Header Ads

test

ජනපතිගෙන් රටට වැඩක් වුනෙත් නෑ.. ගමට වැඩක් වුනෙත් නෑ.. එජාප ඇමති කියයි..


‘මෛත‍්‍රිපාල සිරිසේන මහතාට තවත් බලයේ සිටීමට ඇත්තේ මාස 18ක් වැනි සුළු කාලයයි. එතනින් පස්සේ එතුමා ඉවරයි’ යයි රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.
පොලොන්නරුවේදී පැවති ජනහමුවකදී ඔහු කියා සිටියේ ඉදිරි මැතිවරණයෙන් පසු කීමට ඇත්තේ මතට තිත නොව සිරිසේනට තිත කියා බවයි.
‘වත්මන් ජනාධිපතිට බලයේ ඉන්න ඇත්තේ තවත් මාස 18ක් වැනි සුළු කාලයක් පමණයි. ඉන් පස්සෙ එයා ඉවරයි. මන්ත‍්‍රීවරයෙක්වත් නොවෙයි.
හිටපු ජනාධිපතිවරයා නම් ජනාධිපතිවරණයෙන් පැරදිලා පස්සෙ මන්ත‍්‍රී කෙනෙක් වෙලා හරි පාර්ලිමේන්තු ආවා. මෛත‍්‍රීපාල මහත්තයගේ කාලෙ ඉවර වෙනකොට එතන තිතක්ම තමයි.
එතුමගෙ නම ලියවෙන්නෙ සුපිරිසිදු චරියක් ලෙස නොවෙයි. ගමට වැඩක් වුනෙත් නෑ. රටට වැඩක් වුනෙත් නෑ’ යයිද ඔහු කීය.


37,867 Viewers

No comments