Header Ads

test

Access සභාපති සුමල්-මහින්ද ඩීල් මෙන්න.


මෙලොව, සියල්ලන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය සියල්ල ඇත. එහෙත් එය කිසිවෙකුගේ කෑදරකම නිමා කිරීමට තරම් නොවනු ඇත.
- මහත්මා ගාන්ධි 

Access සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා යනු හුදෙක් මෑතකාලීන ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මෙන්ම ආණ්ඩු මාරුව සමගමත් දැඩි කතාබහට ලක් වූවෙකි. නමින් ඔහු සුමල් ජෝසප් සංජීව පෙරේරා ය.

සති කිහිපයකට පෙර යුනියන් පෙදෙසේ Access Towersහි ඔහුගේ සුඛෝපභෝගී කාර්යාලයේ සිට මෙම හෙළිදරව්වේ ඔහුගේ පාර්ශවයෙන් කල පැහැදිලි කිරීම වීඩියෝගත කෙරුණි.




එහෙත් ඔහු පිළිතුරු දුන්නේ කුමකටද? ඔබ හමුවේ ඇති ඒ ගැටලුවට මගේ ශක්ති ප්‍රමාණයෙන් , මගේ රට සහ මගේ ජනතාව වෙනුවෙන් මෙලෙස කරුණු ගොනු කරන්නේ සුමල් පෙරේරා මහතාටත් තවදුරටත් පිළිතුරු සැපයීමට ඉඩ තබමිණි.

01. ඔහුට අනුව, ඔහු යුද්ධය නිම කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා දේවත්වයෙන් සලකන නමුත් පසුගිය මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු මැතිවරණ කටයුතු වෙනුවෙන් කිසිදු දායකත්වයක් දක්වා නැත.
02. Access Engineering සමාගම, SML Frontier Automotive පුද්. සමාගමෙන් 84%ක් උසුලයි. SML යනු Defender, Freelander, Discovery, Evoque, Range Rover Sport සහ Range Rover Vogue සන්නම් ආනයනය කර බෙදාහරින්නායි.

  • සිය දේශීය අදායම් බද්දෙන් යම් සහනයක් ලැබීමට Land rover UK, M/S Guava International Limited වෙත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට සාමාන්‍ය වෙළඳපල මිලට අඩුවෙන් වාහන අලෙවි කිරීම පවරා ඇත.
  • සියලු Range Rover Evoque වාහන මෙරටට පැමිණෙන්නේ USD 35,000/=ටත් අඩු මිලකට වුවත් එය සැබෑ වෙළඳපලෙහි USD 43,000කට වැඩි වේ. මෙහිදී නියෝජිත කාර්යභාරය ඉටු කරමින් SML Frontier Automotive (පුද්.) සමාගම එක වාහනයකින් රු.2,000,000 ඒජන්ත ගාස්තුවක් ගෙන ඇති අතර මෙය ඌන තක්සේරුව සඳහා ලද ගාස්තුවක් විය හැක. මේ වනවිට වාහන සියගණනක් ආනයනය කර අවසන් බැවින් මෙම ඌන තක්සේරුව මගින් දේශීය රේගු දෙපාර්තමේන්තුවට සිදුවූ ගෙවීම් පැහැර හැරීම් එක වාහනයකින් රු. 2,000,000 පමණ වේ.
  • Range Rover Vogue සහ Sports මාදිලි වෙනුවෙන් ද මෙම වැරදි අව තක්සේරු කිරීම් සිදු කර ඇති ඇත. එමගින් SML ඒජන්ත ගාස්තුව ලෙස දක්වමින් රු. 3,500,000 බැගින් ලබාගෙන ඇත. නමුත් මෙමගින් රටට අහිමිවූ අවම මුදල එක් වාහනයක් වෙනුවෙන් රු. 5,000,000ක් පමණ වනු ඇත. 
  • නමුත් මින් ඔබ්බට M/s Guava International සහ M/s Land Rover UK විකුණුම් මිල ගණන් සහ අපි දකින මිල ගණන් අතර මහා වෙනසක් දුටුවහොත් දෑස් පිසදා යලි බැලීමේ වුවමනාවක් නැත. මන්ද සත්‍ය එයමයි.
  • එමෙන්ම රථවාහන හඳුනාගැනීමේ අංක හෝ චැසි අංක Land Rover UK සමග ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ගලපා බැලුවහොත් තව බොහෝ දේ සොයා ගත හැකි වනු ඇත.
  • මීට අමතරව CHOGM සඳහා යැයි ආනයනය කරන ලද Defender රථ සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු VAT හිඟ මුදල් ද රු. 360,000,000 ඉක්මවා යයි. 


