Header Ads

test

ශ්‍රීපති සූරියාරච්චි දස වැනි ගුණානුස්මරණය හෙට


හිටපු අමාත්‍ය නැසීගිය ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ දස වන ගුණානුස්මරණය පෙබරවාරි මස 09 වැනි දිනට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් එතුමාගේ නිවසේ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සිදු කිරීමට නියමිත බව ඔහුගේ බිරිඳ වන දිල්රුක්ෂි සූරියාරච්චි මහත්මිය "ශ්‍රී ලංකා මිරර්" වෙත පැවසීය.
මෙහිදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එතුමා ළඟින් ඇසුරු කළ අමාත්‍ය මංගල සමරවීර ,හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු දේශපාලඥයන් රැසකට ආරාධනා කළ බව සූරියාරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
වසර 1962 සැප්තැම්බර් 08 වන දින උපන් සූරියආරච්චි මහතා 2008 පෙබරවාරි 08 වන දින රිය අනතුරකින් මිය ගියේය.
නීතිඥවරයකු වූ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසද කටයුතු කර ඇත.
2005 ජනාධිපතිවරණයෙ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා සුවිශාල කාර්යභාරයක් කළ ඒ මහතා, එම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හෙබවූ අතර මාස කිහිපයකට පසු ඔහුට එම ඇමැති ධුරයෙන් ඉවත් වන්නට සිදු විය.
පසුව මංගල සමරවීර මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වය පිහිටුවීමට ක්‍රියා කළ ඒ මහතා, එහි ජාතික සංවිධායක ලෙස ද කටයුතු කළේය.
ශ්‍රීපති සූරියආරච්චි මහතා මිය ගිය මෝටර් රථ අනතුර සැක සහිත බවට ද අදහස් පළ වූ අතර අනතුරෙන් ඒ මහතා සමඟ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

24,337 Viewers

No comments