Header Ads

test

තම වාරය එනතුරු පෝලිමේ සිට ඡන්දය දැමු ජනාධිපති


මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද(10) පෙරවරුවේ පොළොන්නරුව, නව නගරය, ශ‍්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප‍්‍රකාශ කළේය.

අද පෙරවරුවේ ශ‍්‍රී විද්‍යාලෝක විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය දෙමුන්නෑවේ ශ‍්‍රී උපරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක, ආගමික වතාවත් වල නිරතවීමෙන් අනතුරුව තම ඡන්දය ප‍්‍රකාශ කිරීමට එක්විය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙම පළාත්පාලන මැතිවරණයෙන් පත්වන නව නියෝජිතයින් සමග එක්ව ගම සංවර්ධනය කිරීමේ පුළුල් සංවර්ධන සැලැස්මක් කි‍්‍රයාවට නංවන බවයි.

දශක 04ක ට පසුව කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වෙන මෙම නව ඡන්ද ක‍්‍රමය හේතුවෙන් රටේ කිසිදු ස්ථානයක ගැටලූවක් ඇති වී නොමැති අතර, ඉතා සාමකාමී අන්දමින් මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවීම පිළිබඳව තමා සතුටුවන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

38,487 Viewers

No comments