03. නැගෙනහිර පළාතේ ජල සම්පාදනය නගා සිටුවීමේ ව්‍යපෘතිය (ජපන් ණය මත) සඳහා චීනයෙන් USD 4,500,000කට නළ මිලදීගත් අතර එය USD 5,500,000ක මිලකට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අලෙවි කරන අතර, ජල සම්පාදන මණ්ඩලය ලවා අතිරේක රුපියල් මිලියන 50ක මුදලක් රේගු බදු ලෙස සිය ලාභ සීමාව සඳහා Access Engineering අයකරගනී.

වටිනාම ප්‍රශ්නය වන්නේ, Access Engineering ආයතනය මෙම තොගය ඍජුවම රේගු දෙපාර්තමේන්තුව හරහා ලබා නොගන්නේ මන්ද යන්නයි.
එමෙන්ම සුමල් පෙරේරා පවසන පරිදි ජපන් ණය ලබාදුන් ආයතනය මෙම ක්‍රියාවලිය සඳහා සිය සහය දැක්වූ බවයි.

දැන් අපට සිතීමට ඇත්තේ වර්තමාන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා වන, එවකට ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා වූ අමල් වික්‍රමතුංග මහතා මේ Access සමාගමේ රු. මිලියන 133කා ලාභ සීමාව ගැනත්, ආනයනය සඳහා පමණක් අය කරගත් රු. මිලියන 50කට අධික අතිරේක රේගු බද්ද ගැනත් සිහිනෙන්වත් නොදන්නා කෙනෙක් බවයි.

04. එවකට ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස සිටි ඒ. එච්. එම්. ෆවුසි මහතා විසින් වාහන අංක තහඩු නිෂ්පාදනයේ ඒකාධිකාරය ලබාදී ඇත්තේද, Access සමුහයට අනුබද්ධ UTSCH යන සමාගම වෙතයි. අන්තර්ජාතික ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කල බවට රාජපක්ෂ රජය කෙතරම් තහවුරු කිරීමට උත්සහා කලද, සුප්‍රසිද්ධ රහසක් වන්නේ එම ටෙන්ඩර් කොන්දේසි සැකසී තිබුනේ UTSCH වෙනුවෙන්ම බවයි.

එමෙන්ම සුමල් මහතා තවදුරටත් පවසා සිටින්නේ ජර්මානු ණය ලබාදෙන ආයතනයද මෙයට සහය දැක්වූ බවයි. මෙහිදී වටහාගත යුත්තේ විදෙස් තරඟකරුවන් හෝ ආයතනයන් සැමවිටම Access ආයතනයට සහය ලබා දෙන බවද? එසේත් නැත්නම් මෙය කොන්ත්‍රාත්තු ලබාදීමේ අපේ රටේ සම්ප්‍රදාය බවට පත්ව ඇති බවද?

05. සුමල් පෙරේරා මහතාට අයත් Access ආයතනය සද්භාවය පෙරදැරිව යැයි සැලකිය හැකි පරිද්දෙන්, ලොව සුප්‍රසිද්ධ ඖෂධ වෙළඳ නාම 30කත ආසන්න සංඛ්‍යාවක් සමග ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුව ඖෂධ සපයන්නා ලෙස කටයුතු කරයි. 

• General Electric (GE) Diagnostic Imaging (DI) portfolio - USA
• TEVA Pharmaceuticals - Israel, 
• TriLux - Germany
• Matachana (CSSD) - Spain
• AGFA (Radiology) – Belgium
• CANON (Subsidiary OPTOTEK – Ophthalmic) – Slovenia
• Smith & Nephew (Subsidiary ADLER– Orthopaedic) – India
• OPHTEC (Ophthalmology) – Netherlands
• Samsung Electronics Healthcare (LabGeo) – Korea


06. නම් ‘එක් රැයක’ සමාගමක් අරඹමින් කුප්‍රකට බැසිල් රාජපක්ෂ හිටපු අම්ත්යවරයට සහය දක්වන්නේ ‘කළ දුටු කල වළ ඉහගන්නා’ න්‍යායෙනි. මෙම රජයේ කොන්ත්‍රාත්තුව ලබන්නේ ඕස්ට්‍රේලියාවේ, වෙලර්ඩ් සමූහයෙන් කිරි දෙනුන් 22,500ක් USD මිලියන 100කත ආනයනය කිරීමටයි. 

