Header Ads

test

ලසන්ත ඝාතන පරීක්ෂණ හමුවේ හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් රත්වෙයි


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ වලට භාජනය වී සිටින ගල්කිස්ස ප්‍රදේශය බාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී ඊයේ (පෙබරවාරි 21 ) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ විනිසකරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් කළේය.ගල්කිස්ස භාර නියෝජ්‍ය පොලිස්පතිගේ ඉල්ලීමට අනුව ලසන්ත ඝාතන පරීක්ෂණ සටහන් පොලිස් පොතින් ඉරා නියෝජ්‍ය පොලිස්පතිට බාර දුන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරියේ බව රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

තමාට මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිටි හේමන්ත අධිකාරී මහතා පසුගිය සිකුරාදා (16) ඉල්ලා සිටියේය. ඒ අනුව එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියම කර තිබුණි. ඒ අනුව ඊයේ මහේස්ත්‍රාත් නිල මැදිරියේදී පැය තුනක කාලයක් එම ප්‍රකාශය ලබා දුන්නේය.

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනතුරුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී ඔහුගේ ප්‍රකාශය සටන් කර ගැනීම සිදු කෙරිණ.

එම ප්‍රකාශය කරන්නේ ස්වේච්ඡාවෙන්දැයි මහේස්ත්‍රාත්වරයා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් විමසා ඇති අතර, තමා එය ස්වේච්ඡාවෙන් ම සිදු කරන බව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ප්‍රකාශ කර ඇත.

ඉන් අනතුරුව පුරා පැය තුනක් පමණ කාලයක් එම ප්‍රකාශය සටහන් කර ගැනීම සිදු විය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණ පරීක්ෂණ ලිපි ගොනු වලට අදාළ පිටු ගලවා ඉවත් කරනු ලැබීම හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරීගේ මෙහෙයවීම යටතේ සිදු වූ බවට පරීක්ෂණවල දී කරුණු අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබුණි.ඉන් අනතුරුව ඔහුගේ විදේශ ගමන් බල පත්‍රය අත්හිටුවීමට ද රහස් පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගත්තේය..

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අධිකරණයට රහසිගත ප්‍රකාශයක් කරන ලද්දේ එවැනි පසුබිමක් තුළය.

සබැදි පුවත් : ලසන්ත ඝාතනය: අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට හිටපු පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි.

53,492 Viewers 

No comments