Header Ads

test

දේශපාලන අර්බුදය හමුවේ රුපියල බාල්දුවෙන් ජනතාව අමාරුවේ


රටේ දැනට උද්ගතව ඇති දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය සිකුරාදා වන වට ඩොලරයක ගැනුම් මිල රුපියල් 152.89 ලෙසින්ද සටහන් වූ අතර එහි විකිණුම් මිල රු. 156.67 ලෙසින් දැක්වුණි.

දින කිහිපයක් ඇතුළත රුපියල සියයට 3.5කින් පමණ අවප්‍රමාණය වී ඇති අතර මෙම තත්ත්වය දින කිහිපයක් තුළ කළමනාකරණය කරගත නොහැකි වුවහොත් රටේ ආර්ථික තත්ත්වය බරපතළ ලෙස පහළ වැටෙනා බවත්, එමගින් ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම නිසා සැලකිය යුතු බලපෑමක් ආර්ථිකයට සිදුවිය හැකි බවත් මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

28,459 Viewers 

No comments