අභ්‍යන්තර ශක්තියද දිගින් දිගටම පහත වැටීම හා රටට ආදරය කරන බලවේග ජවිපෙ වෙතින් දුරස් වෙමින්, ඒ වෙනුවට එන්ජීඕ මතධාරී විපරිත කල්ලි කණ්ඩායම් ජවිපෙ වටා රොක් වන්නට වීම.

 2010 මහ මැතිවරණයේදී එජාපය හා එක්ව තරග කිරීමට ජවිපෙ විශාල උත්සාහයක් දැරූ අතර එය අසාර්ථක වූ තැන ජෙනරාල් ෆොන්සේකා මුල් කරගත් ව්‍යාජ සන්ධානයක් අටවා ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වීම හා ඒ ඔස්සේ 2004 දී ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු ආසන තිස්නවය 2010 වනවිට හතර දක්වා පහත වැටීම.

 අධිරාජ්‍යවාදයට, බෙදුම්වාදයට, යටත්විජිතකරණයට එරෙහිව අතීතයේදී සෑම පෙරමුණකම අරඹා තිබූ සියලු සටන් අත හැර දමා මහින්ද විරෝධය තම එකම සටන් පාඨය බවට පත්කර ගැනීම.

 මහින්දගේ ආණ්ඩුවට එරෙහිව විශාල වශයෙන් බොරු පතුරුවා හරිමින් රනිල් බලයට ගෙන ඒම සඳහා කාලයක් තිස්සේ පසුබිම සැකසීම හා 2015 ජනාධිපතිවරණයේදීද හැකි පමණින් ඊට දායක වීම.

 අනුර දිසානායකගේ එජාප ගැති පිළිවෙතට විරෝධය පළකරමින් ජවිපෙ හිටපු නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතා පවා ජවිපෙ අතහැර යාම සහ සෝමවංශට මානසික රෝගයක් තිබේය යන මතය ජවිපෙ තම පක්ෂ සාමාජිකයන් අතර පතුරුවා හැරීම.

 බලයට පත්වූ දා සිටම ජවිපෙ සෑම තීරණාත්මක අවස්ථාවකදීම රනිල්ගේ වැඩපිළිවෙල හා මතවාදය ආරක්ෂා කිරීම. රට බේරාගත් රණවිරුවන් බිල්ලට දෙන අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාල පිහිටුවීම වැනි දුෂ්ට ජිනීවා මෙහෙයුම් ආදියේ සිට ආණ්ඩුවේ සෑම පනතකටම ජවිපෙ ජන්ද හය ලබාදීම.

 ත්‍රස්තවාදයට එරෙහි ජයග්‍රහණ නැවත පාවාදෙන, ජාතිවාදී පදනමින් රට කෑලිවලට කඩා දමන, අන්ත ජාතිවාදී බෙදුම්වාදී බලවේගවලට කප්පම් දෙමින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ යහපැවැත්ම මරණීය අනතුරකට ඇදහෙලන රනිල්ගේ විනාශකාරී නව ව්‍යවස්ථාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම.

 අනුර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ යනු විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ නොවේ. අද බොරු දූෂණ විරෝධී මුහුණක් පෙන්වා ඔවුන් ලබා ගන්නා සෑම ඡන්දයක්ම අනාගතයේදී මේ රටට එරෙහි මෙවන් ද්‍රෝහී මෙහෙයුම් සඳහා නොමසුරුව භාවිත වන බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නැත. මේ මැතිවරණයේදී ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඒ නිසාය.

33,887 Viewers

No comments