ශ්‍රී ලංකාව තුළ රු. 50,000 බැගින් කිරි දෙනුන් මිලට ගත හැකිව තිබියදී, රු. 3,600,000 බැගින් මෙලෙස දෙනු ආනයනය ඔවුන් සාධාරණීකරණය කරන්නේ ආනයනික දෙනුන් සිය ඵලදායි ජීව කාලය තුළ අතිරේක කිරි ලීටර 40,000ක් පමණ නිෂ්පාදනය කරන බව දක්වමිනි.

07. ‘යහපාලන’ විගණනයක් සිදු කලද විශාල වශයෙන් වෙනස් වෙතයි අපේක්ෂා නොකරන, මාර්ග සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් Access සමූහය විසින් ඉටු කර ඇත. ඒවායේ සමස්ත මුල්‍ය වටිනාකම රු. 30,000,000,000 කට වැඩිවන අතර සැකෙවින් සමහරක් පහත පරිදි වේ.

- කඩවත සිට නිට්ටඹුව දක්වා මාර්ගය ‘ප්‍රතිසංස්කරණය හා අලුත්වැඩියාව’ රු. 7,000,000,000
- යාපනය - පොන්නලි - පේදුරුතුඩුව දක්වා කි.මි. 1.5ක් දක්වා වන හිටපු ජනපතිවරයා ඉදිකළ බංගලාව ඉදිරිපිටින් දිවෙන මාර්ගය ‘පුළුල් කිරීම හා අලුත්වැඩියාව’ රු. 477,000,000
- මන්නාරම පුත්තලම මාර්ගය ‘ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය’ රු. 1,214,000,000 
- බංගදෙනිය - ආනමඩුව මාර්ගය ‘සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය’ රි. 2,571,000,000 
- ඉබ්බාගමුව - කුඹුක්ගැටේ - මඩගල්ල මාර්ගය ‘සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය’ රු. 2,861,800,000 
- A32 මාර්ගයේ කි.මි. 21ක් ‘ වැඩි දියුණු කිරීම’ සහ නාවට්කුලි - කරයිතිව් - මන්නාරම දක්වා වන කි.මි. 67ක මාර්ගය ‘සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය’ රු. 1,012,600,000  
- ගලගෙදර සිට රඹුක්කන දක්වා වන කි.මි. 18.5කා මාර්ගය ‘ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය’ - රු. 1,250,000,000
- අඹේපුස්ස සිට කුරුණෑගල සහ ත්‍රිකුණාමලය - කන්තලේ - පෙරාතුවේලි මාර්ග ‘සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය’ - රු. 864,700,000
- යාපනය-කන්කසන්තුරෙයි මාර්ගය, පුත්තුර්-මීසාලෙයි මාර්ගය සහ යාපනය-පලාලි මාර්ගය ‘ප්‍රතිසංස්කරණය සහ වැඩිදියුණුව’ - රු. 3,662,000,000
- කටුනායක සහ බියගම වෙළඳ කලාප තුළ අභ්‍යන්තර මාර්ග මතුපිට වැඩිදියුණු කිරීම් - රු. 360,000,000
- පාදෙණිය-අනුරාධපුර මාර්ගය වැඩිදියුණු කිරීම - රු. 577,500,000
- AFD ව්‍යාපෘතිය රු. 1,400,000,000
- 2012 දැයට කිරුල සඳහා උතුරු මැද මාර්ග සංවර්ධනය රු. 853,500,000
- හම්බන්තොට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රවේශ මාර්ගය රු. 206,000,000
- කිලිනොච්චි මාර්ග 6ක් සංවර්ධනය සඳහා රු. 134,500,000
- මීගමුව-මීරිගම මාර්ගයේ කි.මි. 10ක් දක්වා පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම රු. 141,282,000
- මීගමුව-මීරිගම මාර්ගය වැඩිදියුණු කිරීම - රු. 143,415,000
- බඩල්කුඹුර-බුත්තල-සෙල්ලකතරගම මාර්ගය වැඩිදියුණු කිරීම - රු. 141,800,000
- දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - රු. 900,000,000
- මැදවච්චිය-මන්නාරම-තලෙයිමන්නාරම මාර්ගය වැඩිදියුණු කිරීම - රු. 533,000,000
- කඩවත නගරයේ සිට කොළඹ-මහනුවර මාර්ගය පුළුල් කිරීම - රු. 357,400,000
- මාලඹේ-කඩුවෙල මාර්ගය වැඩිදියුණු කිරීම - රු. 306,000,000
- සමන්තුරෙයි දීගවාපි මාර්ගය රු. 167,000,000
- දෙහිවල-මහරගම මාර්ගය පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම රු. 106,700,000
- A9 මාර්ගය ප්‍රතිසංස්කරණය රු. 170,000,000

