Header Ads

test

ලසන්ත ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට බාධා !


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන අපරාධ විමර්ශන අංශ විසින් මේ වන විට ඝාතනය සිදුවූ අවධියේ යුද හමුදාවේ බුද්ධි අංශයේ සේවය කළ ඉහළම නිලධාරියකු ඇතුලු තවත් නිලධාරීන් පිරිසක් සම්බන්ධ බවට සොයාගෙන ඇතත් එම නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ විධායකයට සම්බන්ධ ඉහළම බලවතෙක් විසින් බාධාකරමින් පවතින බවත් දැනට නිවැරදි සාක්ෂි අනුව ඔප්පු කර අපරාධ කරුවන්ට දඩුවම් ලබා දීමට හැකි වුවත් එසේ නොහැකි වී ඇත්තේ වර්තමාන ආණ්ඩුවේ විධායකයට සම්බන්ධ බලවතුන්ගේ බලපෑම් නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියෙක් SL News Web අප සමග පැවසීය. 
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ එවකට ගල්කිස්ස පොලිසියේ ආරාධ විමර්ශන අංශයේ සේවය කළ ස්ථානාධිපතිවරයා ද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධානාගාර ගත කර තිබේ.

42,997 Viewers

No comments