Header Ads

test

කොට්ඨාස 65කට දැඩි ආරක්ෂාවක්


මැතිවරණ කොමිසම සහ ආරක්ෂක අංශ විසින් විශේෂයෙන් හඳුනාගත් මැතිවරණ බල ප්‍රදේශ 65ක් සඳහා විශේෂ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායේ (STF) සෙබළුන් ලබාදීමට තීරණය කර ඇත.
එම ප්‍රදේශ තුළ ගැටුම් ඇතිවෙතැයි මැතිවරණ කොමිසමටත් ආරක්ෂක අංශවලත් තොරතුරු ලැබී ඇති නිසා මෙලෙස විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
සමස්ත ඡන්ද රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65758ක සංඛ්‍යාවක්ද යෙදවීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා දේශයට පැවැසීය.
ඉන් ඡන්ද මධ්‍යස්ථාන 13420 සඳහා පොලිස් නිලධාරීන් 26840ක සංඛ්‍යාවක් යොදවන බවද ඔහු කීය. එසේම මුර සංචාර 3225ක් යොදවා ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අවශ්‍ය ස්ථානවලට යුදහමුදාව කැඳවීමටද සැලසුමක් ඇතිබවද වාර්තාවෙයි.

17,134 Viewers

No comments