08.  එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක වුනු රජයේ කොන්ත්‍රාත්තු රැසකටද Access සමූහ ව්‍යාපාරය සම්මාදම් වී ඇත.

- ජල සම්පාදන ව්‍යාපෘති රු. 12,000,000,000
- ගුවන් පාලම් සහ පාලම් රු. 7,000,000
- වාරිමාර්ග සහ අපජලාපවහන ව්‍යාපෘති රු. 2,000,000,000
- වරාය හා සාගර ව්‍යාපෘති රු. 2,000,000,000
- කසල කළමනාකරණය රු. 500,000,000
- විවිධ ඉදිකිරීම් සඳහා රු. 13,000,000,000
- හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදු කටයුතු සඳහා රු. 700,000,000

රාජ්‍ය ව්‍යාපෘති හා සම්බන්ධ ධනය සිය පෞද්ගලික ප්‍රයෝජනයට රැස් කරගත් බවට ඔහුට චෝදනා එල්ල කල හැකි බවක් පවතී. නමුත් සුමල් පෙරේරා වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙසත්, දක්ෂ ශූර ව්‍යාපාරිකයෙකු ලෙසත් ඔහු පිය නැගු ‘කවර පාරක වුවත් සටහන් මකා දැමීමට වැරදීමකින් හෝ අමතක වූ බව සිතිය නොහැක.

මෙම සමාගම් ජාලයේ සමහර ව්‍යාපාර ලැයිස්තුගත සමාගම් ලෙස ලියාපදිංචි කර ඇත්තේද මෙම මාර්ග වැසීමට විය හැක. 

බිලියන 100කට අධික රජයේ කොන්ත්‍රාත්තු සිය අනසක යටතේ පවත්වාගෙන යන්නේ වුවද, භක්තිමත් ක්‍රිස්තු බැතිමතෙක් වන හෙතෙම අවබෝධ කර ගත යුතු වන්නේ වංචාව හා දුෂණය සාමාන්‍ය ජනතාවට බඩේ පහරක් වන බවත්, එමගින් ජනතාව සිය විශ්වාසය නැති කරගන්නා බවත්ය. එමෙන්ම එය විවිධ අපරාධ ක්‍රියා සඳහාද රුකුල් දීමක් වන අතර සමහර විටෙක ‘කොලොන්නාව රාජකීය කුඩු සැපයුම්කරුවෙක්’ සමග පවතින සම්බන්ධතාවයද මෙහිම තවත් එක සහතික කිරීමක් වනවා ඇත.

Access සමාගම සිය නියෝජිතයන් රාජ්‍ය කමිටු වලට, ටෙන්ඩර් කමිටුවලට රිංගමින් සිය අවශ්‍යතාවයන්ට රිසි පරිදි නිර්දේශ සකසා ගැනීමට කටයුතු කල බව ප්‍රසිද්ධ රහසකි. මුද්‍රිත කොළ කැබැල්ලට වඩා මෙම නිර්දේශ පත්‍රිකාවල වටිනාකමක් නොමැති බව දැන් ඔප්පුවන්නකි.

මේ සියල්ලට වඩා වැදගත් වන්නේ රූගත සම්මුඛ සාකච්ඡාව අවසානයේ සුමල් පෙරේරා මහතා කරන ප්‍රකාශයයි. එනම්, “පසුගිය අවුරුදු 20ටම වඩා ගතවූ අවසන් වසර 5 තුළ සිය සමාගම අසීමාන්තික දියුණුවක් ලැබූ බවය.” ස්තුති කල යුත්තේ එම ප්‍රකාශයටයි. මන්ද ඒ පිළිබඳව මෙම ලිපිය අවසානයේ අපටද කිසි ගැටළුවක් ඇති නොවන බැවිනි. 

සටහන : Fazl Muhammed Nizar


38,995 Viewers

No comments