Header Ads

test

මාසික වැටුප ලක්‍ෂ හතලිහයි.. අස්කලා කියු සුරේන් රත්වත්තේ තවමත් ශ‍්‍රී ලංකන් ප‍්‍රධාන පුටුවේ..


අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් මත ධුරයෙන් ඉවත් කලා යයි වාර්තා පල වූ ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත සිය රාජකාරීන්හි මේ වන විටත් නිරත වෙමින් සිටී.
පුද්ගලික නිවාඩුවක් සදහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි ඔහු නැවතත් ලංකාවට පැමිණි සිය රාජකාරී සුපුරුදු ලෙස කරගෙන යමින් සිටී.
පසුගියදා සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුනේ ප‍්‍රමාණවත් ප්‍රගතියක් පෙන්නුම් නොකලේ යයි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබා දී තිබූ බවයි.
සුරෙන් රත්වන්නේ මසකට ලක්‍ෂ හතලිහක පමණ වැටුපක් ලබා ගන්නා අතර අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේගේ සහෝදරයෙක්ද වෙයි.

32,481 Viewers

No comments